IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විරාත් කෝලි මගේ ආදරවන්තයා වෙනවාට මම කැමතියි

2016-04-04-ent-79

"මන්දාරම් අඳුර" ගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි කවීෂා කාවින්දි ප්‍රේමබන්දු කලා පවුලකින් පැවත එන්නියකි. ලාංකේය සිනමාව තුළ කැපී පෙනෙන නිළියක් වූ ඩිලානි අබේවර්ධන සහ 90 දශකයේ තරුණ පරපුර අතර ගායකයෙකු ලෙස අතිශය ජනප්‍රිය සමන් ප්‍රේමබන්දුගේ දියණිය වන කවීෂා කාවින්දි ප්‍රේමබන්දු සිය මව මෙන් පසුගියදා ලාංකේය සිනමාවට එක්වුවාය. ඒ ලාල් වීරසිංහගේ "සිංග මචං චාලි" චිත්‍රපටය හරහාය. මෙම චිත්‍රපටය තිරගත වීමත් සමගින් නිතරම මාධ්‍යය තුළින් දකින්නට ලැබුණ කවිෂාට මෙවර "සාරවිට" තුළින්ද අපි ඉඩක් වෙන් කළෙමු. එහෙත්, පසුගිය කාලයේ මාධ්‍යය තුළින් නිතර ඇසු ප්‍රශ්නවලට හාත්පසින්ම වෙනස් ප්‍රශ්න කිහිපයක් අපි කවිෂාට යොමු කළෙමු.

 

2016-04-04-ent-81ඉන්දියාවේ කරන් ජෝහර්, ඇමෙරිකාවේ පීටර් ජැක්සන්, ශ්‍රී ලංකාවේ ප්‍රසන්න විතානගේ ඔබට චිත්‍රපටයකට කතා කරනවා. ඔබේ තේරීම වෙන්නේ?

ලංකාවේ ප්‍රසන්න විතානගේ මහත්මයාගේ චිත්‍රපටයට මම සම්බන්ධ වෙනවා. මොකද, ඔහු මගේ මව් රටේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා. මම දන්නවා අනිත් බොලිවුඩ් වගේම හොලිවුඩ් සිනමාව අපේ සිනමාවට වඩා දියුණු කියලා. හැබැයි මට රංගනය පැත්තෙන් යම් දක්ෂතාවක් තියෙනවා නම් ඒ දේ මම දෙන්න කැමතියි මගේ ලාංකේය සිනමාවට. ඒ වගේම මගේ ලොකු අදහසක් තියෙනවා ලංකාවේ සිනමාව පැත්තෙන් ලොකු ගමනක් යන්න.

 

මේ චිත්‍රපටයේ ඔබේ සිනමා පෙම්වතා විදිහට චන්න පෙරේරා, රොෂාන් රණවන හා හේමාල් රණසිංහගේ නම් යෝජනා වෙනවා. කවුද ඔබ තෝර ගන්නේ?

ලාංකේය සිනමාවේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ නළුවෝ තුන් දෙනෙක් තමයි චන්න, රොෂාන් හා හේමාල් කියන්නේ. නමුත්, මෑත කාලයේදී නම් චිත්‍රපට ගොඩක හේමාල් දැක්කා. ඇත්තටම, මමත් ගොඩක් කැමතියි නළුවෙක් තමයි හේමාල්. එයාගේ ඇක්ෂන්, ෆයිටින්ග්, ඩාන්සින් මේ හැම එකකටම මම ගොඩක් කැමතියි. ඒ නිසා මේ චිත්‍රපටයට මම තෝර ගන්නේ හේමාල් රණසිංහව.

 

කවිෂා වඩාත්ම කැමති ක්‍රීඩාව කුමක්ද?

ක්‍රිකට්

 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩියෙන්ම කැමති ක්‍රීඩකයා කවුද?

ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර. මම කැමතියි ඔහු අදටත් කණ්ඩායමේ ඉන්නවා නම්.

 

ඉන්දියාවේ විරාත් කෝලි, ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්, නවසීලන්තයේ කුරේ ඇන්ඩර්සන් ඔබේ කැමැත්ත විමසනවා ආදර සම්බන්ධයකට?

විරාත් කෝලිට කැමැත්ත දෙනවා. ඇත්තටම, ඔහු හොඳ කඩවසම් ක්‍රීඩකයෙක්. පසුගිය කාලේම ඔහු ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම අවධානය දිනාගත්තා. ඔහු වගේ කෙනෙකුට ආදරය කරන ලැබෙනවා කියන්නෙත් හීනයක්.

 

ඔබ වඩාත්ම කැමති විනෝදාංශයක් තමයි සංචාරය කරන එක. කොහෙද යන්න ඔබ වඩාත්ම කැමති?

මම පොඩි කාලේ ඉඳලාම අම්මා, තාත්තා එක්ක රටවල් බොහොමයක සංචාරය කරලා තියෙනවා. හැබැයි සංචාරය කරපු හැම රටක්ම වගේම ලොකු භූමි ප්‍රමාණයක් වගේම වැඩිපුර මිනිස්සු ඉන්න රටවල්. මම කැමතියි ලංකාව වගෙ පුංචි රටකට. ම් ඔබ අහපු ප්‍රශ්නේට නම් මම කියන්න කැමතියි කොදෙව් දූපත්වලට කියලා. ඇමෙරිකාවට ගොඩක් ළඟ රටක් ඒක. ක්‍රිකට් තරග තිබුණොත් මම අනිවාර්යයෙන්ම කොදෙව් දූපත්වලට යනවා. මුහුදේ පීනලා හොඳ විනෝදයක් ලබන්න පුළුවන්.

 

දැනට පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක මොකක්ද?

අයි ෆෝන් සික්ස් ප්ලස් වර්ගයේ ෆෝන් එකක්.

 

දැනට පාවිච්චි කරන කාර් එක?

කාර් එක්ක නැහැ මට. මොකද තාම මම රියදුරු බලපත්‍රයක් නැහැ.

 

ළඟදී බලපු හොඳම චිත්‍රපටය?

"හමාරා අඳුරි කහානි" බොලිවුඩ් චිත්‍රපටය. මම කැමතියි එහි විද්‍යා බාලන්ගේ රංගනයට. ඇයගේ රංගනය මෙම චිත්‍රපටයේ ඉතා ඉහළ මට්ටමක තියෙනවා‍.

 

සල්මාන් ඛාන්, වින් ඩිසල්, ආක්ෂේ කුමාර්, ජේසන් ස්ටෙම්ත් හා සිද්ධාර්ත් මල්හෝත්‍රාගෙන් කවුද සරාගී පෙනුමක් තියෙන්නේ?

ම්.. මට හිතෙන විදිහට සිද්ධාර්ත් මල්හෝත්‍රාට.

 

ඔබ පෙම්වතෙක් තෝර ගන්නවා නම් ඔහුට තිබිය යුතු ගතිගුණ මොනවද?

කලාකරුවෙකුට මම කැමති නැහැ. අපි දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනා. එයා හැම වෙලාවේම මාව හිනාගස්සන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනා. තව එකක් මම රංගන ශිල්පිනියක්, ගායිකාවක් විදිහට ඉදිරියේදී පූර්ණ කාලීනව එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ වැඩවලටත් සහාය දක්වන කෙනෙක් වෙන්න ඕනා මගේ පෙම්වතා.

 

බුද්ධික සේනාධීර

 

2016-04-04-ent-78 2016-04-04-ent-77 2016-04-04-ent-80

 



අදහස් (0)

විරාත් කෝලි මගේ ආදරවන්තයා වෙනවාට මම කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site