
(ඉන්දිකා රාමනායක)
රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ගෑස් මුහුණු ආවරණල කැරලි පලිහල ආරක්ෂක හිස් වැසුම් ල රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි ද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ මේ ක්‍රියාදාමය ප්‍රසිද්ධ කිරීම අසාධාරණ පාලනයට,බඩු මිල ඉහලයාම හා බදු බර වැඩිවීම ආදී දේට එරෙහිව නැඟී සිටිනා ජනතාවට ව්‍යංගයෙන් කර ඇති තර්ජනයක් බව පෙනේ.එසේම,ඒ සැලැස්ම කල්තියාම සියලු විස්තර සහිතව ප්‍රසිද්ධ කිරීම නිසා පොලීසියේ බුද්ධියේ ඇති හීනතාවක් ද ප්‍රදර්ශනය කෙරේ.ඒ මන්ද යත්,පුවතේ සඳහන් පොලිස් ස්ථානවල එම බඩු මුට්ටු නොමැති බව දැනගත් විට උද්ඝෝෂණ කරුවන් හට එම ස්ථානවල සිත්සේ තම කාරිය කරගැනීමට හැකිය.ඒ ගැන නොසිතා එය ප්‍රසිද්ධ කිරීම පොලිස් බුද්ධියේ අඩුපාඩුවක් බව නොකියා නොහැක්කේය.
ඉස්පිරිතාලෙ පණ අදින ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් හොයාගන්න තමයි බැරි.
බඩු ටික කොලඹට එව්වට පස්සෙ .....විරෝතා ව්‍යාපරය ඔය පලාත්වල කරන්න පහසු වේ එ පලාත්වල බඩු නති නිසා!!!!
හරියට ටෙම් & ජෙරී කාටූන් එක වගෙයි.
කාලකන්නි වැඩ වර්ජන රැල්ල අයෙ ආවා. මේවා බැරිම තැන තමයි 71 සහ 89 භීෂණය ඇති වුණේ
ඊට කලින් මෙ රටෙ පාතාලය මත් වෙලදාම මර්ඩනය කරපල්ල. රටෙ නීතියක් නෑ. හැම නම පොලිසි. එත් අවනීතිය රජ වෙලා.
ප්රජතන්ත්රවාදයට නව අර්ත කථනයක් දෙන්න වගෙයි.
රනිල් වගේ පරාජිත මිනිහෙක් යටතේ මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
පොලීසිය සහ හමුදාව අනිත් පැත්තට හැරෙන දවස වැඩි ඈතක් නෑ..