(මුදිතා දයානන්ද)
ව්‍යවස්ථාව යළි වෙනස් කිරීමට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. එය කළ හැක්කේ ඊළඟට පත්වන ආණ්ඩුවට පමණක් යැයි විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවසීය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10 සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
"අද රටේ තිබෙන දේශපාලන තත්ත්වය ගැන අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතීන්ට හා සියලු ආගමිකයන්ට අද මේ රටේ ජීවත් වීමේ අයිතිය පිළීබඳ සැකයක් මතුවෙලා. ඒක අපිටත් දැනෙනවා.
ආගම ඇදහිමේ නිදහස අහිමි වෙලා. පන්සලකට නිදහසේ යන්න බැහැ. කෝවිලකට නිදහසේ යන්න බැහැ. කිතුණු දේවස්ථානයකට, මුස්ලිම් පල්ලියකට නිදහසේ ගිහින් ආගම අදහන්න බැහැ. හැමෝටම බයෙන් සැකයෙන් ජීවත් වෙන්න සිදුවෙලා.
අවුරුදු තිහක් මේ රට වෙලාගෙන තිබුණු දරුණු ත්‍රස්තවාදී යුද සමයේදීවත් මිනිස්සු මේ තරම් බයෙන් සැකයෙන් ජීවත් වුණේ නැහැ. අද ජීවත් වෙන ජනතාව නෙවෙයි හෙට දවසේ උපදින්න ඉන්න නූපන් දරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුව ගෙදර යැවීමට අපි සියලූ දෙනාටම වගකීමක් තිබෙනවා. මේ ආන්ඩුව රට බෙදලා රට විනාශ කරලා ඉවර කරන්න කලින් අපි ඒක කළ යුතුයි" යයිද රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ රටට තියෙන ආදරේ..
එදා කළ කී දේවල් අද අමතක වෙලා. උතුරේ කෝවිල් ගිනි තිබ්බා. දකුනේ පල්ලි ගිනි තිබ්බා. මහානායක හිමිවරුන්ට තර්ජන කළා. මාලිගාවට බෝම්බ ගහනවා කියලා තර්ජනය කරලා වැව රවුම වටේ කාර් රේස් පැද්දා. මිහින්තලේ හාමුදුරුවෝ හිරේ දැම්මා. තක්කඩියන්ට බලය ගන්න ඕනේ වෙනකොට, බලය රැකගන්න ඕනේ වෙනකොට අම්මා අප්පත් පාවා දෙනවා... ඇති තරම් බොරු කියනවා. රවට්ටනවා.
මේ කරන චෝදනා එකක්වත් 2015 ට පෙර ඔබගේ පාලනයේ තිබුනේ නැහැ කියලනේ මේ කියන්නේ.. අනේ ඉතින් දෙයියෝ ඇයි දෙයියාව ජනතාව ගෙදරම යැව්වේ?
ඊළඟ එන්න ඔයාට බැහැ. යන්න ඊළඟ එන්න ඔයාටත් බැහැ. ඔයත් යන්න ඊළඟ කෙනා එන්න. ඔබ මට වැඩකරලා තියෙනවද? කරලා තියෙනවා එහෙම නම් ඔයාට පුළුවන්...
ලංකාවේ මිනිසුන්ට නැතිවී තිබෙන්නේ ඔවුන්ගේ රජවරයායි. ලංකා ඉතිහාසයේ රට ගොඩනැගුනේ රජවරයාට තිබුණු විශ්වාසය මතය. ලංකාවේ විවිධ මත තිබුණද ඒකීයත්වයක් යටතේ ඉදිරියට යා හැක්කේ නාමමාත්ර ජනාධිපතිවරයෙක් නොව පක්ෂ දේශපාලනයෙන් තොරවූ රජවරයෙක් (රජ කියා ලෝකයට කීමට අවශ්‍ය නැත.) හිටියොතින් කියා මට හිතෙන්නේ. විශ්‍රාමලත් හෝ නැවත ජනාධිපති වීමට අකැමති ජනාධිපතිවරයෙක් ආගමික හා දේශපාලන නායකයන්ගේ කැමැත්ත මත මෙම තත්වයට පත්වුනොත් හොඳයි කියා මට හිතෙන්නේ. ආගමික හා සංස්කෘතික කටයුතු වල භාරකාරත්වය එතුමාට බාරදී, පක්ෂ දේශපාලනයෙන් පත්වෙන ජනාධිපතිවරයා ඔහුගේ නිලකාලය තුල රටේ විවිධ ජනකොටස් වලට අසාධාරණයක් නොවීමට ආගමික හා සංස්කෘතික කටයුතු වලින් බැහැර වුවහොත් හොඳයි කියා සිතනවා. ජනාධිපතිධුරය දැරූ පුද්ගලයෙකු නැවත පක්ෂ දේශපාලනය කිරීමෙන් රට ඉදිරියට යෑමක් නොව පසුගාමී වෙනවා කියා මට හිතෙන්නේ. ඔහු දරපු නිලයට ගරුත්වක් ඇතිකිරීමටද, ජීවත් වෙලා ඉන්නකන් කරන්න ආගමික නායකයන්ට වගකිව හැකි වැදගත් දෙයක් තිබුණොත් හොඳයි කියා හිතනවා. නිලකාලය තුළ සිදුවෙන හෘදසාක්ෂියට විරුද්ධ දේවල් වලින් මනස නිරවුල් කර ගැනීමටද පුළුවන් වෙයි කියා හිතනවා.
ජනතාව ඔබතුමාව ප්‍රතික්ෂේප කරන්න එක හේතුවක්... ඔබතුමාගේ කාලේ ඔබතුමා බලය රැකගන්න ව්‍යවස්ථාව ඕනේ ඕනේ විදිහට නැමීම...
රටේ ඊළඟ ජනපති නාගානන්ද කොඩිතුවක්කු...