අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අද කළ විශේෂ ප්‍රකාශයෙන් පසු අඟහරුවාදා (15) යෝජිත වැඩ වර්ජනය බොහෝ දුරට නොපැවැත්වෙන ලකුණු දක්නට ඇතැයි වෘත්තීය සමිති ආරංචි කියයි.
වෘත්තීය සමිතිවල වල ප්‍රධාන ඉල්ලීම වූයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි නොකරන බවට රජය පොරොන්දු වන්නේ නම් වර්ජන තීරණය වෙනස් කරන බවයි.
අගමැතිවරයා රෝමයේ සිටින ජනපතිගේ ද එකඟත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයෙන් ඉන් ඔබ්බටද ගොස් තවත් සහන කිහිපයක්ම ප්‍රකාශ කළේය.
දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 3500කින් ද, ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් ද පහළ දැමීමත්, ටෙලිකොම් සමාගමේ ඉතිරි වී ඇති මෑන් පවර් ප්‍රශ්නය කඩිනමින් විසඳීම, පෞද්ගලික අංශයට රුපියල් 2500ක ලබන මැයි මාසය වන විට ගෙවීම, ත්‍රීරෝද හා යතුරුපැදි සඳහා තක්සේරු ගාස්තුව රුපියල් 3000 දක්වා අඩු කිරීම ආදී සහන අගමැතිගේ කතාවෙන් පොරොන්දු වූ දේ අතර වෙයි.
අඟහරුවාදා වර්ජනය කරන්නේද නැද්ද යන්න ගැන වෘත්තීය සමිති නායකයෝ මරාදානේ සමාජ හා සාමාජිය කේන්ද්‍රයේ රැස්වී සාකච්ඡා පවත්වති.
ජනතා විමුක්ති පෙරමුණ මෙම වර්ජන තීරණයට හවුල් වූයේ නැත. ඔවුන් කියා සිටියේ කැමති කෙනකුට වර්ජනයට හවුල් විය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වර්ජනය නොවෙන තරමටම හොදයි. හෙට දින සාමාන්‍ය පෙල විභාගයට මූන දෙන දරුවන් අපහසු තාවයට පත් කරන්න එපා. (අ)
රට ගැන හිතලා වර්ජනයෙන් ඉවත්වෙමු .(ම)
වර්ජන සිදු නොවේනම් ඉතා හොදය. නමුත් මේ පාලකයන්ට පාඩමක් උගැන්විය යුතුය. (ර)
කම්කරැ අයිතීන් වෙනුවෙන් හෙට වර්ජනය කලයුතුමයි.. (ර)
අපි හෙට වර්ජනය කරනවා.. පාරේ එක බස් එකක්වත් හෙට දුවන්නේ නැ. (ර)
අප හෙට වර්ජනයට සම්පුර්ණ සහය දෙනවා. (ර)
වර්ජනයට සම්පුර්ණ සහය. (ර)
රනිල් සමග අනුර (බ)
ආදායම් බලපත්‍රයට දැන් කීයද? මම තවම ගත්තේ නැහැ (නි)