IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


විරෝධයට පෙර කම්හල වහයි

කටුනායක ඇගළුම් කම්හළක අදත්(09) දොළොස් දෙනකු ආහාර විස වීමකින් මීගමු රෝහලට ඇතුළු කළ බවත් සේවක උද්ඝෝෂණ පටන් ගැනීමට යද්දි දින නියමයක් නැතිව කම්හල වසා දැමු බවත් සේවකයෝ  කියති.

ගිය සතියේ මේ කම්හලෙන් ආහාර විස වී 90 ක් රෝහල් ගත කළ අතර තංගල්ලේ කතක මිය ගියාය. ඇගේ මළගම අද (09) සිදු කිරීමට නියමිතය.

ඇයට වන්දියක්ද  තුවාල වු සේවකයින්ට වැටුප් සහිත නිවාඩුද සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ද ලබා දෙන ලෙස ඉල්ලා  ඔවුහු උද්ඝෝෂණය කිරීමට සැලැසුම් කළහ.

මෙහි සේවකයෝ 2500 ක් පමණ සේවය කරති.



අදහස් (0)

විරෝධයට පෙර කම්හල වහයි

චාමික Tuesday, 09 September 2014 08:55 AM

කෑම සපයන්න කොන්තරාත් ගත්ත මිනිස්සුන්ගේ වරද සේවකයන්ට අදාල නැහැනේ. කොන්ත්‍රාත්කරු සමග ගනුදෙනුව තිබෙන්නේ සමාගමට. සේවකයෝ කොන්ත්‍රාත් කරුගෙන් වන්දි ඉල්ලලා වැඩක් නැහැනේ. ඔවුන්ට කෑම ලබා දුන්නේ සමාගමේ සේවය කරන අවස්ථවේදී සමාගමේ මැදිහත් වීම මගින් නිසා සමාගම ඒ ලබාදෙන කෑම ගැන වගකියන්න ඕනේ. සමාගමට ඕනේ නම් කොන්තරත් කරු එක්ක නීති මාර්ගයට යන්න පුළුවන්. (නදී)

:       0       0

මොහාන් Tuesday, 09 September 2014 08:58 AM

කම්හල වසා දමන තත්වයට වර්ජන කරන්න එපා පවුල් 250 අනතුරේ (නදී)

:       0       0

සම්පත් Tuesday, 09 September 2014 06:28 PM

සත්‍ය නොදකින සත්‍යපාල සහ හේවාවිතාරණ හොද සිහියෙන්ද ඔය කතා කරන්නේ. මේ ආයතනය කීර්තිමත් යුරෝපීය සමාගමක්. දශක ගණනාවක් තිස්සේ රටට විදේශ විනිමය ගෙනාවා, දහස් ගානකට රස්සා දුන්නා. සුපුරුදු විදියටම දැන් උද්ඝෝෂණය කරලා කම්හල වහල දාන්න සැලැසුම් කරනවා. අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ අර පැත්තෙන් බංගලිදේශය, වියට්නාමය අපෙන් ගැලවෙන මේ වගේ යෝජකයන්ව ඉඹල පිළිගන්න බලන් ඉන්න විත්තිය. නිකන් බොරු කම්කරු ටෝක් දානවා. (ස)

:       0       0

කේෂාන් Tuesday, 09 September 2014 09:52 AM

චාමික හරි. සේවකයන් පිළිබද වගකීම ඇත්තේ සමාගමට. කොහොම උනත් සට්‍රයික් කරන එකවත් වහන එකවත් අනුමත කරන්න බෑ. මේ හදන්නේ නැති ප්‍රශ්ණ ඇතිකරන්න වගේම ප්‍රශ්ණෙන් පැනලා යන්න. (නදී)

:       0       0

පද්මිණි Tuesday, 09 September 2014 11:38 AM

මියගිය කතට වෙනත් රෝග තිබුනා කියා වෙන අතකට හරවන්න බලන්න බැරි නැහැ. මේක ලංකාවනේ. චාමික හරි. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 10 September 2014 03:35 AM

මේක වහලා දැම්මම අර 2500ට රස්සා දෙන්නෙ කවුද? (නි)

:       0       0

සමන් Wednesday, 10 September 2014 04:21 AM

සම්පත් හරියට හරි (නි)

:       0       0

ජනක Tuesday, 09 September 2014 12:38 PM

සිද්ධවුණ වැඩේ හරි නැහැ තමයි. නමුත් දැන් කම්හල වැහුවාම හැමදාම කන්න නැතුව නේද ඉන්න වෙන්නේ? කම්හලට පුළුවන් ආහාර සැපයුම්කරු ගැන නීතිමය පියවරක් ගන්න. රස්සාව නැති වුණාම අද කාලයේ මොකක්ද කරන්නේ? කවුරුත් දුරදිග කල්පනා කරන එක හොඳයි. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 09 September 2014 06:45 AM

කෝටි ගණන් හොයනවා, හැබැයි වැඩකරන සේවකයන්ට පිරිසිදු කෑම වේලක් දෙන්න බැරිනම් වහලාදාන එක තමයි හොද (නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 September 2014 07:06 AM

ශ්‍රමය සුරා කාල කම්හල වසා දමන එකද හාම්පුතුන්ගේ හපන්කම (නදී)

:       0       0

සෑම් Tuesday, 09 September 2014 07:12 AM

මේකට මේ කොම්පැනිය පලි නැහැ. කෑම සපයන්න කොන්තරාත් ගත්ත මිනිස්සුන්ගේ වරද. ඔය ස්ට්‍රයික් කරන්න සේවකයන්ව උසි ගන්වලා අන්තිමට හානි කරගන්නේ තමන්ටමයි. (නදී)

:       0       0

මංජු ශ්‍රී Thursday, 11 September 2014 07:22 AM

කෑමට යන වියදම පඩියට එකතු කරලා සේවකයන්ටම කෑම සපයා ගන්න කිව්වා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 2 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 30 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 146 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 843 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 454 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 854 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1332 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1565 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 407 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site