කොල්ලුපිටිය පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි මෑන්පවර් සේවකයෝ 37ක් දෙනෙක් පොලිසිය විසින් ඊයේ (24) මධ්‍යම රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ.
විදුලිබල අමාත්‍යංශයට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින ගණනාවක සිට ඔවුහු උපවාසයක නිරත වූහ. එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණු අතර සැකකරුවන් එය නොතකා දිගටම විරෝධතා පැවැත්වූ බව පොලිසිය කියයි.
බොරැල්ල, කොල්ලුපිටිය, කිරුළපන, වැල්ලවත්ත, නාරාහේන්පිට, කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීහු පිරිසක් ද ඊයේ රාත්‍රී විශේෂ මෙහෙයුමට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොඩක් අය කාලෙන් කාලෙට හිටපු දේශපාලකයන්ගෙන් ලියුම් අරන් මේ කොන්ත්‍රාත් සමාගම (මෑන්පවර්) හරහා විදුලිබල මණ්ඩලයට ආ අය. ඔවුන්ට අවශ්‍ය නියම සුදුසුකම් තිබුනා නම් මෙතෙක්කල් ලබපු අත්දැකීමුත් එක්ක ස්ථිර වෙන එක හරි වෙනත් රැකියාවක් හොයාගන්න එක හරි ප්‍රශ්නයක් නොවෙයි. දේශපාලකයොත් මේ අය පාවිච්චි කරනවා බොරු පොරොන්දු දීලා තමන්ගෙ වැඩ කරවාගන්න.
මෑන් පවර් වුනත් මේ මිනිස්සුන්ටත් පඩි යන්නේ රජයෙන්. පඩියෙන් කොටසක් සාමාගම තියාගන්නවා. (ම)
ඔවුන් මේ රටේ පුරවැසියන්ය. ඉන්දියානුවන් මෙහි ගෙන්වන්නට උත්සාහ කරන රජයක බලදරුවන්ට ඔවුන්ට රැකියා දිය නොහැක්කේ මන්ද (නි)
නිමල්, හරියට කරුණු තේරුම් ගන්න. මේ පිරිස වෙනත් සමාගමක් (මෑන්පවර්) හරහා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත කළ සේවකයන්. ඔවුන් මේ ඉල්ලන්නේ ඔවුන්ව කෙළින්ම විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට බඳවාගන්න ලෙසයි. විදුලිබල මණ්ඩලයට ස්ථිර සේවකයින් බඳවාගන්න ක්‍රමයක්, අවශ්‍ය සුදුසුකම් නියම කර තියෙනවා. මේ අය ඉල්ලන්නෙ ඒ නියමයන්ට පිටින් ඔවුන්ව බඳවාගන්න කියලා. (නි)
මේවා මේ රජයේ අවසානය පෙන්වන පෙරනිමිති බව නම් දැන් හොඳට පැහැදිලියs (ම)
අනේ මන්දා කාගෙ පැත්තට කතාකරන්නද කියලා (නි)
නිමල්, ඉන්දියානුවන් ගෙන්වන්න යන්නේ ඔබද? මෑන්පවර් සේවකයන් හෑමෝම උද්ඝෝෂණය කළොත් රැකියා දෙන්නේ ඔබේ ආයතනයෙන්ද? රජයේ සේවකයන්ට චේතනය ගෙවන්නෙත් මහජන මුදල් වලින් බව අමතක නොකරන්න. බඳවාගැනීම් වැඩි වෙනකොට ගෙවන්න සල්ලි කොහෙන්ද රජයට? බඩු වැඩි කරන්නද කියන්නේ? (නි)
හොඳ වැඩේ. මේ වගේ අයට දැඩි දඬුවම් දෙන්න (නි)
ලෝකයේ වටිනාම සම්පතක්වූ මිනිස් ශ්‍රමය කළමනාකරණය කරගන්නට නොහැකිවීම පාලකයින්ගේ දුර්වලකමකි. (නි)
බන්ධනාගාරේ තව ඉඩ තියෙනවද දන්නෙ නැහැ නේද? (නි)
හැමදේකම දෙපැත්තක් තියෙනවා. මේ අයගේ පැත්තෙනුත් බලන්න ඕනෑ (නි)
ඇත්ත දන්නෙ නැතුව බොරුවට මේ ළමයින්ට දොස් කියන්න එපා (නි)