ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 15 න් පහළ (බාලක/බාලිකා) හොකී තරගාවලිය අද (12) සිට මේ මස 15 වැනිදා දක්වා මාතලේදී පැවැත්වේ. තරගාවලියේ මුලික වටයේ තරග මාතලේ කෘතීම හොකී ක‍්‍රීඩා සංකීර්ණය, බර්නාඞ් අලූවිහාරේ සහ මාතලේ එඞ්වඞ් යන ක‍්‍රීඩාංගනවලදී පැවැත්වේ. මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 33 ක් සහ බාලිකා කණ්ඩායම් 27 ක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ අවසන් තරග මේ මස 15 වැනිදා පස්වරු 2.00 සිට මාතලේ කෘතීම හොකී පිටියේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ බාලක ශුරතාව මාතලේ ක‍්‍රිස්තුදේව විදුහල විසින් ද, බාලිකා ශූරතාව කොළඹ මියුසියස් විදුහල විසින් ද දිනා ගන්නා ලදී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර බාලිකා ජාතික පාසැලේ හොකී කණ්ඩායමට අපෙගේ සුභ පැතුම්! කඵතර බෝ සමිදු පිහිට ලබා ජය ගැනීමට හැකිවේවා!