කටුනායක ඇගළුම් කම්හළක අදත්(09) දොළොස් දෙනකු ආහාර විස වීමකින් මීගමු රෝහලට ඇතුළු කළ බවත් සේවක උද්ඝෝෂණ පටන් ගැනීමට යද්දි දින නියමයක් නැතිව කම්හල වසා දැමු බවත් සේවකයෝ කියති.
ගිය සතියේ මේ කම්හලෙන් ආහාර විස වී 90 ක් රෝහල් ගත කළ අතර තංගල්ලේ කතක මිය ගියාය. ඇගේ මළගම අද (09) සිදු කිරීමට නියමිතය.
ඇයට වන්දියක්ද තුවාල වු සේවකයින්ට වැටුප් සහිත නිවාඩුද සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ද ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු උද්ඝෝෂණය කිරීමට සැලැසුම් කළහ.
මෙහි සේවකයෝ 2500 ක් පමණ සේවය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම සපයන්න කොන්තරාත් ගත්ත මිනිස්සුන්ගේ වරද සේවකයන්ට අදාල නැහැනේ. කොන්ත්‍රාත්කරු සමග ගනුදෙනුව තිබෙන්නේ සමාගමට. සේවකයෝ කොන්ත්‍රාත් කරුගෙන් වන්දි ඉල්ලලා වැඩක් නැහැනේ. ඔවුන්ට කෑම ලබා දුන්නේ සමාගමේ සේවය කරන අවස්ථවේදී සමාගමේ මැදිහත් වීම මගින් නිසා සමාගම ඒ ලබාදෙන කෑම ගැන වගකියන්න ඕනේ. සමාගමට ඕනේ නම් කොන්තරත් කරු එක්ක නීති මාර්ගයට යන්න පුළුවන්. (නදී)
කම්හල වසා දමන තත්වයට වර්ජන කරන්න එපා පවුල් 250 අනතුරේ (නදී)
සත්‍ය නොදකින සත්‍යපාල සහ හේවාවිතාරණ හොද සිහියෙන්ද ඔය කතා කරන්නේ. මේ ආයතනය කීර්තිමත් යුරෝපීය සමාගමක්. දශක ගණනාවක් තිස්සේ රටට විදේශ විනිමය ගෙනාවා, දහස් ගානකට රස්සා දුන්නා. සුපුරුදු විදියටම දැන් උද්ඝෝෂණය කරලා කම්හල වහල දාන්න සැලැසුම් කරනවා. අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ අර පැත්තෙන් බංගලිදේශය, වියට්නාමය අපෙන් ගැලවෙන මේ වගේ යෝජකයන්ව ඉඹල පිළිගන්න බලන් ඉන්න විත්තිය. නිකන් බොරු කම්කරු ටෝක් දානවා. (ස)
චාමික හරි. සේවකයන් පිළිබද වගකීම ඇත්තේ සමාගමට. කොහොම උනත් සට්‍රයික් කරන එකවත් වහන එකවත් අනුමත කරන්න බෑ. මේ හදන්නේ නැති ප්‍රශ්ණ ඇතිකරන්න වගේම ප්‍රශ්ණෙන් පැනලා යන්න. (නදී)
මියගිය කතට වෙනත් රෝග තිබුනා කියා වෙන අතකට හරවන්න බලන්න බැරි නැහැ. මේක ලංකාවනේ. චාමික හරි. (නි)
මේක වහලා දැම්මම අර 2500ට රස්සා දෙන්නෙ කවුද? (නි)
සම්පත් හරියට හරි (නි)
සිද්ධවුණ වැඩේ හරි නැහැ තමයි. නමුත් දැන් කම්හල වැහුවාම හැමදාම කන්න නැතුව නේද ඉන්න වෙන්නේ? කම්හලට පුළුවන් ආහාර සැපයුම්කරු ගැන නීතිමය පියවරක් ගන්න. රස්සාව නැති වුණාම අද කාලයේ මොකක්ද කරන්නේ? කවුරුත් දුරදිග කල්පනා කරන එක හොඳයි. (නි)
කෝටි ගණන් හොයනවා, හැබැයි වැඩකරන සේවකයන්ට පිරිසිදු කෑම වේලක් දෙන්න බැරිනම් වහලාදාන එක තමයි හොද (නදී)
ශ්‍රමය සුරා කාල කම්හල වසා දමන එකද හාම්පුතුන්ගේ හපන්කම (නදී)
මේකට මේ කොම්පැනිය පලි නැහැ. කෑම සපයන්න කොන්තරාත් ගත්ත මිනිස්සුන්ගේ වරද. ඔය ස්ට්‍රයික් කරන්න සේවකයන්ව උසි ගන්වලා අන්තිමට හානි කරගන්නේ තමන්ටමයි. (නදී)
කෑමට යන වියදම පඩියට එකතු කරලා සේවකයන්ටම කෑම සපයා ගන්න කිව්වා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (නදී)