
(සුජිත් හේවාජුලිගේ )
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල් සේවකයන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි.
මේ හේතුවෙන් තැපෑලේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා පවසන්නේ දිවයින පුරා කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවයි.
සියලු සේවකයන්ගේ නිවාඩු අද හෙට සහ අනිද්දා අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් කොහොමත් පින් පඩි කාරයෝ...!...
දුම්රිය දෙපාර්තමේන්තුව සහ LRC එක ගාවට වැඩිම ඉඩම් තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට... ඒවාත් සෑම නගරයකම හොඳම ලොකේෂන් වල. අවශ්‍ය ප්‍රමාණයට සේවකයන් සහ සම්පත් ඕනේ තරම් තියෙනවා. ඒ තිබිලත් පාඩු ලබනවා. නුවරඑළිය තැපැල් කන්තෝරුව විතරක් නෙමෙයි මුලු තැපැල් දෙපාර්තමේන්තුවම පෞද්ගලීකරණය කරලා මේ පින්පඩි ගන්න යූනියන් කාරයෝ ටික අයින්කරලා තැපැල් දෙපාර්තමේන්තුව රජයට ආදායමක් ගෙනඑන තැනක් බවට පත්කළ යුතුයි..