(රවී ලියනගේ)
දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ දී වයස අවුරුදු 35 සීමාව නොසලකා හරින ලෙස ඉල්ලා දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරිහු පිරිසක් අද (24) දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
දකුණු පළාත් සභාවේ මාසික රැස්වීම ඒ වන විට පැවැත්වෙමින් තිබු අතර විරෝධතාකරුවෝ පළාත් සභාවේ ප්‍රධාන දොරටුව අවහිර කළහ.
පැයකට වැඩි කාලයක් මෙසේ උදඝෝෂණයේ නිරත වීමෙන් පසු පළාත් ඇමතිවරයා හමුවීමට විරෝධතාකරුවන් පිරිසකට අවස්ථාව ලැබුණු අතර ඒ අනුව උද්ඝෝෂණය අවසන් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස 35 වෙනකොටත් උපාධිය සම්පූර්ණ කරන්න බැරි වුනා කියන්නේ ඇයි කියලා හිතලා බලන්න.
මොවුන් අවුරුදු 35 වෙනකන් කලේ පාරවල් ගානේ මේ වගේ හැසිරෙන එකම තමයි. ඉතින් ඔය ඉතුරු ටිකත් ඔහොමම හිටියනම් රටටත් අපටත් බරක් ඇත්තෙම නැත.
මා සිතන්නේ මෙය සාධාරණ ඉල්ලීමක් කියායි. රටේ රැකියා සහ සියලු අධ්‍යාපන අවස්ථා වලට ඇති වයස් සීමා ඉවත් කල යුතුයි.
රැකියාවල් දුන්නත් ඊළඟට සුමානයක් යන්න කලින් පඩි වැඩි කරන්න නැති නම්, උසස් වීම් දෙන්න තමයි. මොකද පුද්ගලික අංශයේ රැකියා හොයා ගන්න බැරි ? එතන රජයේ රැකියා වල වගේ අයිස් ගහන්න බැහැනේ !
හිමාල්, රුවන්, මෝඩ කතා කියන්න එපා. විශ්වවිද්‍යාල වලට ගිය නැති අය ඒවා ගැන දන්නේ නැ
මේක හරි වැඩක්නේ, වයසක අය රස්සාවලට අරගෙන ටික දවසකින් ඒ අය හැරමිටියෙන් යන්න ගනීවි. වැඩ නොකරම ඒ අයට පත්වීම් ලිපියත් එක්කම පැන්සොන් පෝම් එකත් පුරවල දෙන්න වේවි
මේකේ ප්‍රතිචාර දාන අයට මෙලෝ දැනුමක් නෑ වගේ. අවුරුදු 35 වෙනකන් මොනවද කලේ අහනවා. සමහර උපාධිධාරීන් ඉන්නවා ආණ්ඩුවට බරක් නොවී පුද්ගලික අංශයේ හෝ තම පුද්ගලික ව්‍යාපාර කරන අය. නමුත් කාලයක් යද්දී බංකොලොත් ආර්ථික ප්‍රතිපත්ති නිසා පුද්ගලික අංශය මෙන්ම තනි පුද්ගල ව්‍යාපාර කඩා වැටෙනවා. එතකොට ඒවායේ වැඩකරන උපාධිධාරීන් ගෙදර යවනවා. ඊට පස්සේ රජයේ රැකියාවලට අයදුම් කරනවා හැබැයි වයස් සීමාව පැනල. එකයි මේ ප්‍රශ්නේ. නිකන් කහනවට නෙවෙයි මෙහෙම ඉල්ලීම් කරන්නේ. මේ ලියන මටත් ඔය ප්‍රශ්නේම තියෙනවා. හැබැයි මම ඕකට ඉල්ලන්නේ බලාපොරොත්තුවක් නෑ. නමුත් කැමති හැමෝටම වයස් සීමාවකින් තොරව රජයේ රැකියාවක් කරන්නේ ඉඩ දෙන්න ඕන.
පෞද්ගලික අංශයට උපාධිධාරියෙකු බඳවා ගන්නේ කළමනාකරණ අංශයටයි. ඒ තැන්වල බොහෝවිට වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අද පිටවෙන උපාධිධාරීන් තම කුසලතා වර්ධනය කරගෙන මේ අභියෝගාත්මක තත්වයට මුහුණ දෙන්න සුදානම් බවක් පෙනෙන්නේ නැහැ. ඉතින් රජයේ රැකියාම හොයනවා.
රැකියාවක් ලබා දෙන විට වයස සීමාවක් සලකා බැලීම, මනුෂ්‍ය අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්.
දැනටත් විශ්ව විදායල වල උද්ගෝෂණය කරන අමන සිසුන්ට සිද්ධ වෙන්නෙත් මේ ටිකමයි. මේ අයට කච්චතිවු මන්දතීවූ මන්නාරම වැනි තැන්වල ස්ථිර රැකියා ලබා දීමේ වැඩ පිළිවෙලක් හදමු. මෙවැනි මහතුන්ව 5 දෙනෙකුගේකුගේ කණ්ඩායම් ගත කොට ස්වයන් වියාපාර වලට වෙළදාමට යොදවන්ද රාජ්‍ය සේවය නම් දෙන්ඩ එපා. රටම ඉවරයි.රජය සේවයට බඳවා ගත යුත්තේ අවුරුදු 26 දී පමණ විනය ගරුක ප්ද්ගලයින් පමණයි.
අද මිනිස්සු මේ සමාජේ වෙන දේවල් තේරුම් ගන්න තරම්වත් ශක්තියක් නෑ කියල තේරෙනවා අදහස් දකිද්දී.1.උපාධිධාරීන් බදවා ගැනීමේ වයස කියන්නේ උපාධිය උපාධිය ලබාගත්ත වසර නෙවේ.වයස 35 වෙනකන් කැම්පස් හිටිය කියන්න කොහොමද? 28න් උපාධිය අරගෙන රැකියා විරහිත උපාධිධාරීන් විදියට හෝ රැකියාවක් ලැබෙනකන් වෙනත් ස්වයන් රැකියාවක් කල අයත් එහෙමද? 2.රැකියාව ගත්ත ගමන් පෙන්ෂන් ගිය කියල එහෙම පෙන්ෂන් ලැබෙන්නේ නැ.ඊ.පී.එෆ්. වගේ රජයේ සේවකයටත් ඩබ්.එන්.ඕ.පී. කියල ගානක් කපනවා.එකේ අගය, සේවය කල කාලය බලල තමා පෙන්ෂන් දෙන්නේ.පින් පඩිය වගේ පොඩි පෙන්ෂන් එකක් ලැබෙන්නේ සේවා කාලය අඩු උනාම.