සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් රැකියා ලබාදීමේ වාර්ෂික වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ආරම්භ කළ සත්‍යග්‍රහයට දින පනහක් සපිරීම නිමිත්තෙන් 3200 ක් ආසන්න උපාධිධාරී රැකියා පුරප්පාඩු වහා සම්පුර්ණ කරදෙන ලෙස රජයට බලකරමින් ජනපතිගෙන් හෝ මුදල් ඇමැතිවරයාගෙන් ඒ සම්බන්ධ සාකච්ඡාවක් ඉල්ලීම සඳහා අද (06) එම සංගමය විරෝධතා පාගමනකින් ජනාධිපති මන්දිරය දෙසට ඇතුළු වීමට උත්සාහ දැරීය. නමුත් එම උත්සාහය අසාර්ථක විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාදියක් කියන්නේ රැකියාවත සුදුසුකමක්ද? පොතපතේ දැනුම තිබුණාට මදි මේ මිනිස්සු උපදින් ඔලුව උදුම්මාගෙන, පත්තරයක් අරගෙන බලන්න කොයිතරම් රැකියා තියනවද කියල. ආණ්ඩුවේ රස්සා වලටම පනින්න හදන්නේ නිකන් ඉදන් පඩි ගන්න පුළුවන් නිසයි (ම)
නියමයි. දැනටත් වැඩක් නොකර මහජනතාවගෙන් පින්බත් කන උන්දැලා හැම කොට්ඨාශයකම ඉන්නවා. තවත් එහෙම තියාගන්නේ මොන වැඩක් කරනවටද? (නි)
සැම දිස්ත්‍රික්කයකම සියලු ආපනශාලා ලියාපදිංචි කර තත්ත්ව ගත කර ශ්‍රේණි ගත කරන නියාමනය යන වැඩ පිළවෙලක් හදන්න. ඒ සදහා උපාධිදාරීන් යොදවා යන වියදම ලියාපදිංචි ගාස්තුවෙන් සොයාගන්න. (ම)
හොඳ වැඩේ තමයි යහපාලනයට ආවඩන්න ගියාට (නි)
මට විශ්වවිද්‍යාලයකින් මම අපහසුවෙන් උපයා ගත්ත ආචාර්ය උපාධියක් තියෙනවා. මම ඒක නොවිඳිනා දුක් විඳලා අමාරුවෙන් උපයා ගත්තු පර්යේෂණ උපාධි සාමාර්ථයක් මඟින් උපයා ගත්තු දෙයක් මිසක කව්රුවත් මට දීපු දෙයක් නෙවෙයි. නමුත් විශේෂ ශාස්ත්‍රවේදී ප්‍රථම පංති සාමාර්ථය ද දර්ශපනි උපාධිය ද ආචාර්ය උපාධිය ද සහිතව විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය සම්මුඛ පරීක්ෂණවලට ගියාට අපිව කපලා දාලා ඇමතිවරු ලියුම් දෙන සුදුසුකම් රහිත අය කථිකාචාර්ය පත්වීම්වලට විශ්වවිද්‍යාවලට බඳවා ගන්නවා. අපිට හැම තැනින්ම අසාධාරණකම්.ආචාර්ය උපාධියක් තියාගන අපි කුලී වැඩ කර කර දුක් විඳිනවා. මම විවාහකයි. පවුල නඩත්තු කරන්නේ කුලී වැඩ කරලා.අනේ මගේ සුදුසුකම් බලලා මට රස්සාවක් ලබලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.(රේ)
දැන් ඉතින් බෝට්ටුවකවත් නග්ගලා ඕස්ට්‍රේලියාවට යවන්නවත් බලමු නේද?? දැන් ආණ්ඩුවට ඔය වගේ දෙයක් ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
රටටම දැනී ඇත දැන් අපමණ වෙනසක් (බ)
ඇයි උපාධි ධාරීන්ට රැකියා නොදෙන්නේ.(හේ)
මොකටද මේ රැකියා නැති උපාධි. (කෞ)
මේ අයම නේද කිව්වේ වෙනසක් ඕනෑ කියලා. ඔබ බලාපොරොත්තු වුණ වෙනස නේද දැන් ලැබිලා තියෙන්නේ? (නි)
කිසිම විසඳුමක් නැති රජයක් තමයි පත්කරගෙන තියෙන්නේ. කරන විකාර වැඩ දැක්කකම අපිටත් පිස්සු හැදෙනවා (නි)
ඇමති තුමෙක් කිවුව නේද ඕන තරම් රැකියා තියනවා කියල පතල් කපන්න, ගාමන්ට් වල මහන්න, කුඹුරු කොටන්න, වැසිකිලි හෝදන්න, ඒවා කරන්න මේ අය කැමති නැතුව ඇති. ඇමතිතුමා කැමතිද කියල අහන්න ඒ වෙලාවේ කවුරුත් ඉදිරිපත් වුනෙත් නැහැ. (බ)