දණ්ඩ නීති සංග්‍රහයට හා අපරාධ නීති සංග්‍රහයට එක්කිරීමට යන සංශෝධන ලබන ජනවාරි 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ඇමැති හා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) ප්‍රකාශ කළේය.
විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්, සිවිල් සංවිධාන හා වෙනත් පාර්ශව රැසක් මෙම සංශෝධනයට විරුද්ධ බවත් එහෙයින් එය ඉදිරිපත් නොකළ යුතු බවත් ගුණවර්ධන මහතා කීවේය. එම සංශෝධන එදිනට ඉදිරිපත් නොකරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක් කරන බවත් කිරිඇල්ල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නිදහස සහ ස්වෛරී භාවය වෙනුවෙන් අනුපමේය කැප කිරීම් කළ සිංහල බෞද්ධ ජනතාව මත ගොඩ නැගෙමින් පවතින පීඩනය ත්‍රිව කිරීම අරමුණු කරගත් මේ සංශෝධනය කාගේ වුවමනාවට ගෙන එන්නක්ද යන්න ඉතා පැහැදිලිය.(ම)