ගැඹුරු මුහුදේ තහනම් ක‍්‍රම අනුගමනය කරමින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලාගත් මාළු ප‍්‍රවාහනය කරමින් තිබූ බව කියන ලොරි රථ දෙකක් මාළු තොගයක් සමග රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
මසුන් මැරීමේ හා පාරිසරික නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කරමින් ගැඹුරු මුහුදේ ඩයිනමයිට් වෙඩි දමා අල්ලාගෙන ප‍්‍රවාහනය කරමින් තිබූ මාළු තොගයේ බර කිලෝ 700 ක් වන අතර, එක් ලොරියක මාළු කිලෝ 503 ක් හා අනෙක් ලොරියේ මාළු කිලෝ 197 ක් තිබූ බවත්, ඒවා රැගෙන යමින් තිබූ ලොරි රථ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දැනගත්තේ මේ මාළු එහෙම එල්ලූ බවක් (බ)
නීතියක්,ශිලාචරකමක් ,නැති රටක ඩයිනමයිට් නොව සයිනයිට් දමා මාළු ඇල්ලුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.(ම)
මාළු නඩු භාණ්ඩයක් විදියට උසාවියට ඉදිරිපත් කරන්න වෙනවා නේද? (නි)
මාළු අල්ලපු ක්‍රමය වැරදි වුණත් මෙහෙම මාළු ලොරිය ඇතුළේ කුණුවෙන්න හැරීමත් වැරැද්දක් නේද? (නි)
මෙහෙම අල්ලන මාළු අපේ ශරීරයටත් අගුණ ඇති නේද? (නි)
ඇයි අපේ මිනිස්සු කන කෑම වලටත් නීතිවිරෝධී දේවල්ම යොදාගන්නේ? (නි)
මෙහෙම මාළු මරලා කෑවට කිසිම හානියක් නැහැ කන අයට. නමුත් සාගර සම්පතට වෙන හානිය නම් විශාලයි (නි)
මෙහෙම මාළු අල්ලන අයට දෙන දඬුවම කුමක්ද? (නි)
වැරදි ක්‍රමවලින් මාළු අල්ලන මිනිසුන් නිදැල්ලේ. මාළු ප්‍රවාහනය කරන මිනිසුන් අත්අඩංගුවේ. මේක ටිකක් ගැටළු සහගතයි. (බ)