1971 දී බල පත්‍රයක් නොමැතිව කුලී රියක් පැදවු හතලිස් හැවිරිදි රියදුරකු වන එච් පී ඩි නිර්මිසේන (83) වරෙන්තු පිට සිටියදී වසර 43 කට පසු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඔහුගේ වයස සළකා සානුකම්පිත හේතු මත අවවාද කැර ඔහු නිදහස් කළේය.
මේ නඩුව පවරා තිබුණේ මහනුවර පොලීසියෙනි. නඩුවට නොපැමිණිම නිසා වසර හතලිස් දෙකක් තිස්සේම ඔහුගේ වරෙන්තුව අහෝසි වී නොතිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රකිත් තාම මොන්ටිසෝරිද යන්නේ ? (ස)
මේ වරෙන්තුකරු වෙනුවන් පෙරකදෝරුතුමෙක් ඉදිරිපත් වුණේ නැද්ද? (නි)
විශිෂ්ඨ ක්‍රියාවක්.මේවා ලෝකේ කාටවත් පුළුවන් දේවල් නෙවේ .. අපේ පොලිසියෙන් ලේසියෙන් ගැලවෙන්න බැ....(ස)
ඒ කාලේ එහෙම වුණාට දැන් තියෙන නව තාක්ෂණ දියුණුවත් එක්ක පොලිසියට කට්ටි පැනලා එහෙම ලේසියෙන් ගැළවෙන්න අමාරුයි (නි)
කුඩු කන්ටේනර් ගෙන්වන අය, බාලඅපරාධකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, සමුහ ඝාතකයෝ නිදැල්ලේ තැබුවාට කමක් නැහැ. මෙවැනි බරපතල අපරාධයක් කළ මේ පුද්ගලයා අවුරුදු හතලිස් ගණනක් මහන්සිවී අත්අඩංගුවට ගත්තාට අපේ ප්‍රණාමය! (නි)
පොලිසියට වෙන නැද්ද වැරදි කරපු අය අල්ල ගන්න. මේවා තම කෝලම් කියන්නේ. (ස)
නන්දන පනාගොඩ, කොහොමද අනේ එහෙම කට්ටිය අල්ලන්නේ? (නි)
නිලක්ෂ, මොන්ටිසෝරියට තමයි ඒ අයව ආපහු යවන්න වෙන්නේ. ඔයාවත් එක්ක. ඇයි බීමතින් රිය පදවන අයට කැමතිද? (ස)
අර යකඩ වගයකට සම්බන්ද කෙනාව නම් තාම අල්ලන්න බැරි උනා. (නදී)
ගිහාන් අපේ පොලිසියේ කැපවීම නේ (දිල්)
පොඩි මිනිහව තමා හැමෝටම පෙන්නේ. ලොකු අයට ඕන දෙයක් කරලා නිදහසේ ඉන්න පුළුවන් මට දැන් මුකුත් මතක නෑනේ කියල.(දිල්)
වරෙන්තු නිකුත් කරලා තාම අවුරුදු දෙකක් වෙන කෙනෙකුත් ඉන්නවා. ඒ හින්දා එයාව තව කල් තියනවා අල්ලන්න. (නි)
යමක් නොකර සිටිනවාට වඩා ප්‍රමාද වී කිරීමයි වැදගත් (නි)
සමහරු නම් වරෙන්තු දෙකක් අතේ තියාගෙන පොලිසියේම ලොක්කෝ එක්ක ඡායාරූප වලටත් පෙනී හිටිනවා. ඔන්න ආශ්චර්යය! (නි)
කමක් නැහැ,එහෙමහරි ඇල්ලුවානේ... (නි)
මනුතාපය මතක් වුනා. (ස)
පොලිසිය විහිළු සපයන තැනක් වෙලා. (ස)
අර යකඩ සම්බන්ධ ප්‍රශ්නයේ වරෙන්තුව තවම තියෙනවා නේද? අල්ලන්න බැරි ඇයි? (නි)
යකඩ හොරා තවමත් නිදැල්ලේ ඉන්නවා, රජයේ ආයතනයට වැඩටත් යනවා, රතී ඉහලම තැනටත් යනවා මේවගේ අසරනයෙක්ව ඇල්ලුවාට තෝරු මෝරු අල්ලන්න මෙයාල හරිම බයයි වගේ.(අ)
යකඩ යක්කු අල්ලන්ඩ තහනම්. (අ)
නන්දන, කොහොමද ජීවත්වෙන්නේ (අ)
සැකකරු විපක්ෂයටවත් ගියාද දන්නේ නැහැ.(නදී)
හරියට ලොකු දෙයක් වගේ. කෝ අර කුඩු කන්ටෙනේර් ගෙනාපු අයට මොකද උනේ ? (නදී)
මිය යාමට පෙර සියලු ගනු දෙනු අවසන් කළ යුතු යැයි සිතා එම රියදුරු මහතාම පොලීසියය ඇවිත් භාර උනාද දන්නේ නැහැ. (අ)
නීතියෙන් පල යා හැක. නමුත් සැඟවිය නොහැක. (අ)
සන්තෝසේ බැරුවා (ස)
මේ කාලයේ සුල මුල සොයා ගන්නට කිසිම අපරාධයක් වත් , අල්ල ගන්නට කිසිම අපරාධකරුවෙක් වත් නැති නිසා, පසුගිය ශතවර්ෂයේ අපරාධ ගැන දිගටම සුපරික්ෂාකාරී වීම කෙතරම් හොඳයි ද ? ( දිල්)
වැරදි නොකර හිටියානම් ඔය මොකුත් නැනැ (ස)
අගය කළ යුතු තීන්දුවක් (අ)
නිර්භිත පොලිස් නිලදරින්ට ජාතියේ. ප්‍රණාමය. (අ)
පොලීසියේ ඉන්නේ මොනවගේ අය ද කියල කියන්න හොඳම උදහරණය තමයි මේක, පොලිස් කාරයෝ කරන ජරා වැඩ වලට හෙනම ගහන්න ඕන (ස)
ශ්‍රී ලංකා පොලිසි මාර පොලිසියක්. නියම විදිහට නිතය ක්‍රියාත්මක කරනවා. (නදී)
අනුරුද්ධ කෙන්ටෙනේර් ගෙනාපු කෙනා ඔය අපුරුව තවත් වැජබේන්නේ මහ ජනතාව ඉදිරියේ ? . මේක තමයි අද ශ්‍රී ලංකාව. (ස)
ඔය වගේ නඩු ම අහ අහ හිටියම හරි (ස)
පොලිස්! පොලිස්! යකඩ හොරෙක් වරෙන්තු පිට ඉන්නවා (ස)
අර වරෙන්තු පිට ඉන්න හොරා බය වෙලා සුළු දිය පිටවෙනවා කියලත් ආරංචියක් තියෙනවා (ස)
ආඩම්බර වෙන්න...!! බලන්න කොච්චර දක්ෂ පොලිස් දෙපාර්තුමේතුවක් ද අපට ඉන්නේ කියලා.දශක හතරකට පස්සේ වරෙන්තු කරු ඇල්ලුවා කියන්නේ ලේසි වැඩක්ද.අනේ දෙයියනේ.! (ස)
මේවගේ නිති ගරුක පොලිසියකට අර ප්‍රසිද්ධ වරෙන්තු කාරයා පේන්නේ නැත්තේ ඇයි ......(ස)
එයා පෙනි පෙනී නොපෙනී යනවාලු. ඒ නිසා අල්ලන්න බැරුව තමයි ඉන්නේ (නි)
යකඩ හොරු අල්ලන්න තව කල් තිබෙනවා .පොලිසියේ පොත නැතිවන්නේ නැහැනේ. අලි හොරු අල්ලන්නත් තියෙනවානේ... (නි)
මට දවසක් අහන්න ලැබුනා ගම්පහ පැත්තේත් හොඳ ප්‍රසිද්ධ වරෙන්තුකාරයෙක් පොලිසියෙන් අල්ලලා කියලා. බලනකොට ඒක දවල් හීනයක් (නි)
අර හම්බන්තොටදී මන්ත්‍රීලට බිත්තර වලින් ගහපු නිල්පාට ලේන්සුවක් ඔලුවේ බැඳපු "බිත්තර මාමා " අල්ලගන්න මේ පොලිසියට බැරි වුණානේ... අන්තිමට අහුවුණේ සෙල්ලම් පිස්තෝලයක් අරගෙන වරාය භුමියේ සෙල්ලම් කර කර හිටපු කෙනෙක්. මේ පොලිසියට බිත්තර මාමා අල්ලන්නත් අවුරුදු 40 වත් ගතවේවිද? (නි)
මෙයින් පැහැදිලි වෙන දෙය තමයි දැනට වරෙන්තු තිබිලත් වරප්‍රසාද නිසා අත් අඩංගුවට පත් නොවෙන අය යම් දවසක නීතියට යට වෙන බව. අන්න එදාට අවවාද කරලා සමාව නොදෙන්න තිබුනොත් ලොකු දෙයක්. (නි)
මෙවැනි බරපතල අපරාධකරුවෙකු අල්ලා පොලීසිය කළේ ඉතාම හපං කමක්..!අනික අවුරුදු අසූවක් කියලා හිතන් නැතුව හංගපු ලයිසම හොයන්න රැගෙන ගියා නම් හරි (අ)
අපේ පොලීසිය ඔහොම ගිහින් එකදාස් අටසිය ගනන් වල හිටපු අපරාධකාරයොත් කුදලගෙන එයි. (ස)
මටත් ඔහොම දෙයක් වුණා. අවුරුදු 15 ට පෙර රථවාහන වරදකට නඩු දාලා මම දන්නෙත් නැහැ. වරෙන්තුවක් ආවා. සිතාසි බාරදෙන්න මාව හොයාගන්න බැරිවුණාලු. අන්තිමට නොකළ වරදකට දඩ ගෙවලා ආවා. නඩු කිව්වා නම් වියදම වැඩියි. අපේ පොලිසි වල ඔහොම දක්ෂ නිලධාරීන් ඉන්නවා. (නි)
මේ අත්අඩංගුවට ගැනීම අහම්බෙන් සිදු වූ දෙයක් හැටියටයි මට පෙනෙන්නේ. මිනීමැරීම්, මංකොල්ලකෑම්, ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ වැනි දරුණු අපරාධ කර පොලිසියට කට්ටි පනිමින්, ලොකු ලොකු අය පිටිපස්සේ නිදැල්ලේ ඉන්න අපරකාරයින්ව අල්ලන්නකෝ. (නි)
මහේස්ත්‍රාත්තුමා ගැන සතුටුයි (නි)
එතකොට බීමතින් රිය පදවා උසාවියේ නඩු තියෙන ඇත්තන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද? (නි)
ලෝකයේ හොඳම පොලිසියට හිමි සම්මානය මෙවර හිමිවන්නේ මොන රටටද? (නි)
අද රටේ වෙන දේවල් හැටියට මේවා මොනවාද? මේ විනිසුරුතුමාට මගේ ප්‍රණාමය !! (නි)
අපේ පොලීසිය ගැන මට හරි ආඩම්බරයි. (නි)
පොලිසියට පෙනෙන්නේ මේ වගේ අහිංසක වැරදි තමා. වරෙන්තු පිට ඉන්න මන්ත්‍රීවරු එහෙම පෙනෙන්නෙම නැහැ (නි)
1971 වසරේ නඩුවක් එන්නේ දැන්නම් 2014 නඩුවක් එන්නේ කොයි කාලේද කියලා කියන්න බලන්න (නි)
අපේ රටේ පොලිසිය දක්ෂයි. (නි)