නැගෙනහිර පළාතේ වෙරුගල් හෙවත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කැලෑවකින් කටාරම් කෙටූ බ්‍රාහ්මීය අකෂර සහිත ගල්ලෙන් කිහිපයක් දින කිහිපයකට පෙර සොයාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක මෙම කටාරම් සහිත ගල්ලෙන් පිහිටා ඇති බව පවසන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී ක්‍රියා සමයේ ඒවායේ ගිනි මෙලවීම් ආදිය සිදු කර ඇති බවට ලකෂණ ඇතැයි ද පවසයි. අවට ගම්වල වැසියන් මේ අවට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පවතින නිසා මේවායේ ආරකෂාව වහාම සැලසිය යුතුව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම ගල්ලෙන් බෞද්ධ ආරාම විය හැකි බවට සැක කෙරේ. මහරහතන් වහන්සේලා හෝ බෞද්ධ භිකෂුන් වහන්සේලා එහි වැඩ වසන්නට ඇතැයි සිතිය හැකි සාධක ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
![725-001A[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/725-001A1.png)
![725-002A[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/725-002A1.png)
![725-003A[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/725-003A1.png)
![725-004A[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/725-004A1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාඩ් බදුර්දීන්ට එහෙම කියන්ඩ එපා පාලු ඉඩම් තියනව කියල. ඇවිත් ගෙවල් හදයි (බ)
ලංකාවේ ඉපැරණි බෞද්ධ උරුමය රැක ගැනීමට රජයවත් මිනිසුන්ටවත් වුවමනාවක් නැහැ. බොහෝ සුළු පිරිසක් විතරයි මේ ගැන හිතන්නේ (බ)
දෙවියනේ! දකිනකොටත් ආසයි. අනේ මට මේවා බලන්න යන්න ඇත්නම්.. (නි)
ප්‍රථමයෙන්ම අපි මානවයාට දියයුතු තැන ගැන වටහාගත යුතුයි නේද? (නි)
මේ පුරාවිද්‍යා ස්ථාන රැක ගන්න.(හේ)