ලොරියක් හා ගිලන් රියක් හැපී පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රිය සාහයකයකු මරණයට පත්වීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් සඳුන්ගහවත්ත මහතා පැවසූ බවත්, ඒ අනුව දෙපැයක් පුරා පවත්වාගෙන ගිය උද්ඝෝෂණය අවසන් කළ නමුත් වර්ජනය අඟහරුවාදා උදේ අට දක්වා සිදු වන බවත් පුත්තලම රෝහල කියයි.
හදිසි ප්‍රතිකාර පමණක් සිදු කැරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකටම වර්ජන .මේක මහා විහිළුවක්. නිදහස වැඩි වෙලා තිබෙන්නේ. රෝහල් වර්ජනය කිරීම මහා අපරාධයක්. (හේ)
එක ප්‍රශ්නයක් විසදන්නේ තව ප්‍රශ්න ගොඩක් ඇති කරලයි .(හේ)
අපුරු දේවල් ලංකාවේ සිදුවන්නේ. රිය අනතුරකින් වන මරණ සහ අනතුරු ගැන පොලිසියත් උසාවියත් සාක්ෂි මත කටයුතු කර තීන්දු දෙනවා හැර මෙහෙම උද්ගෝෂණ කරලා විරෝධතා කරලා වර්ජන කරලා තීන්දු ගැනීම වැරදියි. සමහරවිට මෙම ගිලන් රියේ රියදුරු නින්ද යාම නිසා හෝ වෙනත් කරුණක් මත මෙම අනතුර සිදුවෙලා නම් (නදී)
මේක හරිම විහිළුවක්, මට හිතාගන්න බැහැ මේ වර්ජනයෙන් වෙන සෙත මොකද්ද කියලා (නදී)
ඒ මරණය සාධාරණීකරනය කරනවා නෙමෙයි. ඒත් මෙයාලා කරන මේ වැඩ නිසා ලෙඩුන් කීදෙනෙක් මරණයට පත්වෙනවා ඇද්ද? (නි)
නීතිය ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද කව්රුත් මිනිස්සු නිසා. එත් හැම එකටම ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන්නේ නැතිව මිනිස්සු නීති ගරුක වෙනවා නම් නේද හොඳ? (අ)
ඒ කියන්නේඋද්ඝෝෂණය නොකලා නම් "වෛද්‍යවරියක හා ගිලන් රිය සාහයකයකු මරණයට පත්වීම" සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නේ නැහැ කියන එකද?(හේ)
රටෙි නීතිය හරියට ක්‍රියාත්මක වේනම් මෙවැනි ප්‍රශ්න ඇති නොවේ. (හේ)
සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න නම් වර්ජනය කරන්න ඕනමද? වර්ජනය නොකලොත් සාධාරණ පරීක්ෂණය කෙරෙන්නේ නැද්ද? අනික් අතට, පරීක්ෂණයක් පවත්වන්න කියල වර්ජනය කරලා රෝගීන් අමාරුවේ දැමීම හරිද? (නදී)