ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විකාශනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව එම්.බී.සී. හා එම්.ටී.වී. රූපවාහිනී ආයතනවලට එරෙහිව ලබාගත් අතුරු තහනම ගැන ප්‍රතිඋත්තර බැඳීමට කොළඹ වානිජ මහාධිකරණය අවසර දුන්නේය. ජුනි 8 වැනිදා විරෝධතා මතු කරන ලෙසත් ජුනි 13 වැනි දා ලිඛිත කරුණු දක්වන ලෙසත් වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එම ආයතනවලට දැන්වීය.