නාඋල - ඇලගමුව, ‘අලියා වැටුණු වෙල්යායේ ‘ අද(03) අලුයම් කාලයේ දී වෙඩි වැදුණු වල් අලියකු මිය ගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.
රත්ගම්මන වනජීවී කාර්යාලයෙන් කළ විමසීමක දී වනසත්ව අඩවි සහකාර ආර්.එම්. සී. බණ්ඩාර මහතා කියා සිටියේ සිය දෙපාර්තමේන්තුව යටතේ පවතින වෛද්‍ය ඒකක මේ වන විට වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් අලියාට ප‍්‍රතිකාර කිරීම ප‍්‍රමාද වූ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේවා කාට කියන්නද කියලා. මොන වර්ජන තිබ්බත් මෙවැනි දේවල් අනුමත කරන්නේ කොහොමද? (බ)
චන්න තමයි වැදගත්ම ප්‍රශ්නය අහන්නේ. අපේ අලි සම්පත දවස ගානේ වෙඩි වලින්, හක්ක පටස් වලින්, කෝච්චියෙන් ආදී වශයෙන් එක එකා අඩුවෙනවා. පැටවූ ටික පන්සල් අයිනේ දමල යාමෙන් තව කොටසක් උන්ගේ රාජධානියෙන් ඉවත්වෙනවා. මොවුන් බලාගන්න ඉන්න කට්ටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් විතරක් ඇහැ ඇරලා බලනවා. හීලා අලි සියලුම දෙනාගේ කකුල්වල ලේ ගලන තුවාල, හෙන්ඩු පාරවල් වලට. අනේ අපේ කැලේ රජවරුන්ට ගිය කල! (බ)
දැන් වර්ජනය කරපු උන් ටිකට ඔය සතාව බෙදාගෙන කන්න කියන්න. කාලකන්නි (බ)
මේවා නම් සහගහන අපරාධ.! දිනෙන් දින වැනසීයන අපේ වටිනා අලි සම්පත රැකගන්න බැරි හැටි. අපේ අලින්ගේ වටිනාකම අපේ අයට නොතේරුනාට, පිටරට වලට ඇවිල්ලා බලන්න මොනතරම් උත්සාහයක් ගන්නවාද කියා මොවුන්ව සංරක්ෂණය කරන්න. (නි)
ලෝකෙන්ම හොඳම අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ කියන එක නැවත වතාවක් ඔප්පුවුණා අපේ උගතුන්ගේ හැසිරීමෙන්. (නි)
අලියා වැටුන වෙල්යායේ නොව කොතනකවත් අපේ අලි සම්පතට මෙවන් විපතක් නොවේවා.! (බ)
එහෙම නෙමෙයි දර්ශන, කුණු ඕජස් හැලෙන තත්ත්වයට පත්වෙන්න ඉඩ හැරලා ඒ වගේ වර්ජනවලට හැමදාමත් මග පාදවන අයගේ කටේ ඔබමු. තවත් එකක්, අලියා ශක්තිමත් විශාල එකෙකු වූවත් උකුස්සන්ට හා මොණරුන්හට ලබාදුන් සත්ව කරුණාවම ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා (බ)
එතකොට අලියට වෙඩි තැබූ කෙනා ගැන මොකක්ද ගන්නා පියවර? (නි)
අලින්ගේ වනාන්තර ටික ටික දේශපාලන බලවතුන්ගේ අයිතියට පත්වෙන කොට අලි මිනිසුන්ගේ සීමාවට එනවා. මේක බරපතල වැරද්දක්. අලි මරණ එවුන්ට මතු කිසිම දිනක මිනිස් ආත්මයක් නොලැබේවා කියා සංවේගයෙන් ලියමි (බ)
මෙහෙම අලි මැරන්න ගියොත් අන්තිමට පන්සල් වල ඉන්න අලි ටික විතරයි ඉතුරු වෙන්නේ.(හේ)
දවසින් දවස එක එකා අඩු වෙනවා. පස්සේ කියයි වඳ වීගෙන යන සතුන් ජාතියක් කියල....තමන්ගේ ජොබ් එක හරියට නොකර වැඩ වර්ජනය කිරීම හොදද..(කෞ)
මේවා ශාපවදින අපරාධ දෙවියනේ (නි)
බලන්න කොච්චර වේදනාවක් විඳලද මේ සතා මැරිලා තියෙන්නේ? පොළවේ පස් කාලද කොහේද වේදනාවට. අහිංසක සතා! මේවා සහගහන අපරාධ. අලි සියල්ලම මැරෙනතුරු ආණ්ඩුවේ ලොකුපුටු තද නින්දේ (නි)
එහෙම කොහොමද වෙන්නේ ලංකාවේ. ලංකාවේ ඉන්නේ සේරම දන්නා උදවියනේ පව් අහිංසක සතා (බ)
දර්ශන එතකොට වෙඩි තියපු අසරණයට පොඩි කෑල්ලක්වත් දෙන්නේ නැතිද.(බ)
අලියා හා මිනිසා අතර ගැටුමක් පැවතුනද මේ ක්‍රියා දාමය සිදුවන්නේ ඔවුන්ගේ ජීවන බිම් සීමා ජනතාව එළිපෙහෙළි කිරීම නිසාවෙනි එසේම මිනිසා අලියෙකු තම ආරක්ෂාවට හා දේපල හෝ වගා බිම් ආරක්ෂාව වෙනුවෙන් ඝාතනය කළද ඔවුන්ගේ සිත් තුල වෛරයක් නැති බව මේ මිනිසුන් සතාගේ දේහයට කරන ආවරණය ආකාරය මගින් පිලිබිඹුවේ එහෙත් සතුන් ගේ සියලු ආරක්ෂාවන් ලබා දීමට රජය මගින් වැටුප් ගෙවා පවත්වාගන යන ආයතන වල සේවකයන් මෙවන් අහිකුන්ටක වැඩ වැරුම් නිසා අහිංසක සත්ව ජීවිත විනාශවීම රජය මගින් පාලනය කළ යුතුය (බ)
බෞද්ධ රටක් නිසා කමක් නැහැ. කෝ මේ අපේ අය ? බුදුන්ගේ නිර්මල දහම විනාශ කරන ටිකවත් මේවට කතා දාන්නේ නැහැ (බ)