ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධවීමට බොහෝ දෙනකුගේ විශේෂ උනන්දුවක් ඇතැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන මත විමසීමට පත්කළ කමිටුවේ මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් එහි සභාපති ලාල් විජේනායක මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ 229 දෙනෙක් වාචිකවත්, විද්‍යුත් තැපැල් මගින් 340 දෙනකුත්, ෆැක්ස් මගින් 70 දෙනකුත්, ලිපි මගින් 200 දෙනකු ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා චෝදනා ඉදිරිපත් කර ඇතැයිද අනෙකුත් දිස්ත්‍රික්ක වලද අවම දින 2ක කාලයක් ප්‍රසිද්ධියේ අදහස් විමසීමට යොදා ගන්නා බවත් ඒ මහතා කීවේය.
මේ පිළිබඳ ආගමික නායකයන්, වෘත්තිකයන්, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත බවත් විජේනායක මහතා සඳහන් කළේය. ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල හරහාද මෙයට අදහස් යෝජනා ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඬි හත් දෙනාගේ කැද හැලියක් වෙයි ද (බ)
මොන අදහස ආවත් පෙඩරල් ගැන නම් හීනෙන්වත් හිතන්න එපා. (නි)