කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) විවෘත කළේය.
පසුගිය රජය මගින් එම මාර්ගය නෙළුම් පොකුණ මාවත ලෙස නම් කර තිබු අතර එය ඉතිහාසඥයකු මෙන්ම ප්‍රවීණ විද්වතකු වන නැසීගිය ආනන්ද කුමාරස්වාමි මහතාට අවමන් කිරීමකියි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම මාර්ග යළි ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස කොළඹ මහ නගර සභාව විසින් නම් කැරිණි.
අමාත්‍යවරුන් වන කරූ ජයසුරිය,සුජීව සේරසිංහ,ඩී.එම් ස්වාමිනාදන් මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මොනවද පසුගිය ආණ්ඩුව කාලේ අපේ පැත්තේ කලක් තිස්සේ සපයා තිබු එකලා විදුලි මාර්ගය තෙකලා බවට පත්කොට නව විදුලි යෝජනා ක්‍රමයක් කියල පලසක් හදල එතන සවිකරලා ලොකු වියදමක් දරමින් විශාල උත්සවය එම පලස ළඟ තිබ්බේ. (නදී)
ගොඩක් සතුටුයි.(හේ)
මේවා නිවැරදි කිරීම තුලින් යහ පාලනය ඇතිවේ . සමහරුන්ට මෙය වැරදි ලෙසට පෙනේවි .ජෝන් ද සිල්වා රඟහල ,ලයනල් වෙන්ඩ්ට් කලාගාරය එම නම් වලින්ම තිබිය යුතුයි.(හේ)
මේ නම වෙනස් කරපු එක හොදයි.(හේ)
ලොකුවට කිව්වේ මුදල් නාස්ති කරන්නේ නෑ කියලා.(හේ)
මේ කරන්න ඔනි දේවල්ද? මේකත් දින 100ට අයිති ද දන්නේ නෑ..(හේ)
මේ ක්‍රියාව අගය කළ යුතුයි.(හේ)
මේක ඉතිහාසයේ වැදගත් විද්වතෙකුගේ නමක් සම්බන්ධ පාරක්. රටේ ප්‍රධාන පුරවැසියාගේ පැමිණීම ඒ පුද්ගලයාට ගෞරවයක්. එහෙම නැතිව මේක කාගේවත් පවුලේ සාමාජිකයෙකුගේ පිළිමයක් විවෘත කරන්න ආව ගමනක් නෙවෙයිනේ. (හේ)
අනේ අර නෙලුම් බෝඩ් එක මට කීයකට හරි දෙන්නකෝ. මතක් වෙන්න තියා ගන්න. (හේ)
පුදුම බාලාංශ දේශපාලන සංස්කෘතියක් නේද?(හේ)
ජාතික උත්සවයක, පුළුවන්නම් නෙළුම් පොකුණ රඟහලේ නමත් වෙනස් කළොත් හොඳයි.(හේ)
උත්සව නැතුව ඕක වෙනස් කළා නම් මීට වඩා ආදර්ශමත් කියලා මට හිතෙන්නේ. (ර)
නරකද නෙළුම් පොකුණ නමත් වෙනස් කළොත් (දිල්)
මේ උත්සවයට කීයක් විතර යන්න ඇතිද දන්නේ (දිල්)
හිරාන් අර පසුගිය ව්‍යායාම මන් තීරු විවුර්ත කරන්න ගීය වියදම් වගේ දේවල් මෙතැන් සිද්ධ වෙලා නැහැ. (හේ)
ආනන්ද කුමාරස්වාමි මාවත භාවිතයේ තිබුනා. කොටසක් පමණක් නෙලුම් පොකුණ මාවත ලෙස නම් කරනු ලැබුවා. මාධ්‍යවල ඒ ගැන සඳහන් කිරීමක් නෑ. පාර නැවත දික් කිරීමක් පමණයි මේ.(හේ)
නම වෙනස් කලාට සමහරුන්ට රුධිර පීඩනය නැගලා වගේ. හැමතැනම පේන්න තියෙන්න ඕන අර නම විතරද එතකොට ? (හේ)
දුමින්ද , මංජු...... මේ වගේ සුළු අත පසුවීම් වලින් තමයි අවරුදු 30 ක යුද්දයකට අවශ්‍ය පසුබිම සැකසුනේ කියන එක අමතක කරන්න එපා. හැගීම් වලින් තොරව බුද්ධියෙන් අදහස් පළ කරන්න උත්සහා කරන්න (බ)
බොහොම අගෙයි. පිදිය යුත්තන් පිදිය යුතුයි. (හේ)
මේකේ වීර පුරන් අප්පු මාවත කියල තිබ්බ නම් ජීවිතේට ඔය විදිහට වෙනස් කරන නේ..(හේ).
අයි හිරාන් කුඩු අල්ලපුවම ගෙදරට යන්නේ දුක සැප බලන්න සමහර ජනාධිපතිවරු,, ඒවාට වඩා මේවා වටිනවා ,(දිල්)
මේ දේ අගය කළ යුතුයි.තව මේ වගේ වෙනස් කරපු තැන් ඇති.ඒ නමුත් පරණ නම් දාන්න.(හේ)
දුමින්දටයි හිරාන්ටයි මේක පොඩි දෙයක් වුණාට කරලා තිබුණ වැරැද්දේ බරපතලකම ඕනෑම කෙනෙකුට වැටහෙන (දිල්)
තම පටන් ගත්ත විතරනේ මේ වෙනස (දිල්)
මේකටත් ගොඩක් වියදම් වෙන්න ඇති නේද (දිල්)
හොද විදියට වෙනස් වෙනවට අපි කවුරුත් කැමතියි (දිල්)
මංජු, මේ තියෙන්නේ ඊට කලින් අවුරුදුවල වුන නුසුදුසු වැඩක් හරි ගස්සපු එක. (ර)
කොළබ නගරයේ තියන පාරවල් වල ඇති අලුත් නම් වෙනුවට, පැරණි නම් නැවත දෙන්න. (ර)
මේ වගේ නම් වෙනස් කරපු තැන් කොතෙක් ඇත්ද?ඒ ගැනත් සොයා බලන්න.(හේ)
මේක සාමාන්‍ය කම්කරුවෙකුට කරන්න තිබුණු වැඩක් නේ. ඇයි මේ ජනාධිපතිතුමා මේ වගේ දේකට යොමු වූනේ. අනේ මන්දා. මෙකට වියදම් කරපු සල්ලි හා කාලය නාස්තිය හා දූෂණයට අයත්. මහින්ද මේ පාර වෙනස් කළාට වඩා වැඩි වෙනසක් නෑ මේකෙත්.(හේ)
පමා වෙලා හරි නැවත නම නිවැරදි කරපු එක ගැන සතුටුයි. පුළුවන්නම් නෙළුම් පොකුණ රඟහලේ නමත් වෙනස් කළොත් හොඳයි.(හේ)
මේ වගේ පොඩි දේවල් වලටත් සහභාගි වෙනවද. අයියෝ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය .(හේ)
කොළඹ 7 රීඩ් මාවත යළි දාන්න.(දිල්)
පැරණි නම දාපු එක වටිනවා. (ර)
ජාතික උත්සවයක් වගේ (දිල්)
අනේ බලන්ඩකෝ මෙයාල ලොකු වැඩක් කරලනේ ? (නදී)
මේ ජාතික වැදගත් කමක් ඇති උත්සවයක් වෙන්න ඇති ජනාදිපති තුමා සහභාගි වෙලා තියෙන්නේ. (නදී)
සිංහල කලාව ලොවට පෙන්නුම් කළ ඒ වීර පුරුෂයාට කළ නින්දාවෙන් ජාතිය බේරාගැනීම උතුම් දෙයකි. මේ දේ සඳහා ජනාධිපති තුමා ගිය එක හරි.(දිල්)
මේක ඇත්තටම හොද වැඩක්. එක එක්කෙනාට ඕන විදිහට මේවගේ දේවල් වෙනස් කරපු එක වැරදියි (නදී)
රටේ ප්‍රදානම ප්‍රශ්නය කඩිනමින් විසඳූ ඔබතුමාට මුළු රටම ණය ගැතියි.(නදී)
මේ වගේ පොඩි උත්සව වලටත් ජනතිපතිතුමා ට ආරාධනා කරන්න ඕනද? අපි හිතුවේ මේ වනකට හොරු 10-15 ඇතුලට දාලා තියෙන්න ඕන නේද? (නදී)
බෝඩ් වෙනස් කරනවට වඩා හදිසි වැඩ මොකුත්ම නැද්ද මේ රජයට? රටේ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඇති. ළමයින්ට ඇති තරම් පාසල්, තරුණ යන්ට ඇති තරම් රැකියා, රෝහල් වල ලෙඩ්ඩුන්ට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවනේ. එමනිසා බෝඩ් වෙනස් කරමු.(නදී)
මට දුක මේ මනුස්සයට ජෝක් එකක් කරන එකට. මහින්දව කෑවෙත් ඔහොම තමයි. වැරැද්දක් උනා නම් මේවගේ උත්සව ඕනෙද ඒවා හදන්න? බෝර්ඩ් එක මාරු කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කලානම් එච්චරයි නේ. එදා ජනාධිපති උත්සවේට ගිය අය ගැන අඩුයි කියල අපි සතුටු උනා. මේවා දැන් දැක්කහම විකාර. (නදී)
අලුත් ජනාධිපතිතුමා, උතුර, නැගෙනහිර වෙනස් වුන නම් වලට මොකද කරන්නේ? (හේ)
කොළඹ නගරාධිපතිගේ වගකීම (නදී)