IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාරණයට එරෙහිව කහඳගම උසාවි යයි

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සාමාජිකයන්ගෙන් සාමාජික මුදල් අය කිරීම නවත්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ තාවකාලික වාරණය ඉවත් කරන්නැයි ඉල්ලමින්   කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම මහතා ඇතුළු වගඋත්තරකරුවෝ අද අධිකරණයට මොසමක් ඉදිරිපත් කළේය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කීවේ එම සංගමයේ සාමාජිකයන්ගෙන් දිනකට රුපියල් හැට දහසක් අය කරන බවයි. එය මසකට රුපියල් 18 ලක්ෂයක් බව ද නීතීඥවරයා කීවේය.

කහඳගම මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා කීවේ එම මුදල් අය කරන්නේ විදුලිබිල හා වතුර බිල්වලට බවයි.

එවිට පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරයා කීවේ ලයිට් බිල නොගෙවා ඇතැම් කඩවල විදුලිය විසන්ධි කර ඇති බවයි. මෙතරම් මුදලක් අය කළ ද අද වනතුරු ඒ සම්බන්ධ ගිනුම් වාර්තා ඉදිරිපත් කර නැතැයි ද ඔහු කීවේය.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය තාවකාලික වාරණය ඉවත් කරනවාද නැද්ද යන්න ලබන 20 වැනි දා සලකා බලන බව කීවාය.

 

 



අදහස් (0)

වාරණයට එරෙහිව කහඳගම උසාවි යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site