පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම වර්ජනය කරන්නේනනම් ඉන්දියාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර තනිවීම නොවැළැක්විය හැකියැයි ශ්‍රී ලංකා රජයේ අදහස වී තිබේ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා පසුගියදා නව දිල්ලියේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාමාජික රටවල් සියල්ල කැමැත්ත පළ කර තිබියදී එය වර්ජනය කිරීමට කිසියම් රටක් සැරසෙන්නේනම් එය එම රට අනෙක් සාමාජික රටවල් අතර තනි වීමට හේතුවක් වනු ඇතැයි පවසා ඇත.
දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේත් බලවත් රටක් යැයිද මෙනිසා පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීම නොව දකුණු ආසියා කලාපයේම හා ඉන්දියාවේම සුභසිද්ධිය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවට සහභාගී වීම ඉන්දියාව සතු වගකීමක් යැයි කාරියවසම් මහතා කියා තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව පැවැත්වීමට තවත් දින ළං වූ පසු සහභාගීත්වය ගැන ස්ථීර පිළිතුරක් දීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ විදේශ ලේකම් සුජාතා සිං පසුගිය සතියේ ප්‍රකාශ කළාය.
ඇයට අනුව ඉන්දියාවට විදේස් සබදතා මෙන්ම රටෙහි අන්තර් සබදතාද එකසේ වැදගත් බැවින් පවතින තත්ත්වය දෙස බලා සුදුසු තීරණයක් ගැනීමට ඉන්දියාව කටයුතු කරනු ඇත.
මේ අතර ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව වර්ජනය කළ යුතුයැයි දැඩි මතයක සිටිනා තමිල් නාඩුවේ දේශපාලන පක්ෂ ඉන්දියාව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව වර්ජනය කළ යුතු යැයිද ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත්වී සිටය යුතු යැයිද සදහන් වන යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ඇත.
ඉන්දියාවේ පාලක කොංග්‍රස් පක්ෂ රජයේ ප්‍රධාන ආධාකරුවන් වන තමිල්නාඩු දේශපාලන පක්ෂ සම්මත කර ගෙන ඇති මෙම යෝජනාව නිසා රජය තවත් පීඩනයට පත්ව ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.
ඉන්දියාවේ සහභාගීත්වය ගැන ස්ථීර අදහසක් ලබාගැනීමට තවදුරටත් කල්මැරීමට සිදුවන සෙයක් පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ආවත් එකයි නැතත් එකයි. අපි සැලෙන්නෑ. (ස)
ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ඉවත් කරලා මොන පොදුරාජ්‍ය මණ්ඩලද? ඒ නිසා ඉන්දියාව තනි කරන්න අනික් රටවල් අකමැති වේවි. ඉන්දියාවත් එක නොදන්නවා නෙමෙයිනේ. හැබැයි ඉන්දියාව අපිව ගණන් නොගෙන කටයුතු කලොත් අපි චීනයටයි, පකිස්තානේටයි ලංවෙයි කියන හේතුව නම් ඉන්දියාව නොසලකා හරින එකක් නැහැ. සමුළුවට එන්නත් ඉඩ තියෙනවා ඒනිසා. .(නදී)
අඩු ගානේ ජයලලිතවත් එවන්න බැරිද ? ගෝල්ෆේස් එකට එනවා නම් අපි හොඳට සලකන්නත් ආසයි. (ස)
දැනටමත් අපේ ඇත්තෝ සුපිරි වර්ජනයකට ලක ලැහැස්ති වෙනවද කියලා ආරංචියක් නම් නැහැ (නි)
අපිට කවුරුවත් අව නඩු කියලා වැඩක් නෑ . මෙම උත්සවය පැවැත්වීමෙන් රටේ ඉහල යන බඩුමිල දරන්නේ රටේ මහජනතාව අන්න ඒකට පිලියමක් දෙන්න............. අපි දැන් මේ කරන්නේ ඉල්ලන් කෑමක් නැද්ද(නදී)
ඉන්දියාවත් කාලෙකට පස්සේ හොඳ උගුලකට මාට්ටු උනා නේද ? ගෙදර ගියොත් අඹු නසී ? මග හිටියොත් තෝ නසී ? වගේ කෙස් එකක් නේද !.(නදී)
ඉන්දියාව පස්සෙන් යනවට වැඩිය හොඳයි. අපිම බුවල්ලකින් තලා ගත්ත නම්. ඒ කාලේ දුන් දේවල් හොඳටම ඇති. ඒවා නම් වසර දහස් ගානක් පැවැත්වෙනවා. ලක් වැසියන් ඉන්දියාව පැත්ත බලාගෙන වැඳ නමස්කාර කළ කාලය හොඳටම ඇ . දැන් නම් දෙන දේවල් ලක් වැසියන්ට ගුණ නැත. නිකන් දුන්නත් එපා.(නදී)
මා අසා ඇති පරිදි ඉන්දීය නායකයා ලෝක රාජ්‍ය නායකයන් අතර උගතෙක්. ඒත් බුද්ධිය තියෙනවාදැයි නොදනී. ප්‍රාන්ත රාජ්‍යයන් ගහන පදයට තාලම්පොට ගසා අසල්වැසි ස්වාධීන රාජ්‍යයක් නැටවීමට උත්සහ කරනවා නම් ඒ ඔහුගේ බුද්ධියේ තරම ලොවටම කියාපෑමකි. කරුණු කෙසේ සිදුවෙමින් තිබුණත් අනිවාර්යයෙන්ම මේ සමුළුවට ඔහුට සහභාගී වීමට සිදුවේ. (ස)
ඉන්දියාව කොන් වෙන එක කොහොම උනත් ලංකාව නම් ලෝකෙනේ කොන්වෙලා වගෙයි දැන්.(නදී)
අන්තිමට ඔය අගමැති සමුළුවට එනවා! ඔය දානේ පොඩි ට්‍රික් එකක් තමිල්නාඩුවේ කරච්චල් කාරයින්ට..(නදී)
ඔය බමුණා නොඑන තරමට අපිට හොඳයි. නියෝජිතයෝ එවුවට සමුලුවේදී අපෙන් ප්‍රශ්න කරන්න බැහැ. ඔය බමුණා නියෝජනය කරන කොන්ග්‍රස් පක්ෂේ රට පාලනය කරන කාලේදී තමයි කොටින්ට තමිල්නාඩුවේදී හමුධ පුහුණුව දුන්නෙත් , අපිට අහසින් පරිප්පු දැම්මෙත්, ගිවිසුම් ගහන්න බල කලෙත්, රජිව් ගාන්ධිව මරලත් කොටින්ට උදවු කිරීම තවම අත හරින්න බැරි උණා .කෝටි ගණන පිට රටවලට ණය වේවි සමුළු පවත්වල එක එකාගෙන් කතා අහගන්නවට වඩා හොඳ නැද්ද ඔය මුදල් රටේ අනගත සුභ සිද්ධියට ඉවහල් වෙන අධ්‍යාපනය වැනි දෙයකට යෙදවුවා නම්. (ස)
බටහිර රටවල් එංගලන්තය සවුත් අප්‍රිකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ ලොකු රටවල් ටික ඉන්දියාවට උදව් කරනවා නියතයි. ඉන්දියාව කොන් වීමක් වෙන්නේ නැහැ. ඔන්න ඔය වැඩක් නැති පොදු රාජ්‍ය මඩුලෙන් ලංකාව ඉවත් වනවානම් ඔය අපිට සෙල්ලම් පෙන්නන අයට සෙල්ලම් නවතාගෙන . අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන් . නොබැඳි ජාතියක් හැටියට . අපි තාම නොබැඳි ජාතියක් නෙමේ නිසා .(නදී)
ලංකාවේ වාසියට අපේ අය කතාකළාට ඉන්දියාවේ අය එහෙ ප්‍රශ්න විසඳාගෙන තීරණ ගන්න ඕනෑ නේද? (නි)
විශාල මුදලක් වියදම් කර මින් ගන්න හදන ආර්ථික වාසි මොනවාද කියලා දන්නවද ? ආයෝජකයෝ 6000 එනවලු! (නි)
සමහරු මෙතන කරලා තියෙන අමන කතා දැක්කම හිනා යනවා. .(නදී)
අපි ඔබ සමගින් එක්වී වැඩ කිරීමට බැඳී සිටිමු. ඉන්දියාව ඔබට එදා මෙන්ම අදත් අපි ගරු කරන්නෙමු. ඔබ නෙතිනම් අද ලංකාවක් අද නැත. මිහිඳු හාමුදුරුවන්ගේ සිට සංගමිත්ත තෙරණිය තෙක් ඔබ අපට දුන් දායකත්වය ලංකික අපට අමතක නැත. අපි ඔබට ගරු කරන්නෙමු. (අ)
ඉන්දියාව මෑත කාලයේදී ලංකාවට කෙනෙහිලිකම් කරන්න පටන් අරන්. අපි පොඩි රටක් වුනාට භාණ්ඩ ආනයනයේදී ගනුදෙනුවලදී ඉන්දියාවෙන් ඒවා මිලදී නොගෙන වෙනත් රටවලින් මිලදී ගන්න පෙලබෙනවා නම් පොඩ්ඩක් එයාලව කොනිත්තන්න පුළුවන්. ලංගමයට බස්රථ මිලදීගැනීමේදී වෙනත් වාහන ගෙන්වීමේදී වෙන රටවල් වලට යොමුවීම පොඩි උදාහරණයක්. (නදී)
ලුම්බිණි, ඔය කියන වචනේ ටිකක් විග්‍රහ කෙරුව නම් බලන්න.මම වගේ නොතේරෙන අයට දැනගන්නත් එක්ක. (දිල්)
ඉන්දියාව අනෙක් රටවල මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් කතාකලාට ඉනදියාව තරම් මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කරන වෙනත් රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති. කුල බේදය දැඩිව සලකන ඉන්දියාව පහත කුලයේ( විසහෙශයෙන් දලිත්) උපන් යට සලකන විදිය කවුරු කවුරුත් හොයාලා බැලුවොත් ඉන්දියව ලංකාවේ දෙමල ජනතාව වෙනුවෙන් හෙලන කිබුල් කදුළු ගැන හොදට හිතාගන්න පුළුවන.හිපොක්රිට් ඉනදියව (අ)
මෙහෙම ගියාම ඉන්දියාව තනිවීම කෙසේ වෙතත් අපේ රට තනි වෙයිද කියලයි අපට භය. (ස)
අපි අපේ රට වෙනුවෙන් කතා කලාට ඉන්දියාව අතහැරලා ලංකාවට උදවු කරන්ඩ කවුරුත් එන්නේ නැහැ. ඉන්දියාව කියන්නේ අද ලෝකයේ ප්‍රබල රටක් එකයි ඇත්ත .(අ)
මෙම සංගමය තුල සිටීමෙන් අපිට වැඩිපුර ලැබෙන්නේ පාඩු, මෙම සංගමය තුල සිටින ඔස්ට්‍රේලියා , කැනඩා , නවසීලන්තය වැනි සුදු ජාතිකයන් බහුලව සිටින බ්‍රිතාන්‍යයට ගැති බලවත් රටවල් බලන්නේ නිතරම එක එක ප්‍රශ්න දමමින් ආසියාකරයේ දුප්පත් රටවල් යම්කිසි ආකාරයකට තමන්ගේ පාලනයේ තබාගන්න. අපේ රටේ දැවෙන ප්‍රශ්න බවට පත්ව තිබුන ත්‍රස්තවාදී ප්‍රශ්න වැනි ප්‍රශ්න වලදී මොවුන්ගෙන් ඍජුවම උපකාරයක් අපිට නොලැබුණි. ඉඳහිට ණයක් ලැබුණි. නමුත් අපි ඒවාට පොලි ගෙවන අතර ඔවුන්ගේ පදයට නැටුවෙමු. අපි කලයුතේ අපිට හිතවත් අසල්වැසි රටවල් සමග දේසපාලන ආර්ථික සම්බන්ධතා තර කරගන්න අතර අපේ රට තුල සිදුවන වංචාව දුෂණය අවම කර ගැනීමට කටයුතු කිරීමයි. එමඟින් අපිට දියුණු විය හැක. කෝටි ගණන වියදම් කරමින් සමුළු පවත්වමින් සහ ඒවාට සහභාගී වීමෙන් පමණක් අපි ආර්ථික වශයෙන් දියුණු නොවේ. සමුළුව සමඟ මහා පරිමාණ බහු ජාතික ආයෝජකයන් මෙරටට ආවත් ඔවුන් මෙහෙ ආයෝජනය කලත් පසුව ඔවුන් ආයෝජනය කල මුදල මෙන් කිහිප ගුණයක් පිටරටට ගෙනයනු ඇත. එනිසා අප කල යුතේ පිට රටවල සිටින ශ්‍රී ලංකික සුළු පරිමාණ ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට දිරිමත් කිරීමය. නමුත් එවැනි පැහැදිලි වැඩපිළිවෙලක් තවම දකින්නට නොමැත. (ස)
ඉන්දියාව කොන් වෙනවා දකින්න නම් අපිත් හරිම ආසයි. හැබැයි ඕක වෙන්නේ කවදාද? ඉන්දියාව දියුණු වෙන ආර්ථිකයක් තිබෙන රටක්. ඉන්දියාව එක රටක් කොන් කරනකොට තව රටවල් ගොඩක් කැමතියි සම්බන්ධතා ඇති කර ගන්න. (නි)
මෑත කාලේදී නෙමෙයි, ඉතිහාසෙත් මේ රට විනාශ කළා. පාසල් වල ඉතිහාසය උගන්නන්න දැන්වත් පටන් ගන්න. (නි)
රුවන් වගේ මිනිස්සු නිසා තමයි සිංහල ජාතියත් බුද්ධාගමත් වැඩිකලක් යන්න පෙර නැති වෙනවා කියලා කියන්නේ. (නි)
ඉන්දියාව කියන්නේ ලෝකයේ වැඩියෙන්ම ඉංග්‍රීසි කතා කරන ජනතාවක් ඉන්න රට. ඒ ඇරුනම ලෝකයෙන්ම දෙවැනියට ජනගහනය ඉන්න රට.අපි ඉන්දියාවට යටත් වී ජීවත් විය යුතු නැති උනත් ඉන්දියාව කියන්නේ කොමන්වෙල්ත් එකේ තියන හතරවෙනි රට. යූකේ, ඕස්ට්‍රේලියා, කැනඩා, නවසීලන්තය පමණක් ඉන්දීය වට ඉහලින් ඉන්නේ. (ස)
සම්, ඔබට අමතක් උන දෙයක් ඉන්දියාව කියන්නේ කොමන්වෙල්ත් එකේ වැඩිම පිරිසක් මන්ද පෝෂණයෙන් පෙලෙන රට , කොමන්වෙල්ත් එක වැඩිම ජාතිවාදියෝ ඉන්න රට , වන්දනාවේ යන හමුදුරුවොන්ටත් අල්ලාගෙන ගහන මිනිස්සු ඉන්න රට , අපි නොදන්නා ඉන්දියාව. (ස)
තමිල්නාඩුවේ කෑ ගහන අය ටික නරකද වැසිකිළි ටික හදලා දුන්නා නම්? (නි)
ද සිල්වා, මමත් ඔබ තුමාගෙ මතයෙම තමයි ඉන්නෙ. ඒත් කොහෙද මේ රටේ නායකයො කියන අය සුද්දගෙ පස්සෙ මනෙ යන්න හදන්නෙ. .(නදී)
හැබැයි ඉන්දියාව නැහැ කියලා දුක්වෙන්න පසුතැවෙන්න ඕනෑ නැහැනේ. අපි එන්න එපා කියලා නැහැනේ. (නි)
සුද්දෝ සුදු උනාට උන්ගේ සමහර වැඩ සුදු නැත.එකල මෙන් මෙකල ද අපේ රට පාගන්න, අපේ රට විනාශ කරන්නට උන්ට උදව් කරන්නේ අපේම සමහර සිංහල, දෙමල දේශද්‍රෝහීන් බව පෙනේ .පාවාදීම් වලින් ලොවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව බව දුකෙන් උනත් පැවසිය යුතුය. (ස)