ඊ.පි.ඩී.පි නායක ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට සෙල්වකුමාරි සත්‍යසිලි නම් කාන්තාව වරද පිළිගැනීමට සූදානම් යැයි විත්තිය කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය හමුවේ කියා සිටියාය. 2004 දී මරාගෙන මැරෙන කොටියකු වූ ත්‍යාගරාජා ජෙයරාජ් සමග දේවානන්ද ඇමැති මරා දැමීමට තැත් කළැයි ද පොලිසියේ දෙදෙනකු හා තවත් අයකු මරා දැමීයැයි ද ඇය චෝදනා ලැබ සිටියි. දේවානන්ද මහතා කලින් දිනක පැවැසුයේ ඇය තම පක්ෂයේ ආධාරකාරියක බවයි. ඇයට දඬුවම් නොකළ යුතු බව තම පෞද්ගලික මතය වුවත් එය අධිකරණය සතු බලයකියි ඇමැති කීවේය. නඩුව අගෝස්තු පළමුවැනිදාට කල්තැබූ විනිසුරුවරිය නීතිපතිගේ මතය විමසන ලෙසද දැන් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් පොදු පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්න හදනවද දන්නේ නැහැ.(නදී)
ඔතන ඇති යුක්තියකුත් නැහැ, සාධාරනයකුත් නැහැ . තියෙන්නේ මොකක් හරි "ඩීල්" එකක් වගේ.(අ)
කොහොමත් ග්‍රහයා හොදයි.(නදී)
එතකොට අර මිය ගිය පොලිස් නිළධාරීන්ගේ මරණ වලට වගකියන්නේ කව්ද. මේවා අසමින් මේ ඇමතිට ආරක්ෂාව දීමට පොලිස් නිළධාදරීන් කැමති වේවිද.(අ)
මොනා උනත් අවසාන තීන්දුව. ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණය මගින් විත්තිකාරියට මසක සිර දඩුවමක් සහ රුපියලක දඩයක් නියම කරන අතර දඩය නොගෙවන්නේ නම් අවුරුද්දක අමතර සිර දඩුවමක් ලැබේ.(නදී)
වරද පිළිගෙන දේවානන්ද මහතාගේ පෞගලික ලේකම් තැනට පත් වේද දන්නේ නැහැ .(අ)