මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කිරීම හා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළිගත් ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙස යළි සිහි පත් කර ඇතැයි පාර්ලිමේන්තුව අද උදේ රැස්වූ අවස්ථාවේ කතා නායක චමල් රාජපක්ෂ මහතා සබාවට දැනුම් දුන්නේය.
19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය අද පටන් ගැනීමට නියමිතව තිබුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරු අද දෙවැනි දිනටත් කෑකෝ ගසන්නට වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසමට ගෙන්වන්නේ නම් පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවන් නොවන ලෙස ඔවුනට හැකි දිනයන් ලබාගෙන ගෙන්විය යුතු යැයි කතානායක කීවේය.
ඉන් පසු විමල් වීරවංශ මහතා නැගී සිට කතා කරන්නට පටන් ගත් පසු සබාව නොසන්සුන් විය.
වීරවංශ මහතා කතා කරන්නේ කුමන ස්ථාවර නියෝගයක් යටතේදැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රශ්න කළේය.
සබා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද අදාළ නොවන බවයි.
හිටපු ජනපතිට පක්ෂ මහා සංඝරත්නය ඇතුළු උද්ඝෝෂකයන් පාර්ලිමේන්තු මන්දිරිය දෙසට ගමන් කිරීම වැළැක්වීම සඳහා පොලිසිය මින් මද වේලාවකට පෙර මාර්ග බාධක දැමීය.
ඔවුහු පාර්ලිමේන්තුවට මීටර සියයක් පමණ සමීප වී සිටියහ.
විරෝධයට එක්වූ රාවණා බලයේ භික්ෂූහු පොලිසිය සමඟ උණුසුම් වචන හුවමාරුවකට එක්වූ නමුත් පොලිසිය ඉතා සංයමයෙන් ක්‍රියා කළ බව පෙනිනි.
පාර්ලිමනේතුව අසළ උද්ඝෝෂණ තහනම් කරමින් ගෙන ආ උසාවි නියෝගය පොලිසිය විරෝධතාකරුවන්ට පෙන්වූ නමුත් උද්ඝෝෂකයෝ එය නොතකා පොලිසිය සමඟ රණ්ඩු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට ඡන්දෙ දුන්න අපිට තමා ගහන්න ඔනේ !! (ස)
පොලිසිය ඉවසීමෙන් ක්‍රියා කිරීම ඉතාම වැදගත්. භික්ෂූන් වහන්සලාට අවශ්‍ය පහරදීමක් සිදු කර ගැනීමට බව පැහැදිලියි. (ස)
විශේෂයෙන් අර බන්දුල ගුනවර්ධන කියන නුගතා අල්ලාගෙන ගිහින් බේරේ වැවටම දාන්න,වතුර බිබීම ඉන්න. (ස)
ඇයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදන්නේ? (නි)
හැමෝටම පහර දුන්න නම් හරි (අ)
වෙලාව නාස්ති කරන හැටි විතරක්! (නි)
මෙයාලා ඉතින් කවදත් උසාවි නියෝග වලටත් උඩින් ගිය කට්ටියනේ! (නි)
මහා සංඝරත්නය මෙහෙමද හැසිරෙන්නේ? (නි)