මාලදිවයිනේදී එරට වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම හා සුහද තරගයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම අද (1) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණි. දෙරට අතර සුහද තරගය ලබන ඉරිදා (3) ”මාලේ” නගරයේදී පැවැත්වේ. දෙරට අතර දෙවෙනි සුහද තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණයවී තිබේ. නාවලපිටිය ජාතික ක‍්‍රීඩා සංකීර්ණය විවෘත කිරිම නිමිත්තෙන් එම තරගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ මෙම 14 වැනිදාය. එහෙත් එය මෙතෙක් ස්ථිරවී නැතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි. ගුවන් හමුදා ක‍්‍රීඩකයන් පස් දෙනෙකු සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මාලදිවයිනේ තරග සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම:- නිපුන දේවේන්ද්‍ර බණ්ඩාර, සංජය ගුරුගේ, කවිඳු ඉෂාන්, චතුරංග ප‍්‍රනාන්දු, එමානුවෙල් රොහාන්, හර්ෂ ප‍්‍රනාන්දු, චතුරංග සංජීව, මොහොමඞ් රම්ලාන්, එරංග ප‍්‍රසාද්, චලන චමීර, හෂාන් චන්ද්‍රරත්න, මොහොමඞ් පර්හාඞ්, තරිදු එරංග, මොහොමඞ් හකීම්, පිටර් චාල්ස්, සුජාන් පෙරේරා, දසුන් පරණවිතාන, මංජුල ප‍්‍රසන්න, මොහොමඞ් වසීම්, මධුෂාන් ද සිල්වා හා මොහොමඞ් අලීම්. නිලධාරීන්:- කළමනාකරු වසන්ත වික‍්‍රමසිංහ, පුහුණුකරු සම්පත් පෙරේරා, සහාය පුහුණුකරු ඔස්ලි ස්ටෙන්වෝල්, ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ලලිත් වීරසිංහ හා සම්භාහක එස්.එන්.පී.කේ. සිල්වා
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd