උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය සිදු කරනු ලබන උදකුක්ඛේප සීමා මාලකය පිහිටි මහනුවර ගැටඹේ වරාතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟ හරස් කර ඉදි කිරිමට යතියි කියන ජල විදුලි බලාගාරයකට විරෝධය දක්වමින් අද ( 21) ප්‍රදේශවාසීහු පිරිසත් විරෝධතාවක් පැවැත්වූහ.
වරාතැන්න සීමා මාලකය අසලින් විරෝධතාවය ආරම්භ කළ විරෝධතාකරුවෝ ගැටඹේ පාලම අසලට පැමිණ පාලම මත සිට උද්ඝෝෂණයේ නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හද හද බොරුවට සාරවත් පොලොව යටකරනවා. අන්තිමට දෙශපලුවෝ ටික හොරාකනවා.වික්ටෝරියා එකෙනුත් එකටම වෙලා තියෙන්නේ. ලොකුවට හදල දෙසපලුවෝටික හොරාකව. හොඳ ඉඩම් ටික නැතිඋනා. (රේ)
විදුලි බලාගාරය එපා කියලා නොවෙයි මේ කියන්නේ උදකුක්ඛේප සීමා මාලකය අවහිර කරන්න එපා කියලා නේද.(රේ)
කොහොමද වෙනස ,හරිම සුන්දරයි ,විදුලි බලාගාරය මුවාවෙන් පන්සල් ටික සොදා හරින්ටයි හදන්නේ.(රේ)
හැමෝම බලන්නේ රටේ සංහිඳියාව ආර්ථිකය වගේ දේවල් විතරයි. ඒත් මේ රටේ වෙන පරිසර විනාශය වගේ දේවල් කාටවත් පෙනෙන්නේ නැහැ. රවී කිවුවා වගේ මේ හැමදේටම කාටවත් බැනලා වැඩක් නැහැ. මේවා අපි විසින්ම කරගත්ත දේවල් තමයි (නි)
මටනම් පෙන්නේ මොකක්හරි අවුලක් තියෙනවා.මොනවා කරන්න හැදුවත් ඒ බෞද්ධ අනන්‍යතාවයට හානියක් කරමින්මනේ.වෙන තැනක් ඇත්තෙම නැද්ද..?(රේ)
ගැටඹේ පන්සලට යහපාලන බැල්ම වැටිලා වාගෙයි.(රේ)
විදුලි බලාගාරයකට ඉතාමත් යෝග්‍ය තැනක් මෙතන ,මෙය ඉදිකිරිම කාලොචිත ක්‍රියාවක් මෙයින් උපසම්පදා විනය කර්මයට කිසිම බාදාවක් නැහැ ,ඕව දැන් විලාසිතාවක් වෙලානේ තියෙන්නේ ,(රේ)
විදුලි බලාගාර ඉදිකිරීමට විරුද්ධ වන අය මහජන විදුලි අවශ්‍යතාවන් ගැන හිතන්නේ නැත්තේ මොකද ?\nබුමිතෙල් ලාම්පුවලින් ගම්වැසියන්ට එළිය ලබා දීමද මේ අයගේ බලාපොරොත්තුව ?එහෙම නැත්නම් ඒ අය සතුව ඉටිපන්දම් නිෂ්පාදනාගාර \nතිබෙනවා ද කියා විමසා බලන්න !!!! (රේ)
ඉතින් කොහෙද රට දියුණු කරන්නේ? (නි)
අද කාලේ ජල විදුලියම අවශ්‍ය නැහැ. අපි සුර්ය විදුලි පද්ධති වලට යමු. එතකොට පරිසර හානියත් අවම කරගන්න පුළුවන් (නි)
ලංකාවේ මිනිස්සු තේරුම් නොගත් එක කාරණයක් තමයි ලංකාව ඉතා පොඩියි කියන එක. ජනගහණය දැනටම මිලියන 22 යි. ඉදිරියට විදුලිය සල්ලි වලට ඉන්දියාවෙන් ගන්න වෙන එක අනිවාර්යයි. (නි)
අනේ මන්දා කාගේ පැත්ත ගන්නද කියලා (නි)
මේක හැදුවොත් පොල්ගොල්ල ජලාශයට මොකද වෙන්නේ? (නි)
ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයෙන් පසු ලංකාවේ මහා පරිමාණ ජලවිදුලි බලාගාර හදන්න වෙන තැනක් නැහැ. මේවා නිකන් පොඩි බලාගාර. වතුර අඩුවෙනකොට මුලින්ම නවතින්නේ මේවා. දැන් හදන්න පෙලඹෙන්න ඕනෑ ජලවිදුලි බලාගාර නෙමෙයි වෙනත් විදුලි බලාගාර. (නි)
මම නම් මේ ප්‍රශ්න ගැන මොකුත්ම කතාකරන්න කැමති නැහැ (නි)
ප්‍රශ්නය තමන්ගෙ මිදුලටම එනකන් අපේ කාගෙවත් ඇස් ඇරෙන්නෙ නෑ. සෝමවතිය ලඟ ඉඩම් පිටරටට දෙනකොට, උමා ඔය අවට අයට දැනුනෙ නෑ, උමා ඔය අවට වතුර හිඳෙනකොට, කැළණි ගඟ අවට අයට දැනුනෙ නෑ, කැළණි ගඟ පිටර ගලනකොට, විල්පත්තුවට දැනුනෙ නෑ, විල්පත්තුව කපනකොට වරාතැන්නට දැනුනෙ නෑ, දැන් වරාතැන්නට අත තියන්න හදන එක දැනෙන්නෙත් බොහොම ටික දෙනෙකුට විතරයි.මතක තියාගන්න, ඔය ඔක්කොම විනාශයන් පිටිපස්සේ ඉන්නේ අපි කරේ තියාගෙන ගිහින් පාර්ලිමේන්තුවෙ වාඩිකරවපු කට්ටිය මිසක් වෙන කවුරුවත් නෙමෙයි. පරිසරය ගැන, අපේ රට ගැන, රටේ වටිනාකම් ගැන අබ ඇටයක් තරම්වත් ආදරයක් තියෙන මිනිහෙක් ඔය වගේ මෝඩ තීරණ ගන්නෙ නෑ. ඔය තක්කඩි රැල පර්ලිමේන්තුවට යවපු අපි අතේමයි වැරැද්ද තියෙන්නේ. තම තමන්ගේ පපුවට තට්ටුකරල අහලා බලන්න, තමන් ඡන්දය දීපු එක මිනිහෙක්වත් අපේ රටේ පරිසරය වෙනුවෙන් අවන්කවම මැදිහත්වෙලා තියෙනවද කියලා. එහෙම එක්කෙනෙක් හරි ඉන්නවා නම් අවන්කවම සතුටු වෙන්න පුලුවන් තමන් මේ විනාශයන්ට හවුල් නෑ කියලා. අපි ගිහිල්ලා විදුලි බලාගාර හැදුවෙ නැති වුනාට, ගස් නොකැපුවට, ගංගාවල් විනාශ නොකෙරුවාට ඒව කරන අයගෙ අතට බලය දීලා කරලා තියෙන්නෙත් එකම වරදම තමයි. එදත් එකයි, ඒක අදත් එකයි. ඒ නිසා ගහක් කපන ගහක් කපන සැරේ, ගඟක් පිටාර ගලන පිටාර ගලන සැරේ, කන්දක් නාය යන, උල්පතක් හිඳෙන හැම වෙලේම අපිට උද්ඝෝශනය කරන්න වෙන්නෙ නෑ හරි මිනිස්සුන්ව පර්ලිමේන්තුවට යැව්වානම්. හිතලා බලන්න ඔබ ඡන්දය දීපු අයත් සමහර විට මේ පරිසර විනාශයන් පිටිපස්සේ ඇති.\හිතට ගන්න, ඊලඟ වතාවෙදීවත් රටට අවන්කවම ආදරේ කරන කට්ටියක් පාර්ලිමේන්තුවට යවන්න..\එතකොට අපිට උද්ඝෝශන කරන්න වෙන එකක් නෑ දවස ගානෙම...(හේ)