ගුවන්තොටුපොළේ විදුලිය විසන්ධි කරමින් කළ වැඩ වර්ජනයෙන් රුපියල් කෝටි 10ක පමණ අලාභයක් වූ බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත්, එවැනි අලාභයක් නොවූ බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, අලාභය වූයේ කුමන උපකරණ හානියට පත්වීමෙන් දැයි ගුවන්තොටුපොළ සභාපති නිසි ලෙස පෙන්වා දෙන්නේ නම් එම මුදල ගෙවීම තම සංගමය ඉදිරිපත් වන බවත් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සභාපති එම් වර්ණසිරි බණ්ඩාර මුහන්දිරම් මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශයේ පිහිටි එම වෘත්තීය සිමිති කාර්යාලයයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.
මෙම වැඩවර්ජනය හදිසියේ සිදු කළ වැඩවර්ජනයක් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් සත්‍ය වශයෙන්ම වැඩ වර්ජනය කළේ මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවක් පවත්වා විසඳුම් නොලත් නිසා යැයි ද මුහන්දිරම් මහතා කීවේය.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන්ට වූ හිරිහැර ගැන සමාව ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව ඇමතූ මුහන්දිරම් මහතා මෙසේ ද කීවේය.
‘ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ලෙස අපි ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා. නමුත් ඒ එකකින්වත් අපිට හරි විසදුමක් ලැබුණේ නැහැ. අපේ මව් ශාඛාවටත් අපි මේ ගැන දැනුම් දුන්නා.
ගුවන්තොටුපොළේ සහ සමාගමේ සේවකයන් 3576ක් පමණ ඉන්නවා. ඉන් සේවකයන් 3100ක් පමණ අපේ සාමාජිකයන්. අපේ පඩි වැඩි වෙන්නේ වසර තුනකට වරක්. රුපියල් දස දහසක දීමනාවක් දෙන ලෙසත්, සේවක පුරප්පාඩු පිරවීමේ දී සියයට දහයක් පිය පුතු පදනමට ලබා දෙන ලෙසත්, සේවකයන්ට දුන් ආපදා ණය ලබා දෙන ලෙසත් ආදී ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් තමයි අපි මේ අරගලය කළේ.
සේවක ණය ලබා දීම ගත්තම මුලින් දුන්නේ රුපියල් ලක්ෂයයි. එය ලක්ෂ දෙකක් කළා. කෙටි කාලෙකින් මග නැවතුණා. දැනට 350ක් පමණ ඉන්නවා අපදා ණය ගන්න පෝලිමේ.
අනිත් එක තමයි ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ චොද්නා එල්ල වු පුද්ගලයින් ඉන්නවා. මානව හිමිකම් පවා ගියා. නමුත් ඒ අය සම්බන්ධයෙන් විනය පියවර ගත්තේ නෑ. අන්න ඒ පුද්ගලයා ඉවත් කරන ලෙසත් අපි ඉල්ලුවා.
පසුගිය ජූලි 07 වැනි දා සිට ඔක්තෝබර 23 වැනි දා දක්වා මේ සමාගමේ සභාපති, අමාත්‍යංශ ලේකම්, ඇමැතිතුමා අදී පිරිසක් සමග විටින් විට සාකච්ඡා අටක් පමණ පැවැත්වුවා. නමුත් අපට විසදුම් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කළේය. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ තීරණයට ආවේ.
මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකු හදිසියකට දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න බැහැ. ඇමැතිතුමාව සම්බන්ධ කර ගත්තත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනකු සම්බන්ධ කර ගන්න අමාරුයි. විශාල වැටුපක් දීලා, හොද වාහන දීලා අධ්‍යක්ෂවරුන් ගණනාවක් හිටියත් අපි දන්නෙත් තුන්දෙනෙක් විතුරයි.
මෙහෙම තත්ත්වයක් උඩ තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගය ගත්තේ. අපි විදුලිය විසන්දි කරලා ක්‍රියාත්මක කළේ එකක් විතරයි. ගුවන්තොටුපොළ අඩපන කරන තවත් ක්‍රියාමාර්ග 17ක් පමණ අපි දන්නවා.
අපි මේ ජනාධිපතිතුමා දිනවන්න මේ ආන්ඩුවට වැඩ කරපු මිනිස්සු. ජනාධිපතිගේ උපදෙස් පරිදි අපේ ඇමැතිවරයා සහ සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය ඇමැතිවරයා අපට ඉල්ලීම් කිහිපයක් ලබා දුන්නා. නමුත් තවත් ඉල්ලීම් තිබෙනවා. ඒ ඉල්ලීම් ලබා දෙන තෙක් අපි සටන් කරනවා. අපි කාටවත් රිද්දන්න නොවෙයි මේ ක්‍රියිමාර්ගය ගත්තේ.‘
මෙහෙදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුහන්දිරම් මහතා මෙසේ ද කීවේය.
ප්‍රශ්නය - මාධ්‍ය පෙන්නපු විදියට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය එකපාරට ගත් එකක් නොවන බව ඔබ කිව්වා. නමුත් මෙතෙක් කල් පැවැත්වූ සාකච්ඡා ගැන මාධ්‍ය දැනුම්වත් කළේ නැතුව නේද මාධ්‍යයට චෝදනා කරන්නේ?
පිළිතුර - අපි හැදුවේ අපේ ප්‍රශ්නය ඇතුළෙම විසඳගන්නයි. ඒකයි අපි මාධ්‍යයට ඒ ගැන නුදුන්නේ.
ප්‍රශ්නය - වැඩවර්ජනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඔබ ඇතුළු පිරිස හිරි හැර කළා නේද?
පිළිතුර - ඇත්තටම ඒ වෙලාවේ තිබුණු පීඩනයත් එක්ක තමයි එහෙම දෙයක් වුණා නම් වුණේ. වැරදි දේවල් කියවුණා නම් කියවුණේ. ඒ සම්බන්ධයෙන් අපි සමාව අයදිනවා. වැරදි වීම මනුශ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්.
ප්‍රශ්නය - මේ වැඩවර්ජනය නිසා කෝටි 10ක පමණ දේපලවලට හානි වුණා නේද?
පිළිතුර - වගකීමෙන් කියන්න පුළුවන් එවැන්නක් වෙලා නැහැ. මෙන්න මේ උපකරණවලට මේ විදියට හානියක් වුණාය කියා සභාපති පෙන්නනවා නම් අපි ලෑස්තියි ඒ අලාභය ගෙවන්න. අපි විදුලිය විසන්ධි කළේ අදාල අංශවලට පැය භාගයකට පෙර දැනුම් දීලා. ගෙවල්වල ලයිට් ගිහින් එද්දි ගෙදර උපකරණවලට හානි වෙනවද නැහැනේ. අනික ගුවන් තොටුපොළ විදුලිය විසන්ධි වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. සාමාන්‍යයෙන් සතියට දවසක් අලුත්වැඩියා සඳහා විදුලිය විසන්ධි කරනවා. ආරක්ෂක හේතු මත ඒ ගැන වැඩිදුරටත් කියන්නේ නෑ. කොටි ගහනකොටත් විටින් විට විදුලිය විසන්ධි කළා.
ප්‍රශ්නය - ගුවන්තොටුපොළේ ඇති බදු නැතිව භාණ්ඩ මිල දී ගන්නා කඩයක පරිපතයකට වූ හානිය ඉල්ලා ඔවුන් සභාපතිට ලිපියක් යවා තිබෙනවා නේද?
පිළිතුර - සභාපතිට යව්වා නම් කරන්න දෙයක් නෑ. අපට එව්වා නම් අපි අපේ පිරිස් දමා ඒ ගැන සොයා බලා මොනවා හෝ වෙලා තියෙනවා නම් වන්දි ගෙවනවා.
ප්‍රශ්නය - වෘත්තීය ක්‍රියාමාර්ග දැන් ඉවරද?
පිළිතුර - නෑ. අපිට ඉතිරි ඉල්ලීම් ලැබිය යුතුයි. අපි ඒ ගැන ඉල්ලීමක් කර තියෙනවා. ඊට ලබා දී තිබුණු කාලය අවසන්. ඒ ඉල්ලීම් ලැබෙන තුරු අපි සටන් කරනවා. මාධ්‍ය සහයෝගයත් අපට අවශ්‍යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ පාර්ශවයෙන්මයි මෙම අභියෝගය කරලා තියෙන්නේ. රජයට නොපෙනෙන වැරදි වෘත්තීය සමිතියක් අභියෝගාත්මකව පෙන්වාදීම ඉතා අගය කළයුතු ක්‍රියාවක්. මේ ගැන විධිමත් වැඩපිළිවෙලක් නොයෙදුවොත් මේවා කොතනින් කෙළවර වෙයිද කියලා හිතන්න අමාරුයි. (නි)
මමත් ගුවන් තොටුපළේ සේවකයෙක්.මොවුන් එදා හැසිරුණු ආකාරය අනුමත කරන්න බැහැ. එය යම් ආකාරයක රඟපෑමක් හා ලකුණු දමාගැනීමක් ලෙසයි මම නම් දැක්කේ (නි)
ඔතන ඉන්න භාණ්ඩාගාරික තුමා නම් හොඳ මිනිහා (නදී)
රටේ බොහෝ දේ පියපුතු ක්‍රමයට යන එකේ, රැකියාවත් පියපුතු ක්‍රමයට වුණහම මොකද නේද?ලංකාවේ ඉස්සර වැඩවසම් ක්‍රමය තිබෙන විට නම් පියපුතු ක්‍රමය තිබුණා. දැන් වෙන්න ඕනෑ සුදුසුකමට සහ හැකියාවට. එහෙම නැතුව පියපුතු ක්‍රමයට නොවෙයි. වැරදි කප්පරක් කරලා ,පොදු ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරගෙන ,රටේ සම්පත් විනාශ කරන අයට වෙන දේ කියන්න මම අකමැතියි (නදී)
මෙහෙම වෘත්තිය සමිතිද වගකිවයුතු රජයක් නියෝජනය කරන්නේ? මොනව වුනත් චෝදනා ලැබූ නිලදාරියෙක් නම් මෙයාලට කට උත්තර නැතිව යන්න ප්‍රතිචාර දැක්වූවා කියල ගුවන් තොටුපළේ ආරංචි මාර්ග කියනවා. (නදී)
තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ කිසිම වැරැද්දක් මා දකින්නේ නැහැ. නමුත් අපේ රටේ වැඩ වර්ජනය කරන කිසිම කෙනෙක්ට හෝ ආයතනයකට තවම බැරිවෙලා තියෙනවා තමාගේ සේවා ලාබියාට නැතිනම් මහජනතාවට අපහසුවක් නොවෙන විදියට වර්ජනයක් කරන්න. රජයට කියන්න ඕනදෙය රජයට කියන්න ක්‍රමවේදයක් හදාගන්න. ලඟදි දුම්රිය වර්ජනයක් තිබුනා.ඒකනම් ටිකක් සාර්ථකයි . මොකද දුම්රිය ධාවනය කළා සල්ලි ගන්නේ නැතිව ආණ්ඩුවට පාඩුව දෙන්න නිසා වහාම ක්‍රියාත්මක වෙලා ප්‍රශ්නය විසදුවා.(හේ)
රටෙි සියලුම ආයතන පිය පුතු ක්‍රමයට ගියොත් මෙි රටේ අහිංසක දෙමවිපියන්ගේ උගත් බුද්ධිමත් දරුවන්ට යන කල දසාව මොකක්ද? (අ)
මෙහෙම වෘත්තිය සමිතිද වගකිවයුතු රජයක් නියෝජනය කරන්නේ? මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. (නි)
ගසාගෙන හා වවාගෙන කන්නන්ගෙන් රට පිරිලා ඉතිරිලා ගිහින්. අස්චර්යයේ තරම නේද ??(හේ)
මේක හරිම පෝසත් අයනේ . කෝටි දහයක් ගෙවන්න මෙයාලට කොහෙන්ද සල්ලි ? (අ)
මම නම් කියන්නේ මෙම හිතුවක්කාර පාලක මණ්ඩලය ඉවත්කර ඔවුන්ට එල්ලව ඇති චෝදනා ගැන පර්රීක්ෂණයක් කර නිසි දඬුවම් දෙන ලෙසයි (නි)
රටවල්වල මර්මස්ථාන අඩපන කරන ඔන්න ඔය වගේ වැඩ කරන අයව තමා අර මොකක්ද පාටකින් යන රථයෙන් රවුමක් අරගෙන යන්න ඕනේ. රෙද්ද අස්සේ නයි දාගෙන කනෝ කනෝ කියල කෑගහන වැඩක් ආණ්ඩුව කරගෙන තියෙන්නේ. (නදී)
හරියට කෝටි 10ක තැන්පතුවක් තිබෙනවා වගේනේ මෙයාලගේ කතාව (නි)
මේක නම් එසේ මෙසේ වෘත්තීය සංගමයක් නෙමෙයි වගේ කතාවෙ හැටියට නම් (නි)
ඕවා ඉතින් ඔහොම තමයි! (නි)
ශ්රී ලංකාවේ ප්‍රධානම කීර්තිමත් ගුවන් තොටුපළේ නොවිසඳූනු ප්‍රශ්න රාශියක් තිබියදී තමයි අපි මත්තල හැදුවේ. තමන්ට බලයට එන්න උදව් කළ තමාගේම පක්ෂයේ වෘත්තීය සංගම් සාමාජිකයින්ට සළකන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද? (නි)
ඔතන දැනට වසර කිහිපයකට උඩදී හිටිය චන්ද්‍රිකා පත්කරපු අධ්‍යක්ෂකවරයෙක්. එයාගේ පැට්‍රොල් බීලම මසකට රුපියල් ලක්ෂ 3 පන්නපු වෙලාවල් තිබුණා. ඉතින් හිතල බලන්න මේ එක්කෙනෙක් පමණයි. පස්සේ මිනිහ කොටියෙක්ගෙන් සල්ලි වගයක් අරගෙන එංගලන්තේ යවන්න ගිහින් අතටම මාට්ටු උනා. බියගම සංවිදායකකමත් නැතිඋනා. මේ වගේ හොරු නිසා තමයි මහින්දට ඡන්ද නැතිවෙන්නේ (නදී)
කෝටි 10ක් ගෙවන්න පුළුවන්කම තියෙනවා නම් තව මොකටද සහන මහත්තයෝ....?? (නි)
ගනුදෙනුකරුවන්ට ඇතිවූ කණස්සල්ල , මානසික පීඩනය සහ ගිලිහී ගිය ව්‍යාපාරික අවස්ථාවන් වැනි දේවල් ගැන කිසිම අවබෝධයක් නැතුව ඇති. රටට වූ කීර්ති නාම පළුද්ද සහ අස්ථාවරබව නම් කියලා නිම කරන්න බැහැ. පුළුවන් නම් නැවත හදාදෙන්න මේ ටික. දැන් ඉල්ලීම් දිනාගත්තනේ. රට ගැනත් ටිකක් හිතන්නකෝ. (නි)
රටේ බොහෝ දේ පියපුතු ක්‍රමයට යන එකේ, රැකියාවත් පියපුතු ක්‍රමයට වුණහම මොකද නේද?ලංකාවේ ඉස්සර වැඩවසම් ක්‍රමය තිබෙන විට නම් පියපුතු ක්‍රමය තිබුණා.දැන් වෙන්න ඕනෑ සුදුසුකමට සහ හැකියාවට.එහෙම නැතුව පියපුතු ක්‍රමයට නොවෙයි.වැරදි කප්පරක් කරලා ,පොදු ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරගෙන ,රටේ සම්පත් විනාශ කරන අයට වෙන දේ කියන්න මම අකමැතියි (නි)
ඔබත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයක් අතර ලොකු වෙනෙසක් නැත. මන්ද ඔවුන් ගුවන්තොටුපොළට මේ අයුරින් වැඩ සිද්ද කළානේ? (නදී)
රට ගිනි තියනවා (නදී)
ඒ වුණාට රටක ප්‍රධාන, ආර්ථික අතින් වැදගත් තැනක මෙහෙම දේවල් වෙන්න ඉඩදෙන්න බැහැ (නි)