කොටුව දුම්රියපොළ අද (08) පාළුවට ගියේය.වෙනදා උදේ 10.30 වන විට දුම්රිය 120 ක් පමණ එහි පැමිණි නමුත් අද පැමිණයේ දුම්රිය 13 ක් පමණක් බව කොටුව දුම්රිය අධිකාරි සුනිල් පල්ලියගේ මහතා කියයි.
ප්‍රධාන මාර්ගයේ දුම්රියන් කිහිපයක් එක ළගම පැමිණිම නිසාත් සංඥා පාලක මැදිරියේ සේවකයින් වර්ජනයට සම්බන්ධ වී සිටීම නිසාත් දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දුම්රියන් කිහිපයක් නවතාගෙන සිටින අයුරු දැකගත හැකි විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගෑසුත් අඩු වුණා. වැඩි පඩි මොකටද මහත්තයෝ? පෝළිමේ ගිහිල්ලා ගහමු කතිරය. තව බඩු මිල ටිකක් අඩු විය යුතුයි. තව මදි, හොඳටම මදි. (නි)
රට වටේම වැඩ වර්ජන එතකොට කවුද මේ රජයට චන්දය දීපු කට්ටිය. පිට රටකින් අාවාද, තවම රජයට හිතුනේ නැහැ යුද්දෙයන් බැට කාපු ජනතාවට සහන දෙන්න (නදී)
පඩි වැඩි කරනවාට වඩා , බඩුමිල අඩුවෙනවා නම් ඉතාමත්ම හොඳයි. විය යුත්තේද එයමයි. මොකද රටේ හැමකෙනාම රජයේ සේවකයෝ නොවෙයිනේ. නමුත් අය වැයෙන් නැවත වැඩි කරන්න නම් බලාගන අඩුකිරීම් කරන්න එපා (නදී) ඒක යල් පැනපු විහිළුවක්,
මේවා දැක්කමනම් මටත් හිතෙනවා ඩුබායි තිලක් මහත්තයෝ ඔයාගේ පොන්සේකා මහත්තයටම තමයි මේ රට දෙන්න ඕන කියලා. (නදී)
"මේවා දැක්කමනම් මටත් හිතෙනවා ඩුබායි තිලක් මහත්තයෝ ඔයාගේ පොන්සේකා මහත්තයටම තමයි මේ රට දෙන්න ඕන කියලා. " එතකොට කොහොමද වාහන ගණන වැඩි කොර ගන්නේ. (නදී)
මට හිතෙන්නේ වර්ජකයන් මේ රස්තියාදු වෙන මිනිසුන්ට බාරදුන්නා නම් නියම දඬුවම දේවි (නි)
දුම්රිය නැවතුම්පලේ බුලත්විට විකුණන්ඩ දීල කෙල ගහන්ඩ එපා කියනවා. අපේ රට සින්ගපුරුවක් කරන්ඩ යන්නේ මෙහමද? (අ)
මේව පත්තරේට දැම්මට වැඩක් නැහැ පාලකයන් මර නින්දේ ගොළුවෝ බීරො වගේ තමා වැඩ කරන්නේ (අ)
බමුණු මහත්තයට මගේ වාහන දෙක පෙන්නන්න පුලුවන්නම් බමුණු අඩනවා. බමුණු කාවදෝ හිතාගෙන ඉන්නවා මම කියලා වැරදි වැටහීමකින්. මම කීවේ මේ වෘතීය සමිති කාරයෝ ටික පරසක්වල ගහන්න ඒ වගේ චරිතයක්ම ඉන්න ඕනා කියලා. (නදී)
මේ ගොල්ලෝ කරන ක්‍රියාවෙන් පීඩාවට පත් වෙන්නෙත් අසරණ දුම්රිය මගීන්. බහුතරයක් දුම්රියෙන් යන්නේ නිර්ධන පන්තියනේ. (නදී)
බුලත් කෑම ගැන කිව්වම මට මතක් වුණේ. දවසක් බස් නැවතුමේදී මම කොළඹ එන්න රත්නපුර බස් එකකට නඟින්න යනකොට බුලත් කෙල පාරක් වැදුනා රතු පාටට මගේ පිටපුරා සුදු කමිසේ. පිටිසර ගම් පළාතකට යන බස් එකක හිටි වයසක කිරිඅම්මා කෙනෙක් තමයි වැඩේ කළේ. බස් එකට නැඟලා මම කෑගහලා ඇහුවා කව්ද මේ වැඩේ කළේ කියලා. මට අර කිරිඅම්මා දැක්කම අපේ අම්මා මතක් වුණා.ගමනක් යද්දී අපේ අම්මා බුලත්විට නොකෑවත් මට මොකුත් කියන්න බැරි වුණා ඒ අම්මට. අන්තිමට කඩේකින් වතුර බෝතල් දෙකක් අරගෙන ඔළුවයි කමිසයයි හෝදගෙන රතු පැල්ලම පිටින් කොළඹ ආවා. බුලත් කෑම අපේ සංස්කෘතික අංගයක් කියන එක හරි වෙන්න ඇති. බුලත් කෑම තහනම් නොකර පාලනය කරන්න පුළුවන් නම් හොඳයි (නි)
ආසියාවේ සතුටින්ම ජීවත්වෙන මිනිසුන් ඉන්නේ ලංකාවේ කියලා විශාල ප්‍රසිද්ධියක් දුන්නනේ.මේ ඡායාරූප දකිනකොට මටත් එහෙමම හිතුනා. (නි)
පෙරකළ පිනකට,හොඳ වෙලාවට අපි ලංකාවෙන් ගියේ. පේනවනේ! (නි)
බුලත් කෑම අපේ සංස්කෘතික අංගයක්. එය එපා කියන්න එපා (නි)
කරුණාකරලා රට ලස්සනට ගොඩනඟන්න අපි හැමෝම එකවගේ සිතමු. ස්තුතියි. (නි)