(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පිස්තෝලයක් පෙන්වා විශ්‍රාමික වෛද්‍යවරයකු යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ වෙද නලාව පැහැර ගත්තේ යැයි කියන ව්‍යාපාරිකයෙක් හලාවත මූලස්ථානපොලීසිය විසින් පෙරේදා 23 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මෙවැන්නක් කර ඇත්තේ බීමත්ව සිටින අවස්ථාවක බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවතට නුදුරු ප්‍රදේශයක පදිංචි ව්‍යාපාරිකයෙකි.

පැමිණිලිකාර විශ්‍රාමික වෛද්‍යවරයා කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකි විශ්‍රාමික වෛද්‍යවරයා අස්වරණ දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට ඒම සඳහා ඉකුත් 11 වෙනිදා පා ගමනින් පැමිණීමෙන් සිට ඇතැයි පොලිසිය පවසයි.