භික්ෂූන්වාහන්සේලාගේ විරෝධතාවක් නිසා කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලු පාරට පිවිසෙන මාර්ගය වසා දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අවට පොලිසි රැසක නිලධාරීන් කොල්ලුපිටියට කැඳවා ඇත.
භික්ෂූන්වාහන්සේලාගේ විරෝධතාවක් නිසා කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලු පාරට පිවිසෙන මාර්ගය වසා දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අවට පොලිසි රැසක නිලධාරීන් කොල්ලුපිටියට කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් භික්ෂුන්වහන්සේ සහ අන්තගාමී කණ්ඩායම් මේරටින් බුදුදහම ක්‍රමානුකුලව අතුගා දැමීමේ කුමන්ත්‍රණයක මුල් අඩිතාලම සකසමින් සිටිති.(අ)
මෙහෙම විරෝධතා කරන එක වැරදියි (නි)
හරක් මස් කන්න එපා නම් නොකා ඉන්න , මස් කඩ ටික ඉබේම වැහිලා යාවි , මස් කන්න ඕනේ අයට කඩ කීපයක් ඉතුරුවේවි , එතන කිසි වැරද්දක් තියෙනවද ? මිනිස්සු මෙතරම් අන්තවාදී වෙලා තියෙන්නේ මොකද ?(නදී)
නීල්, ඔබ 100% ඇත්ත කිව්වේ (නි)
ගිහියන් මෙන්ම හාමුදුරුවරුනුත් ගව මස් කෑමෙන් වැළකිය යුතුයි. සියළු දෙනා මේ ක්‍රමය අනුගමනය කළහොත් ඉදිරි අනාගතයේ දිනක සියළු ගව මස් කඩ වැසි යාවි (නි)
දැන් සමහර මිනිස්සු කරන දේවල් දැක්කම සතුන්ටත් අන්තය කියලා හිතෙනවා. (නි)
මට පෙනෙන විදියට අපේ නිර්මල බුදුදහම අන්තවාදී කොටසක් වැරදී විදියට පාවිච්චි කරනවා. මෙයින් සිදු වන්නේ උගත් පිරිස් වෙන්වී යාමයි. මේ විදියට ගියාම තලේබන්වරු සහ අපේ මේ අන්තවාදී භික්ෂුන් අතර වෙනසක් නැහැ (නි)
මිනියක් බෙදාගන්න මරාගන්න හදන සිංහලයාගේ බුද්ධාගම් හිමිවරුන්ව සමාදාන කරන්න ඩී.අයි.ජී. මහත්තයෙක් එන්න ඕනෑ නම් ...?? (නි)
දැනටමත් ෂියා සහ සුන්නි මුස්ලිම් ගැටුම් මගින් මුස්ලිම්වරුන් සංහාරය ඇතිකළ අයම බුද්ධාගමටත් ඒ දෙයම කරන්නට අඩිතාලම දමා ඇති බවට ලකුණු පෙනේ. බොහෝ පිරිසක් අවි අතට ගන්නට පවා සැරසෙන්නට ඉඩ ඇති බව සිතේ. වෙනත් ආගම් වලට පෙර අන්තගාමී නොවන බෞද්ධයන් විනාශ කල යුතුයි කියා ලගදීම ඇසුනොත් පුදුම නොවෙමි. බුද්ධාගම මා කිසි දිනෙකත් නොසිතු අන්තයකට ගෙනයමින් තිබේ. අනේ අපේ රට ජාතිය සහ බුදුදහමින් පෝෂණය වුන සංස්කෘත්යට වෙන විනාශය. මට මහා බයක් දැනේ. (නි)
මිනිසුන් තුල ඇති බුදුදහම පලුදු කරනවා මේ සිදුවීමෙන් (නි)
නීල් කියන්නෙත් අසාධාරණය හමුවේ සිංහල බෞද්ධයන්ගේ පිබිදීම දරාගෙන ඉන්න බැරි කෙනෙක්ද කොහේද? (නි)
නීල්, කියන්න බලන්න කොහොමද එහෙම වෙන්නේ කියලා. ඔයාටත් අසාධාරනය හමුවේ සිංහල බෞද්ධයන්ගේ නැගිටීම දරාගෙන ඉන්න බැරි කමද? (නදී)
කරුණාකර මුස්ලිම් කඩ ටික රැකදෙන්න. උද්යෝගය වැඩි වුනොත් ගල් පහරවල් එල්ල වීමට පුලුවන් (නි)
හරිම දුකයි ලංකාව ගැන. රට අන්තවාදී වෙලා (නි)
එතකොට හාල්මැස්සන්ට ජීවත්වීමේ අයිතිය නැද්ද? කුකුලන්ට නැද්ද? හරක්ට විතරද තියෙන්නේ? දිවි නසාගත් හාමුදුරුවන්ගේ මිනිය විකුණලා මෙහෙම සංදර්ශන කරනවාට අපි විරුද්ධයි (නි)
නීල් කුමන්ත්‍රණ සේරම පටන්ගන්නේ පන්සල් අතුගලා අසපු හදලා, දේශපාලනයට එන්න පටන්ගෙන මාලිගා හදපු කට්ටිය නිසා කියලයි මම හිතන්නේ. (නදී)
බුදු හාමුදුරුවෝ කියලා දුන් බෞද්ධාගමක් දැන් ලංකාවේ නැහැ. හාමුදුරුවරුත් කල්ලි බෙදිලා. මෙච්චර කල් නොදුටු දේවල් දැන් සිදුවන්නේ (නි)
සුද්දගෙ ක්‍රමය තමයි සත්තු ටික කොහෙට හරි කොටු කොරලා ගෙයක් හදා දී වටේ සත්තු ටික මරලා ඒ ඇත්තො අන් සත්වයින්ගෙන් තොරව වාසය කිරීම. නමුත් හෙළයෝ එහෙම නෙමෙයි. අලි වැටවල් එදා තිබ්බෙ නැහැ. අදට වඩා අලි එදා හිටියා. හෙළ විදිහට තමයි අපි තවත් එක සතෙක් විතරයි. අනිත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. එයයි අපේ හාමුදුරුවරු අවධාරණය කොර සිටින්නෙ. මුග්ද මිනිස්සුන්ට මේක නොතේරේ.(නදී)
සත්ව ඝතනය ඇතුළු සියළුම ඝාතන තුරන් වේවා. එයයි භික්ෂූන්ගේ පැතුම.(නදී)
මුළු මහත් ලෝකයම හිනස්සන වැඩ. බුදුහාමුදුරුවන් මේ දේවල්ද කළේ? මේ දේවල්ද කරන්න කිවුවේ? මග හොඳට තියේනම් - යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ - මං මුලාවූ එකෙකු සේ (නි)
බුදුහාමුදුරුවෝ කවදාවත් කියල නැහැ සිය දිවි නසාගන්න , පාරවල් වසාදමන්න කියලා. මේ වැඩ නිසා වෙන්නේ බුදුදහම හැල්ලුවට ලක් වෙන එකයි. මොවුන්ට විරුද්ධව නීති මගින් තදින් ක්‍රියා කළ යුතුයි. මේ ගොල්ලෝ රටට ජාතියට වන පාඩුව ගැන හිතන්නේ නැහැ (නි)
මේහේ ඉන්න කොටි හිතවාදීන් උත්සාහ කරන්නේ බෞද්ධයන් තලේබාන් සංවිධානය වැනි මරාගෙන මැරෙන අන්තවාදී පිරිසක් බවට ලෝකයට පෙන්නුම් කරන්න. මේ වැනි විකාර වැඩ නිසා සිද්ධ වෙන්නේ කොටින්ට වාසි ලැබීමයි. (නි)
මෙහෙමත් උද්ගෝෂණ තියෙන රටක් මම දැකලා නැහැ
ප්‍රශ්නේ හාමුදුරුවොත් කුකුල් මස්,මාලු,කරවල වලදනවනේ. (නි)
කුකුලට විරුද්ධව කවුරුත් කෑ ගහන්නේ නැද්දෝ?? කුකුලට විතරක් ඇයි මේ කෙනහිලිකම්. (නි)
භික්ෂුන්ම තමා දානයකට මස් බෝජන ඉල්ලන්නේ. සමහර භික්ෂුන් දානයකට බණකට ආරාධනා කළහම අහනවා තියෙන කෑම බීම. සමහරු ඉල්ලනවා එයාලා කියන තැනින් ශබ්ද විකාශන ගෙනෙන්න. සියල්ලටම කලින් ලොකු දිග වට්ටෝරුවක් සහිත නමක් දෙනවා වරුවක් කියවන්න. මේ ඔක්කොම මනස්ගාත. විකල්පය මස් නොකා සිටීම. අනුන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෑ (නි)
ශාසනයට නින්දා කරලා අපාගත වෙන්න හදන්නේ ඇයි? මහමෙව්නාව අසපු වලින් පිරිසිදු බුදු වදන් අපට ලැබෙනවා. ඒවා අහන්න එතකොට හරි මග තේරේවි. අද පැරණි විහාර විනාශ කරනවා. උතුරේ ඒවා දැන් ඉවරයි. නැගෙනහිර ක්‍රමානුකූලව විනාශ කරගෙන යනවා. මිනිස්සු විහිලු කර කර ඉන්නේ නැතුව මොනවා හරි කරලා ඒවා රැකගන්න (නි)
ගමනේ යා! (නි)
මිනිස්සුන්ට විරෝදය පාන්න බැරිද අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවන පරිදි
බුදුන් කවදාවත් සුද්ධෝදන රජ තුමාගෙන් ඉල්ලුවාද බුද්ධ වචනය අනුගමන නොකරන අයට විරුද්දව නීතිදාලා ඒ අයට බලෙන් බුද්ධාගම අදහවන්න? ලංකාවේ වැඩි පිරිසක් (භික්ෂුන් ඇතුළුව) උපතින් බෞද්ධයෝ උනාට පිළිපැදීමෙන් බෞද්ධයන් නොවෙන බව රහසක් නොවේ.(නදී)
ඔවුන් හඬ නගන්නේ මිනිසුන්ට වගේම අනෙකුත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබාදීමටයි(අ)....
අපි මොනවා කරන්නද