ඊ.පි.ඩී.පි නායක ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට සෙල්වකුමාරි සත්‍යසිලි නම් කාන්තාව වරද පිළිගැනීමට සූදානම් යැයි විත්තිය කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය හමුවේ කියා සිටියාය. 2004 දී මරාගෙන මැරෙන කොටියකු වූ ත්‍යාගරාජා ජෙයරාජ් සමග දේවානන්ද ඇමැති මරා දැමීමට තැත් කළැයි ද පොලිසියේ දෙදෙනකු හා තවත් අයකු මරා දැමීයැයි ද ඇය චෝදනා ලැබ සිටියි. දේවානන්ද මහතා කලින් දිනක පැවැසුයේ ඇය තම පක්ෂයේ ආධාරකාරියක බවයි. ඇයට දඬුවම් නොකළ යුතු බව තම පෞද්ගලික මතය වුවත් එය අධිකරණය සතු බලයකියි ඇමැති කීවේය. නඩුව අගෝස්තු පළමුවැනිදාට කල්තැබූ විනිසුරුවරිය නීතිපතිගේ මතය විමසන ලෙසද දැන් වූවාය.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරද පිළිගන්න සැරැසේ
චන්දිමා Monday, 01 July 2013 05:49 PM
මෙයත් පොදු පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්න හදනවද දන්නේ නැහැ.(නදී)
පෙරේරා Monday, 01 July 2013 06:43 PM
ඔතන ඇති යුක්තියකුත් නැහැ, සාධාරනයකුත් නැහැ . තියෙන්නේ මොකක් හරි "ඩීල්" එකක් වගේ.(අ)
අමිළ කටුනායක Monday, 01 July 2013 07:07 PM
කොහොමත් ග්‍රහයා හොදයි.(නදී)
නිමල් ලලිත් Tuesday, 02 July 2013 10:22 AM
එතකොට අර මිය ගිය පොලිස් නිළධාරීන්ගේ මරණ වලට වගකියන්නේ කව්ද. මේවා අසමින් මේ ඇමතිට ආරක්ෂාව දීමට පොලිස් නිළධාදරීන් කැමති වේවිද.(අ)
මහේෂ් Monday, 01 July 2013 08:41 PM
මොනා උනත් අවසාන තීන්දුව. ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණය මගින් විත්තිකාරියට මසක සිර දඩුවමක් සහ රුපියලක දඩයක් නියම කරන අතර දඩය නොගෙවන්නේ නම් අවුරුද්දක අමතර සිර දඩුවමක් ලැබේ.(නදී)
අමාලි සිල්වා Monday, 01 July 2013 11:12 PM
වරද පිළිගෙන දේවානන්ද මහතාගේ පෞගලික ලේකම් තැනට පත් වේද දන්නේ නැහැ .(අ)