විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක් නීති විරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධ විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය අද (7) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.
පෙත්සම ලබන නොවැම්බර් 12 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ පෙත්සම කැඳවිනි. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙදෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුරට වනාන්තර ආරක්ෂා කල යුතුයි. (ර)
දැන්වත් අවදිවුණ එක ගැන සතුටුයි. අනාගතයට හොඳ වැඩක් (නි)
මේවා කල් දාන්නේ මොකටද.? (ර)
විල්පත්තුවේ නැගෙනහිර සහ දකුණු පැත්තත් සොයා බැලීම වඩා හොදයි (ම)
කවුරුන් කලද මේවා විය යුතු දේවල් නොවේ.. මේවා ජාතික වශයෙන් වටිනා ස්ථාන මේවා අපි රැක ගත යුතුයි. වැරදි කරුවන්ට නැවත මේවා නොකිරීමට දඩුවම් ලබාදෙන්න. (ර)
රැක ගත යුතු දේවල් විනාශ කරන මේ අධමයන්ට තරාතිරමක් නැතිව නිසි දඩුවම් ලබා දිය යුතුව ඇත. (බ)
කොහොමටත් දැන් පෙරහැර ගිහින් ඉවරයි. (ර)
ඔය නඩුව අහනකොට මුළු කැලේම එලි කරලා තියෙයි .ඉක්මනින් අහලා ඉක්මනින් තීන්දුවක් දීලා ඕක කරපු අයට දඩුවම් කරන්න .(හේ)
ක් දැම්මේ ඔප්පු ටික දෙනකන් වෙන්න ඇති (බ)
මේ රටේ ජාතික සම්පත් වනසන හැම එකෙකුටම සාප වේවා.වෙන කියන්න ,පතන්න දෙයක් නැහැ.(හේ)
රටක දේශගුණික තත්වයන් හසුරුවන වනාන්තර වැනි සාධක අවස්ථාවාදී දේශපාලකයන්ගේ හිතුවක්කාර වැඩවලින් විනාශ වීමට ඉඩදිය යුතු නැහැ.නිතිය ඉක්මණින් ක්‍රියාත්මකව දැඩි දඩුවම් ලබා දිය යුතුය. මැති ඇමති නිල වලින් වැසී සැඟවෙන්නට අවකාශ නොදිය යුතුය.(ම)