සෞදි අරාබියේ දැනට ප්‍රකාශයට පත් කැර ඇති පොදු සමා කාලයට සමගාමීව මෙතෙක් තාවකාලික ගමන් බලපත්‍ර ලබා නොගත් අසීර් කමීස් මුසායද් කලාපයේ වෙසෙන අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට විශේෂ ජංගම සේවයක් 21 වැනි දින සිකුරාදා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා කමීස් මුසායද් අල් අසීසීයා හොටෙල් සංකීර්ණයේදී පැවැත්වෙන බව ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයය කියයි.
ජෙඩා කොන්සියුලර් කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකු මෙම විශේෂ ජංගම සේවයට සහභාගී වීමට නියමිත අතර මෙතෙක් තාවකාලික බලපත්‍ර ලබා නොගත් ශ්‍රී ලංකාවෙන් පිටත් විමට බලාපොරොත්තු වන සියළුම ශ්‍රී ලාංකිකයින් ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡයාරූප දෙකක් හා පරණ ගමන් බලපත්‍රයේ පිටපතක් හෝ අක්වා බලපත්‍රයේ පිටපතක් සමඟ පැමිණෙන ලෙස ඉල්ලා සීටී.
තම රැකියාව මාරු කැර ගැනීම සදහා පැමිණෙන සියලු දෙනා පරණ ගමන් බලපත්‍රයේ පිටපතක් හා ඡායාරූප තුනක් රැගෙන ඒමෙන් නව ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බවද ඒ සදහා සෞදි රියාල් 565 ක මුදලක් ශ්‍රී ලංකා රජයේ ගාස්තු ගෙවිය යුතු බවද සදහන් කරයි.
මේ අතර ජුලී 03 වැනි දිනට පොදුසමා කාලය අවසන් වන බැවින් හැකි ඉක්මනින් තම ලියකියැවිලි සම්පුර්ණ කැර ගන්නා මෙන් තානාපති කාර්යාල නිලධාරීන් දැනුම් දෙයි. සෞදි අරාබියේ අනිකුත් ප්‍රදේශයන්හි මෙතෙක් තම ලිපි ලේඛන සම්පුර්ණ කැර ශ්‍රී ලාංකිකයින් ඇත්නම් ඉදිරි සතිය ඇතුලත රියාද් තානාපති කාර්යාලය අමතන ලෙසද දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරැදුන අයට තවත් අවස්ථාවක්