ජාතික හෙළ උරුමයේ 11 වැනි සංවත්සරය අද මහරගම දී පැවැත්වුණු අතර ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් නොකළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී තුන්වන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේදී හෙළ උරුමයේ සහාය දෙනුයේ කාටදැයි මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියෝ කීහ.
මෙහිදී කරුණු හතකින් යුත් යෝජනාවලියක් සම්මත කර ගැනුණු අතර රාජ්‍ය පාලනය, සංස්කෘතිය, බෞද්ධ සිංහල උරුමය ආදී කරුණු එමඟින් ඉස්මතු කර තිබුණි. සංවත්සර සැමරුම වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 10 කුත් ගෙවුනා. තාම ධර්ම රාජ්‍යය හදාගන්න බැරිවෙන්න ඇති. තව කොච්චර කාලයක් ඕනෙද අපේ හාමුදුරුවනේ? (නදී)
මහින්ද මහත්තය බලයට එන එක නතර කරන්න කාටවත් බැහැ,,ඒ මේ රටේ බහුතරය තාමත් එතුමාව විශ්වාස කරන නිසා..මේ කප්පන් ගන්න උත්සහ දැරීමේ අවසාන ප්‍රතිපලය හෙළ උරුමය ඉදිරියේදී සමජය ඉදිරියේ විහිළුවක් බවට පත් වීම පමණයි. මහින්දව පරදවන්න අවශ්‍ය දෙස් විදෙස් බලවේග වලට ඔක්සිජන් දෙන්න හදන්නේ නැතුව රජය නිසි මගට ගැනීමට උත්සහ ගන්න.නැත්නම් මහින්ද මහත්තය පරදිනවා කියන්නේ පරද්දනවා කියන්නේ ඔබ අපි සැම පැරදීම පමණයි.. (ස)
අවුරුදු 36ක් තිස්සේ අපි විධායක ජනාදිපති ක්‍රමය නමැති හූනියම ඉවත් කරගන්න දඟලනවා.හෙළ උරුමයට එම පිංකම කරන්ට හැකිවේවා. (ස)
ඡන්දේ හම්බවෙයිද?(හේ)
මොනවා කළත් වැඩක් නෑ. මීළඟ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මයි..(ස)
රත්න හිමි කියනවා හෙළ උරුමය ඉල්ලීම් ඉටු නොකලොත් මහින්දව පරද්දනවා කියල. ඔය ඉල්ලන දේ සියල්ල දෙන්න සුදානම් නෑ. ඒක රාජ්‍ය නායකයකුට කරන්න බෑ. එසේනම් තුන්වෙනි අපේක්ෂකයා ද රනිල් බලයට ගෙනෙන්න.එතකොට සංගයට පෙනේවි රට පිවිතුරු වෙන හැටි. (ස)
මහින්ද මහත්තයව හදාගෙන මහින්ද මහත්තයත් එක්ක ගමන යන්නේ නැතුව මේ රටට වින කටින්න බලාගෙන ඉන්න අයට ඒකට ඉඩ ප්‍රස්තා හදල දෙන්න උත්සහ ගත්තොත් අද ඔය නමට හරි තියෙන බලවේගයට මිනිවලත් ඒ එක්කම කපාගෙන වැලලෙන්න තමයි වෙන්නේ..මේවා කරන්න තිබුනේ කලින්.. මේ වෙලාවේ මේ කරන්න හදන්නේ කප්පන් ගැනීමක්.ජාතික මැතිවරණයක උණුසුම දැනෙද්දී කප්පන් ඉල්ලන්නේ සුළු ජාතික අන්තවාදී ජාතිවාදී දේශපාලන පක්ෂ..ඒ තත්වයට හෙළ උරුමය ඇද දමන්න එපා.මේකෙන් කරන්නේ අන්තවාදීන් ජාතිවාදීන් ශක්තිමත් කරවීමක්...මහින්ද මහත්තය බලයට එන එක නතර කරන්න කාටවත් බැහැ,,ඒ මේ රටේ බහුතරය තාමත් එතුමාව විශ්වාස කරන නිසා..මේ කප්පන් ගන්න උත්සහ දැරීමේ අවසාන ප්‍රතිපලය හෙළ උරුමය ඉදිරියේදී සමජය ඉදිරියේ විහිළුවක් බවට පත් වීම පමණයි. රතන හාමදුරුවන්ගේ එදා කරපු කතාව සුදුසු කතාවක් නෙමෙයි.. මහින්දව පරදවන්න අවශ්‍ය දෙස් විදෙස් බලවේග වලට ඔක්සිජන් දෙන්න හදන්නේ නැතුව රජය නිසි මගට ගැනීමට උත්සහ ගන්න.නැත්නම් මහින්ද මහත්තය පරදිනවා කියන්නේ පරද්දනවා කියන්නේ ඔබ අපි සැම පැරදීම පමණයි.. (ස)
ලෙස්ලි කියන පිංකම කරන්න යන්නේ ඩොලර් ගිලින පඹයෝ උඩට ගන්න , හුනියම නිසා පාර්ලිමේන්තුවට අාපු හැටි , වැජඹෙන හැටි මතක නැහැ , රතන සාදු ඕකද අදහන ධර්මය ? (ස)
අඩුම ගානේ නිකාය භේදයවත් නැතිකර ගෙන ඉල්ලුව නම් හොඳයි. (ස)
හොඳ වැඩ පිළිවෙලක්. (ස)
මේ කට්ටියට තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න මිසක් රටේ ප්‍රශ්න විසදන්න ඕනි කමක් නෙමේ. (ස)
අදීන රටක්, සීලාචාර සමාජයක් මේ රජය යටතේ ඒක බිහි කරන්න බැරිවූ බව දැන්ද දන්නේ? එතකොට " බෞද්ධ රාජ්‍යය" ඒකට මොකද උනේ? ඒක දැන් හරිද? අනේ බොරු නොකර ඉන්නවල. හෙට අනිද්දා වෙනකොට මහින්ද මහත්තයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා නොකිව්වොත් මෙන්න කැට. (ස) .
බුදුන් වහන්සේ මුළු ශ්‍රේෂ්ටතම නායකයෙක් වෙලා එදා මිනිසුන්ගේ ජීවිත ගලවාගෙන දුකින් මුදවාගත්ත, ධර්මයේ හැසිරෙමින් ..! චීවරධාරියෙක් රට පාලනය අතට ගත්තොත් මිස, ඔය චීවරයට මුවාවෙලා එලියට පනින්න බලානින්න අයට නම් මේ රට කල්පයකයටවත් ආපසු අදින්න බැරි තරමට විනාශ කරලා ඉවරයි .(අ)
රතන හාමුදුරුවන්ගේ කියමන හරියටම හරි.(හේ)
ඔබ තමයි මේ රට බේරාගන්න පැමිණි දෙවිවරු (නි)
අපිට ආණ්ඩු පෙරලන්න ඕනි නෑ. රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. නැත්තම් සහෝදර සංග්‍රහ, පරපුර සංග්‍රහ, ජාවාරම් හා අනෙකුත් රටට නොහොබිනදේ සිදුවීම් වැඩියි. දැන් පේනවනේ යුද්ධය ඉවර වෙලත් ජිවන වියදම වැඩියි.(හේ)
කාලයක් ටිකක් මැලවිලා හිටියා. දැන් නැවතත් පෙරට ඇවිල්ලා වගෙයි (නි)
මේ රට තුළ නැවත ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
සංඝයා වහන්සේලා බොරු නොකිවුවත්,දේශපාලකයින් නිසා අපිට ඔය කතා විශ්වාස කරන්නම අමාරුයි. (නි)
කොහොම වුණත් ඔය කියන මොන පොදු අපේක්ෂකයත්, බලයට ආවම වෙනසක් නැතිවෙයි. (නි)
රටේ විශාල විනාශයක් කරන්නද කට්ටියම උත්සාහ කරන්නේ? මේකෙන් වෙන්නේ ජාතීන් අතර විශාල ගැටුමක් ඇතිවෙන එක නේද? (නි)
හෙළ උරුමයට අපගේ ප්‍රණාමය! (නි)
සිංහල බුද බලවේගයක් ගොඩනගමු, සුළු ජාතින් ආරක්ෂා කල හැක්කේ එවැනි බල්වෙගය්ක්ටයි. මෙයට මාදුළුවාවේ හාමුදුරුවොත් එකග කර ගතහොත් හොඳයි. අපේ පුර්ණ සහයෝගය වැනි බලවේගයකට පමණයි. දැන් යන හැටි හොඳ ණෑ.
අවසරයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහස්න්සේලා ඇතුළු පිරිවර නිසි වෙලාවට නිසි දෙය කරන බව ලංකික සමාජයම බලහිටිය.. දැන් අනිත් ලාංකිකයන්ට කියන්න තියෙන්නේ රට නැවුම් මාවතකට හරවන්න සුදුසුම කාලය ඇවිත්. අපේ රටේ මිනිස්සුනේ තව තව මේවා බල බලා සුසුම් හලමුද ? නැත්තනම් අපි හැරෙමුද ? මේක දැක්කම මට මතක්වෙන්නේ අර පරණ කියමන. " ඇස් ගෙඩි වලට හෙන ගෙහිලද සිංහලුනේ " කියල .....
රත්න හාමුදුරවො වටා එකතුවෙමු. අනිත් දෙකම අපට වැඩක් ණෑ. උනු වැරදි වලට ජනතාවගෙන් සමාව ගනිමු. කැසිනෝ,තැබෑරුම්, කැරෝකේ සුද්දෝ එපා. (නදී)
ලංකාවේ හැම වෘත්තීය සමිතියක්මත් බොහෝ දේශපාලන පක්ෂත් කල දුටුකල වල ඉහ ගන්න ප්‍රතිපත්තියේ ඉන්න බවක් පෙනේ. ඔය යෝජනා ඉල්ලීම් කරන්න තිබුනේ මැතිවරණයක් ප්‍රකාශ කරන්න කලින්. අර විමල් වීරවංස කළා වගේ. අපි ජාතිවාදී නොවී සියලු ජාතින් එක්වී යලි නැගිටින්න හිස ඔසවන්න පුලුවන් රට බේරාගත හැකි විස්වාසවන්ත නායකයා ආරක්ෂා කරගත යුතුයි (නදී)
ජේ.වී.පියත් අධි තක්සේරුවක ඉඳල තමයි අන්තිමට හොට බිම ඇන ගත්තේ. (නදී)
සිංහලයෝ ඔබලා සමගයි (නදී)
ඔබලා වෙනම ඡන්දෙ ඉල්ලුවොත් අපේ ජනාපති අනිවාර්යෙන් පරදිනවා. එනිසා විපක්ෂයට ඔක්ෂිජන් දෙන්න යන්න එපා (නදී)
ඉතාම හොද වැඩක් වෙනම ඉල්ලන එක. මොකද එතකොට පුළුවන් තමන්ට රට තුල තිබෙන නියම ජන්ද ගනන බලා ගන්න. වඩාත්ම සුදුස්සා වෙන්නෙ රතන හාමුදුරුවො තමයි. මොකද උන් වහන්සේ ප්‍රසිද්ධ චරිතයක්නේ? ප්‍රසිද්ධ වගේම ජනප්‍රියද කියලා දැනගන්නත් පුළුවන් එතකොට. නැත්නම් වාරියපොල කෙල්ල, රත්නපුරේ පොලීසියෙන් ගුටිකාපු ලඳත් ප්‍රසිද්ධයිනේ. ඒත් ජනයා ප්‍රිය කරන්නෙ නැහැනෙ? මම හිතන්නෙ නැහැ අමාත්‍යංශය මාරු කරපු තරහට ප්‍රාඨලී ඇමතිතුමා ඉදිරිපත් වේවි කියලා. හැබැයි පස්සේ අර බංකොලොත් අය වගේ කම්පියුටර් ජිල්මාට් කියන්න නම් එපා. (නදී)
ඔබ වහන්සේලා රට නැවුම් මාවතකට හරවන්න සැරසෙනකොට යුරෝපා සංගමයත් කොටින්ට නැවුම් මාවතක් සොයා දෙන්න උත්සාහ කරනවා. දැනටමත් තහනම ඉවත් කරලලු. විධායක බලතල ඉවත් කරන එක තව ටිකක් පමා කළොත් නරකද ස්වාමින් වහන්ස? (නි)
මොනදේ කළත් අපේ සෝම හාමුදුරුවන් වහන්සේව නම් මේවාට ගාවාගන්න එපා කියලා හෙළ උරුමයෙන් මම ඉල්ලා සිටිනවා. (නි)
ලංකාවේ දේශපාලනය විශ්වාස කරන්න අමාරුයි. දැන් මේකත් ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක් කියලා කවුරුහරි කියන්න බැරි නැහැ. බලන්න වෙන්නේ මොකක්ද කියලා අවසානයේදී. (නි)
රතන හාමුදුරුවනේ, ඔහොම කරන්න එපා (නි)
ඔබ වහන්සේගේ ව්‍යවස්ථාවට අපගේ පූර්ණ සහයෝගය පළකර සිටින අතර ඔබ වහන්සේ රට ජාතිය වෙනුවෙන් ගෙනයන සටනට අපේ ප්‍රණාමය පුදකර සිටිමු (නි)
2550 ක් ඉතිහාසය තවදුරටත් රැකගැනීමට පැමිණි දෙවිවරු. අපි මුලින් රට නැවත වරක් බේරාගෙනම සිල් රකිමු. මුලින් අපේ ලංකා අම්මා බේරාගෙන ඉදිමු අපේ හාමුදුරුවනේ.(හේ)
අපි හැමදාමත් හරි තැන හිටියා. මේ වෙලාව හොඳ අවස්ථාවක් (නි)
මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් (නි)
කෝ මේ සෝභිත හාමුදුරුවොයි එල්ලාවල හාමුදුරුවොයි (නදී)
බලමුකෝ එහෙනම් එහෙමවත් කරලා (නි)
මෙම ආණ්ඩුවට තිබෙන ඡන්ද කැඩීයාමෙන් වෙන කවුරුහරි බලයට ආවොත් මොකද හාමුදුරුවෝ කරන්නේ? (නි)
ශීලාචාර සමාජයක් බිහි කරන්නද කැසිනෝ විවාදේ චම්පික මහත්තයා මුලදී මග හැරියේ (නදී)
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගැටළු සහගත තැන තිබෙනවා. ඔය ගොල්ලෝ ආයෙත් ඇමති පට්ටම් දුන්නාම ආණ්ඩුවේ. (නදී)
රූපවති නැන්දේ , බුදුහාමුදුරුවන් කිසි දිනක දේශපාලනයට හෝ රටේ බලයට කිසිම විදියකින් ගෑවුනේ නැහැ. බුදුන් කලේ මිනිසුන් අතරට ගොස් සසරින් ගොඩ වීම ගැන තේරුම් කරදීමත්, නිවනට මග පාදා දීමත්. මෙකල බුද්ධ පුත්‍රයන් කරන්නේ , රටේ දේශපාලනය සහ තමන් අකමැති රජයන් පෙරලා දෙමිම හෝ තමන් හරි කියනා විදියට ( බෞද්ධ දර්ශනයට පටහැනිව ) කටයුතු කිරීමත් පමණි. බුදුන් වහන්සේ දේශනා කල පරිදි කිසි දෙයක් ස්ථිර නැහැ. මගේ හෝ අපගේ කියා කීමට කිසි දෙයක් නැහැ. ඔක්කොම අස්ථිර දේවල්. එනිසා ඔබ තුමාලට තිබෙන එකම දෙය සිවුරේ සහ බුදු දහමේ ගෞරවය රැකගෙන දේශපාලනයෙන් ඉවත්වී , ජනතාව අතරට ගොස් ජනතාව මත් කුඩු වලින් මත් පැන් වලින් සුදුවෙන් සහ නොකටයුතු දේවලින් දැනුවත් කර ජනතාව නියම බෞද්ධයන් කිරීමයි. මෙය මෙසේ ලිව්වට බොහෝ දෙනෙකුට රිදෙනව බව දනිමි. එහෙත් තිත්ත ඇත්ත මෙයයි. මට සමාවනු මැනවි (නදී)
ඇත්ත වශයෙන්ම ජනාදිපතිවරණය එපා. ව්‍යවස්තා වෙනසක් ඕනා. මැතිවරණය එකවර තබන්ඩ. 17ඕනා. මේවා විය යුතු වැඩ. ජනාදිපතිතුමා ඇහුන්කන් දේවි. හේතුව ජනතාවගේ සාදාරණ ඉල්ලිම් මේවා. අපේ හාමුදුරුවනේ ඔබේ අපේක්ෂකයා අනිවාර්යෙන් දිනනවා. (නදී)
මේවා කරන්න තිබුනේ කලින්. මේ වෙලාවේ මේ කරන්න හදන්නේ කප්පන් ගැනීමක්. ජාතික මැතිවරණයක උණුසුම දැනෙද්දී කප්පන් ඉල්ලන්නේ සුළු ජාතික අන්තවාදී ජාතිවාදී දේශපාලන පක්ෂ. ඒ තත්වයට හෙළ උරුමය ඇද දමන්න එපා. මේකෙන් කරන්නේ අන්තවාදීන් ජාතිවාදීන් ශක්තිමත් කරවීමක්.(නදී)
ජාතික නිදහස් පෙරමුණ(වීරවංස) හෙළ උරුමය තනියම තරඟ කලොත් තමන්ටම බලා ගන්න පුළුවන් තමන්ගේ ඡන්ද ප්‍රමාණය. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට තනියම ඉල්ලුවොත් සන්දානගතව ඇරෙන්න මොකුත් කරන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් නම් තනියෙන් ජනාධිපති වරණයට ඉදිරි පත් වෙලා ඡන්ද ලක්ෂ 10 අරන් පෙන්වන්න. (නදී)
ව්‍යවස්ථා සංශෝධනය කල යුතු දෙයක් උනත් ආගමත් රට පාලනයත් එකට පටලවා ගත්තොත් අපි ඔක්කොම අමාරුවේ. (නදී)
මොන කප්පමක්ද ? බලය තිබෙන අයට තමන්ට ඕන උපාය මාර්ග මැතිවරණය වෙනුවෙන් අරගන්න පුළුවන් නම් ඇයි සුළු පක්ෂ වලට එපා කියන්නේ. (නදී)
මේක ජනාධිපතිවරණය. ඒකවත් තේරෙන්නේ නැද්ද මේ අයට. එජාපෙ පොදු අපේක්ෂකයා හෝ රනිල් එක්ක මහින්ද ගේ තරගය තමා මේක පුරාම තියෙන්නේ. අනිත් ඔක්කොම හොල්මන් අවතාර. සමානුපාත ක්‍රමය ජනාධිපතිවරණයට නැති නිසා මේගොල්ලන්ට දාන ඡන්ද සේරම අපතේ. ඉල්ලන්න ,ඉල්ලන්න එතකොට ඔය මහා බලවේගේ එක්ක කීදෙනෙක් ඉන්නවද කියල ඔය අයටම බලාගන්න පුළුවන්නේ. (නදී)