IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


වර්තමානයේ පවතින රැල්ලට වෙනස් ආරක සිංදුවක් කිරීමට බලාපොරොත්තු වනවා

2016-09-13-ent-142

රියැලිටි සංගීත වැඩසටහනක් ඔස්සේ රසිකයන් අතර ආකර්ෂණයක් ලැබූ ඇය නමින් කුෂිනි ප්‍රවින්ද්‍යායි. සංගීතය පිළිබඳව හැදෑරීමක් තුළින් ඉදිරියට යෑමට බලාපොරොත්තුවන කුෂිනි, ඇගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් පිළිසඳර යෙදුණේ මෙලෙසිනි. 

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-09-13-ent-140මගේ නම කුෂිනි ප්‍රවින්ද්‍යා. ඉන්නේ බණ්ඩාගරම. සංගීතය තමයි මම කරන්නේ.

 

රැකියාව සංගීතය ද?

රැකියාවක් විදියට නෙවෙයි මම සංගීතය කරන්නේ. සංගීතය තවම මම ඉගෙන ගන්නවා. වෙනත් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම.

 

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම ක්ෂේත්‍රයට එන්නේ සිරස සුපර්ස්ටාර් හරහා.

 

ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

අම්මා තමයි ඒ සඳහා අවස්ථාව ලබාදුන්නේ. එයා තමයි මේ තරගයට ඉල්ලුම්කරලා තිබුණේ. අපේ ගෙදර සංගීත ආභාසය තිබෙනවා. අම්මාට සිංදු කියන්න පුළුවන්. ඊට පස්සෙ තරගය සඳහා මම ගිහින් එතැනින් තේරිලා තරගය සඳහා ඉදිරිපත් වුණේ.

 

දැනට සිංදුවක් කරලා තියෙනවාද?

දැනට සිංදුවක් කරලා නැහැ. සිංදුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හොඳ සිංදුවක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එකපාරට එළියට දාන්නේ නැතිව හොඳ නිර්මා‍ණයක් කරලා එළියට දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ඔය කියන්නේ අද කාලයේ තියෙන නිර්මාණ හොඳ නෑ කියන එකද?

නෑ එහෙම නෙවෙයි. දැන් යන රැල්ලට නෙවෙයි, වෙනස් දෙයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

 

දැන් යන රැල්ල කියන්නේ මොකක්ද?

දැන් හැමතැනම තියෙන්නේ විරහ ගීත. එකම තාලයට ඇහෙන ගීත වර්ගයක් තියෙන්නේ. එහෙම නැතිව වෙනස්වූ දෙයකින් ඉදිරියට එන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

 

ගීතයක් එළිදක්වන්නේ යටිඅරමුණක් ඇතිවද?

යටිඅරමුණක් නැහැ, කැමතියි සිංදුවක් කරන්න. ඉතිං ඒ ආසාව තමයි තියෙන්නේ.

 

සංගීතය සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය?

අම්මාට තමයි ගොඩක් උවමනාව තිබුණේ මාව කලාව පැත්තෙන් ඉස්සරහට ගෙනියන්න. ඉතිං ලොකුම සහයෝගය දෙන්නේ අම්මා තමයි.

 

සංගීතය පිළිබඳ හදාරනවාද?

ඔව්, මම දැනට සංගීත පංතියක් සඳහා සහභාගීවෙමින් ඒ පිළිබඳ හදාරනවා.

 

කාලීන වශයෙන් බිහිවන ගායිකාවක් විදියටද ඔයත් හඳුන්වන්න පුළුවන් වෙන්නේ?

නැහැ, මම කැමති හොඳ නිර්මාණ කරලා හැමෝගේම හිත දිනාගෙන මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්න තමයි මගේ ආසාව.

 

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු?

ඉදිරියේදී සංචාරයක් සඳහා සූදානම් වෙන්න තියෙනවා. තව සංගීත ප්‍රසංග සඳහා දායක වෙනවා. එවැනි වැඩකටයුතු තමා මට තියෙන්නේ.

 

සංචාරය ගැන තොරතුරු කිව්වොත්?

ඩුබායිවලට තමයි සංචාරය කරන්න තියෙන්නේ. එය බොහෝවිට දෙසැම්බර් විතර වෙයි. ඒ පිළිබඳව තවම විස්තර කියන්න බැහැ.

 

උදව්කරපු අය ඇතිනේ?

මුලින්ම අම්මා තමයි මතක්කරන්න ඕනේ. එයා තමයි මගේ හැමදේටම ළඟින්ම ඉන්නේ. තව මගේ යාළුවෝ,  ගෙදර අය, අයියලා, මගේ සංගීත ගුරුවරු ඒ අයව ආදරයෙන් මතක් කරනවා.

 

2016-09-13-ent-141
2016-09-13-ent-139
2016-09-13-ent-138



අදහස් (0)

වර්තමානයේ පවතින රැල්ලට වෙනස් ආරක සිංදුවක් කිරීමට බලාපොරොත්තු වනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site