(අමල් වික්‍රමරත්න)
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළද ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් කොළඹ බලා ගමන්ගත් බව ගාල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක නිලධාරීහු පැවසූහ.
උදෑසන4.55ට ගාල්ල සිට කොලඹ බලාගමන්ගන්නා කාර්යාලයීය දුම්රිය සහ ගාල්ලෙන් පෙරවරු 5.55කොළඹ බලාගමන්ගන්නා දුම්රිය විනාඩි12ක් ප්‍රමාදවී ගාල්ලෙන් ගමන් ආරම්භ කළ බව ඔවුහු කීහ.
ඉන් අනතුරුව කිසිදු දුම්රියක් ගාල්ලේ සිට කිසිදු ගමනාන්තයක් කරා මේ දක්වා ගමන් කර නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !
මේ වගේ වර්ජනවලට කිසි කෙනෙක් සහය දෙන්න එපා . මැතිවරණයට ඔබගේ මනාපය පල කරන්න. නමුත් මේ වගේ වර්ජන වලට යාමෙන් රට වලපල්ලට යාම තව ඉක්මන් වෙනවා .
මගීන්ගේ පහසුව සඳහා ඉන්දියාවෙන්, චීනයෙන්, ඇමරිකාවෙන් හෝ වෙන ඕනෑම තැනකින් කොතරම් සැප පහසු කාර්යක්ෂම දුම්රිය නැව් පිටින් ආනයනය කලත් මෙවැනි හදිසි අසාධාරණ වැඩ කරන, ජනතාව අපහසුතාවයට පත්කරන මේ දුම්රිය වර්ජන තරයේ හෙලා දැකිය යුතුය. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් හැටියට නිර්දේශ කර ගැසට් කිරීමට දැනටමත් රජය පමා උනා වැඩියි. දුම්රිය ඇතුළු අනෙකුත් ගමනාගමන සේවා වෘත්තීය සමිති නායකයන්ගේ පවුල් බූදල් නොවන බව ඔවුන්ට නොදැනේනම් ඔවුන්ට තේරෙන භාෂාවලින් රජය තේරුම් කර දිය යුතුය.
ජීවත් වෙලා ඉන්නම හිතෙන රටක්.