බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති පණ්ඩිත වරකාගොඩ ඤාණරතන අනු නාහිමියෝ (74) අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහ නායක ලෙස අද (7) ඒකඡන්දයෙන් තෝරා ගනු ලැබූහ.
ගලගම ශ්‍රි අත්ථදස්සි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු අස්ගිරි පාර්ශවයේ මහනායක ධුරය සඳහා හිමිනමක් තෝරා පත්කරගැනිම අද සිදුවිය.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවි දෙක හෙබ වු බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඤාණරතන අනු නාහිමියන් හා පොලොන්නරුවේ සොලොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි අනු නාහිමිවරුන් දෙනමම මහනායක පදවිය සඳහා ඉදිරිපත් වන බව සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දි තිබිණි.
1955 අප්‍රේල් මස 07 වැනිදා උඩපිටියේ ශ්‍රි සුමංගල, මැදගොඩ පඤ්ඤානන්ද, අළුදෙණියේ රතනපාල හා රඹුක්වැල්ලේ සද්ධානන්ද යන ගුරු හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හා එවකට අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක ධුරය හෙබවු යටවත්තේ ධම්මරතන මහනායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට ඇතුළත්වූ වරකාගොඩ ඤාණරතන හිමිගේ මවුපියෝ හාරිස්පත්තුව වරකාගොඩ දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නාරාළලාගේ පිංචිඅම්මාට දාව 1942 මාර්තු 18 වැනිදා ඒ හිමියෝ උපත ලදහ.
ශාසනික වත් පිළිවෙත් මැනවින් ප්‍රගුණ කළ වරකාගොඩ ඤාණරතන සාමණේරයානන් වහන්සේ 1962 ජූනි මස 09 දින අස්ගිරි මහාවිහාරිය මංගල උපෝසථාගාරයේදී ම අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලදහ.
පළමුව බදුල්ල විද්‍යොත්තංස පිරිවෙනේ හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනේ මුලික බණ දහම් ප්‍රගුණ කළ ඒ හිමියෝ මුලික අධ්‍යාපනය ලබා අස්ගිරි මහාවිහාර මහ පිරිවෙනෙන් හා පේරාදෙණිය ශ්‍රි සාරානන්ද පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය සාර්ථකව හදාරා ධර්ම විනය සහ ශබ්ද ශාස්ත්‍රයෙහි ප්‍රවිණත්වයක් ඇති කරගත්හ.
සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන්හි පුළුල් දැනුමක් ලැබූ ඒ හිමියෝ 1970 වසරේදි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලදහ.
1976 සිට ශ්‍රී දළඳා මාලිගාවේ තේවා කටයුතු ආරම්භ කළ නාහිමියන් 2004 හා 2005 වසර වලදී ද තේවා කටයුතු කළහ. 1990 වර්ෂයේ නොවැම්බර් 29 වැනිදා අස්ගිරි පාර්ශවයේ කාරඛ සංඝ සභික ධුරයට ශ්‍රිමත් පාලිපාන චන්දානන්ද මහනායක ස්වාමින්ද්‍රයන් විසින් පත් කරන ලද මහානාහිමියන් 2009 මැයි මස 01 දින ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්වි මෙරට බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළහ.
ඤාණරතන හිමියෝ බදුලු මුතියංගන රජමහා විහාරයේත්, අස්ගිරිය විජේසුන්දරාරාම පුරාණ විහාරයේත්, පොල්ගොල්ල උඩුගුන්නෑපාන බෝධි මල්කඩ පුරාඛ විහාරයේත් විහාරධිපති ධූරය හෙබවූහ.
1976 ගිනිගත්හේන බදුපොල විද්‍යාලයෙන් ගුරු භූමිකාව ආරම්භ කළ මහනාහිමිපාණෝ එතැන් සිට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, වලල පාතදුම්බර මහා විද්‍යාලය හා පොල්ගොල්ල වත්ත මහා විද්‍යාලයවල වසර 25 ක පමණ කාලයක් ගුරු වෘත්තියෙහි යෙදුණහ.
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූපය - සිසිර කුමාර බණ්ඩාර
වීඩියෝ -චමිල් රූපසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඥානරතන මහානාහිමියනි බුදු සරණ මිසක රජ සරණ නොයන්න .ඔබ වහන්සේට දිර්ඝායූෂ ලැබේවා (බ)
ගරු මහනාහිමියනි, ඔබවහන්සේ චිරාත් කාලයක් නීරෝගිමත්ව යෙහෙන් වැජඹේවා! (නි)
නිතරඟයෙන්ම පත්වීම ශ්‍රේෂ්ඨයි.....!!!! දළදා සමිදු පිහිටයි......(බ)
ඔබවහන්සේට දළදා සමිදු සරණ ලැබේවා! (නි)
අපේ අස්ගිරි පාර්ශ්වයේ අතිපුජනීය අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය සහ දිගාසිරි වේවා! (නි)
කොහොමටත් අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් දේශපාලන ගැත්තන්වත්, ප්‍රසිද්ධිය වෙනුවෙන් සටන්කරන උදවියවත් නොවේ. (නි)
දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ....(බ)
අනේ හාමුදුරුවනේ රටේ දරුවනට අනුකම්පාකර ඒ 26 පාර ඇරලා පෙනහළු රෝග හැදිලා ඉන්න ඒ දරුවො ටික සුවපත් කරදෙන්න. ඒ වෙනුවට විසදුමක් ලැබෙනකල්වත්. (ස)
අපගේ උණුසුම් සුබ පැතුම් ඔබ වහන්සේට.(හේ)
ඔබ වහන්සේට දිර්ඝායූෂ ලැබේවා.(හේ)
රට, ආගම, සියලු රටවැසියන් ගැන බලා වැඩ කටයුතු කිරීමටත් පාලකයනට නිසි මඟ පෙන්වමින් කටයුතු කරන්නටත් දළදා හිමි රැකවරණය නීරෝගී බව ලැබේවා...!!! (නි)
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! (නි)
හාමුදුරුවනේ හොරුන්ට පිරිත් නුල් බඳින්න එපා (බ)
ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය !. සංඝ නායක නාමයේ ගරුත්වය ආරක්ෂා කරමින් රටට සේවය කිරීම උතුම් , වරදාන වලට නොරැවටී. (බ)
සාදු සාදු හොඳ සේවාවක් සිදුකරන්න දළඳා සමිදු පිහිට ලැබේවා ! (බ)
ඔබ වහන්සේට මගේ සුභ පැතුම්! බුදුසසුනත් සංඝරත්නයේ ගෞරවයත් ආරක්ෂා කරගැනීමට දේශපාලන මඩගොහොරුවේ එරීඇති සංඝයා වහන්සේලා ඉන් ගොඩගැනීමට වැඩපිළිවෙලක් යොදන්න. (නි)
අභිනව පදවියේ කටයුතු කරගෙන යාමට ඔබවහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිට අාශිර්වාදය ලැබේවා! තුණුරුවන්ගේ සරණයි! (නි)
ගොඩාක් සතුටු අවස්ථාවක්. නිතරඟයෙන්ම පත්වීම ශ්‍රේෂ්ඨයි. (නි)
මහනායක හිමිපදවි ලත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා! සිංහල අයිතිය බොදු අයිතිය අහිමිවෙමින් පවතින අද එම අයිතිය රකින ලෙස දේශපාලකයන්ට බලකිරීමේ සිත් පහළවේවා! (නි)
සාදු සාදු සාදු (බ)
අපේ හාමුදුරුවනේ, මමත් බෞද්ධයෙක්. බුදුන් දෙසු දහමට පිටින් අනුහස් බලාපොරොත්තුවෙන් එන ගැත්තන්ට නොරැවටෙන්න කියා ඉල්ලනවා, ජාතිය හා ආගම වෙනුවෙන්. (නි)
තෙරුවන් සරණින් අපේ නායක හාමුදුරුවන් වහන්සේට රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උසස් සේවාවක් කිරීමට ශක්තිය ලැබේවා! (නි)
ගරු ඥානරතන මහානාහිමිහනි , හොරු දුෂිතයන් වංචාකාරයන් හඳුනාගැනීමට ප්‍රඥාව වැඩේවා.ඔබවහන්සේගෙන් සම්බුද්ධ සාසනයට ඉමහත් සෙතක් සැලසේවා, නීරෝගිමත් දීර්ඝායු ලැබේවා. සුවපත් වේවා!!(හේ)
ට්‍රිෂාන්, හාමුදුරුවන්ට කවුරු පන්සලට ආවත් එක සමාන වියයුතුයි. කවුරු ගියත් පිරිත් නූල් බඳිනවා. පන්සල කියන්නෙ ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් තැනක්. (නි)
රටේ දුප්පත් ජනතාව ඉන්න පැතිවල බයිබල් කාරයෝ පිස්සු නටනවා. මේවා නවත්වන්න වැඩ පිළිවෙලක් යොදන්න අපේ නායක හාමුදුරුවනේ. බිබිල පැත්තේ මේවා මහාපරිමාණයෙන් සිද්ද වෙනවා. (බ)