‘මේ රටේ මිනිස්සු ප්‍රාදේශිය සභාවට , පළාත් සභාවට , පාර්ලිමේන්තුවට , ඡන්දය දීලා යවන්නේ කවුද? මේ වගේ රටට ආදරයක් නැති මිනිස්සුන්ගේ වැරදි කතිරයෙන් පාර්ලිමේන්තුවට ගිහිං තියෙනවා. නිවැරදි කතිරයෙන් ගිය අපි වගේ මිනිස්සු ඒ වැරදි වැඩවලට අබ මල් රේණුවක තරම්වත් ඉඩ දෙන්නේ නැහැ. අඩියක්වත් පස්සට ගන්නේ නෑ’ යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතා අද (30) හොරණ දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'වැරදි කතිර, හරි කතිර' කියලා දෙකක් නැහැ. අපි අවුරුදු 68ක් තිස්සේ ගහන තරමක් ගැහුවේ 'වැරදි කතිර' තමා. (නි)
ඔව් ඔව් අපිට තේරෙනවා වැරදි කතිරයක් තමා ගැහුවෙ කියලා. බලාගෙන ඉන්නකෝ, මිනිස්සු හරි කතිරෙ ගහයි (නි)
රටට මිනිසුන්ට ආදරේ කවුද කියලා දැන් මතුගම මිනිස්සු දන්නවා. දැන් කාලෙ හරි මහත්තයා. (නි)
සමහරු බලාගෙන ඉන්නවා මන්ත්‍රී බූදලය නැවත ලියාගෙන සුරසැප විඳින්න. මේ ආණ්ඩුවත් සූදානම්වෙයි හොරුන්ට පහසුකම් දෙන්න පෙර ආණ්ඩුව වගේ. කවුද මේවට වැරදිකාරයො? (නි)
උච්ඡාරණය කරන වාග් මාලාවේ උත්කර්ෂවත් බවෙන්ම පෙනෙනවා අසරණ දරුවෝ රටේ නවතින්නේ කොතනකද කියලා? මේ වගේ දෙන්නෙක් හිටියොත් හොඳටම ඇති මුළු ලංකාවටම (නි)
මුලින්ම මේ වගේ අයට ඇමතිතුමා, මන්ත්‍රීතුමා, කියන එක නවත්වමු අපි (නි)
මෙයාලා ඉස්සො වගේ. හැම පැත්තටම පනිනවා (නි)
වැරදි මිනිස්සුන්ට නාමයෝජනා දුන්නේ කවුද? රටේ ජනතාව වෙන්න ඇති නේද? (නි)
නිදහස ලැබුනද අවුරුදු 66 තිස්සේ හිතලා බලලා වැඩනොකළ නිසා හරි නිදහස අපි ලබාගත්තේ නැහැ. ඒ නිසාදෝ කොහේද මේගොල්ලෝ පිස්සු නටන්නේ (නි)
හැබැයි, මේ කතාවේ එක ඇත්තකුත් තියෙනවා. අපි සාක්ෂරතාවය අතින් ආසියාවේ බොහොම ඉහළින් ඉන්නවා කියල කයිවාරු ගැහුවට අපි කතිරේ පාවිච්චි කරන්න නම් දන්නේ නැහැ තමා. අපි දන්නේ කට්ට කෛරාටකයින් පිරිසක් දෙවි වරුන් පිරිසක් හැටියට බාරගෙන කතිරය ඔවුන්ට පුජා කිරීමට පමණයි..(බ)
ඕක ඔබ කවුරුත් කියන කතාවක් නේ. ඕව අහල කනේ කරගැට ඇවිල්ල.(බ)
68 වසරක් ඔය කුණු හරුප අහලම , තිත්ත වෙලා (බ)
ලංකාවේ වෙන්නේ හරි කතිරයෙන් වැරදි මිනිස්සු ඔය ආයතන වලට ගිහින් වැරදි වැඩ කරන එකයි. රටේ මිනිස්සු නීතිගරුක අවංක මිනිසුන්ට තමුන්ගේ ඡන්දය දෙනවා නම් ඔය වැරදි දේවල් වෙන්නේ නැහැ. දැන් තත්වයේ හැටියට වංක පුද්ගලයෝ ඔය ආයතන වලත් රජයේ වෙනත් දෙපාර්තමේන්තු වලත් වැජඹෙන නිසා අවංක පුද්ගලයින්ට අවංකව වැඩ කරන්න ඉඩදෙන්නේ නැහැ. (නි)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
අපි කන හැටි ළිපා දනී කියලා කතාවක් මම අසා තිබෙනවා (නි)
ඔය හැමදෙනාම වැරදි කතිරයෙන් ගිය අය. නැත්නම් නිදහසෙන් වසර 66 ක් ගිහිනුත් මේ තත්වයට පත්වන්නේ නැහැ (නි)