විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාවට ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මස 15 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
එසේම පෙත්සම්කාර රූපවාහිනි නාලිකාවට ලබා දී ඇති සංඛ්‍යාතය ලබන 16 වැනිදා තෙක් වෙනත් අයෙකුයට පැවරීමකින් තොරව , පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණ්‍ය දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු එස්.තුරේරාජා මහත්වරුන් ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.
ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ , විදුලි සංදේශ නියාමන කොමිසම , එම කොමිසමේ ලේකම් සුසිල් එම්.සිරිසේන මහත්වරු වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd