විරෝධතා දක්වන්නවුන් විසිරවීමට සන්නද්ධ හමුදා යොදා ගැනීමේ නීත්‍යනුකූල තත්ත්වය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරයි.
පොලිසිය වෙනුවට ගැසට් නිවේදනයක් මගින් යුද නාවික හා ගුවන් හමුදා ඒ සදහා යොදා ගනිතියි නීතීඥ සංගමය කියයි.
මේ කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරාය.
එහි වාර්තාව දෙසතියකින් නීතීඥ සංගමයේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් හොයන්න දෙයක් නෑ..මෑරුවට පස්සෙ හොයල වෑඩකුත් නෑ ඉදිරියටත් ගුටි කන එක විතරයි අපට ඉතුරු වෙලා තියෙන්නෙ (දී)
අවශ්‍ය උනොත් කදවන්න බලය තියෙන්න ඕනේ .රටක හමුදාවක් තියෙන්න එකට තමා.පොලිසිය කරන්නේ ප්‍රථමික සාමය රැකීම පසුගිය කලේ දැක්කනේ පොලිසියට මිනිස්සු ගහන හැටි පොලිසිය වගේම හමුදාවත් ඉන්නේ අපේම අය.රටවල් ව්නස කරන්න හදන අයට ඕන විදිහට රටවල් පාලනය කරන්න බැහැ.
සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් වෙනවනම් මොන ක්‍රමයකින් හරි විරෝදතවය නවත්වන්න ඕනා.(නදී)
විරෝධතා කාරයෝ පාරේ ඉන්න හමුදා භටයින්ගේ සේවයට බාධා කළා කියලානේ කතාව හැදෙන්නේ! (දී)
සාමකාමීව විරෝධතා දක්වන්නන්ට වුනත් වෙඩි තැබීමට හැකි වන පරිදි නීති ගෙන ආ යුතුයි. අපේ ආන්ඩුවත් එක්ක සෙල්ලම් බෑ.(නදී)
මේ විරෝධතාවය පාලනය කිරීමට පොලිසියට බැරිඋනා කියල මම නම් හිතන්නේ නැහැ. පොලිසිය යොදවන්නේ නැතුව හමුදාව යොදවපු එකයි මෙතන ප්‍රශ්නය. බොහෝ රටවල මෙයට වඩා කැරලි කාර තත්ව වලදී වත් හමුදා යොදවන්නේ නැහැ. මීට වසර දෙකකට පෙර එංගලන්තේ කඩ සාප්පු ගිනි තබමින් ලන්ඩන් වල වෙච්ච කලබලේදී වත් හමුදාව යෙදෙව්වේ නැහැ. ටීවී වලින් මේවා බොහෝ දෙනෙක් දකින්න ඇති. (දී)
සාමකාමී විරෝධතා වලට විතරක් නෙමේ ගෙවල් වල ඉන්න පාරේයන ඕනෑම කෙනෙක් මරන්න පුළුවන් විධිහට නීති ගෙනවානම් තමා රටක් දියුණු කරලා ආශ්චර්ය පෙන්නන්න පුළුවන් වෙන්නේ. (දී)
බැරිද අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරන්න තමන් අකමැති කෙනෙක් නම් වරදක් නොකලත් ගෙදරට වෙලා ඉද්දි උනත් ගෙදරට පැනල මරන්න පුළුවන් කියලා.(නදී)
ඔය කාරණය දැන ගන්න කමිටුවක් පත් කරන්නම ඔනෑද?නීති පොත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි එහෙම නැද්ද? (දී)
මේ රටේ නීති හැදෙන්නේ, එක එක්කෙනාට උවමනා විදිහට මිසක් රටට අවශ්‍ය විදිහට නෙමෙයිනේ.(නදී)
ඒ සැරේ බන්දුල පෙරේරා කියන මානසික ලෙඩා ගේ නම ගාමිණි කියල වෙනස් කරගෙන නේ. මොන නමින් දැම්මත් ඔය වගේ කතා කියන්න පුළුවන් උපතින්ම මානසික ලෙඩ්ඩුන්ට පමණි.(නදී)
දැන් පොලිසියයි හමුදාවයි සම්බන්දීකරනය කරන්න අලුතින් ලේකම් කෙනෙක් පත් කලානේ. අර මාධ්‍යවීදිනියගේ ගෙදරට පැනපු වෙලේ හොද සම්බන්දීකරණයක් තිබුනානම් පොලිසියෙන් හමුදාවේ අය මැරුම් කන්නේ තුවාල වෙන්නේ නැහැනේ නේද?. (නදී)
සුබ අනාගතයක පෙර නිමිති දැන් පහල වීගෙනයි එන්නේ. (නි)
ටිකිරි බණ්ඩා මහත්තයෝ, මටත් එහෙම හිතෙනවා. (ස)
හසිත, වලව්වේද වැඩ කරන්නේ ? නැත්නම් වලව්වට කඩේ යනවද ? කාගේ සාමාන්‍ය ජන ජිවිතයට බාධාවක් වෙන එක ගැනද ඔයා කියන්නේ කියලා මට හිතාගන්න පුළුවන් ... (ස)