(නිමල කොඩිතුවක්කු)
දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද සිදු කරන එක නවතා රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලිවලට මුල්තැන දී කටයුතු කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකට අද (24) එක්වෙමින් ඒ හිමියෝ මේ බව කීහ.
“මේ රටේ ජනතාව මේ රජය බලයට පත්කර ගැනීමට මූලික වූ බොහෝ කාරණා තියෙනවා. සමහර දේවල් පිළිබද යහපත් පියවර ගෙන තිබෙනවා. දැන් මේ ව්‍යවස්ථාවක් පටලවා ගෙන මේ වෙලාවේ බෙදිලා අපි මේ රටේ අනෙකුත් දේවල් පිළිබඳ කරන කාර්යන්ට වඩා අපි හිතන්නේ දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ. ඒ නිසා මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද කරන එක නවත්තලා රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලිවලට මුල්තැන දීලා කටයුතු කරන්න.අවශ්‍ය වුනොත් ව්‍යවස්ථාවේ ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තියෙනවනම් කරන්න.
එකක් තමයි ඔය විධායක ජනාධිපති ක්‍රමයට තියෙන අසීමිත බලතල අඩුකරන එක. ඒක දැනටම කෙරිලා තියෙන්නේ. ඊළගට මේ මැතිවරණය වෙනස් වෙන්න ඔන කියන එක. අන්න ඒක දෙන්න. දැන් පළාත් සභාවලටත් ප්‍රදේශීය සභාවලටත් ඒ ක්‍රමය යොදන්න කියලා තවමත් ඒකත් අර්බුදයක තියෙනවා. “යැයි උන්වහන්සේ පැවසූහ.
(ජායාරුප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ව්‍යවස්ථාවක් ඕන
රටේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කොහොමත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා. රටෙක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මූලික නීතිය. ඒක තමයි අනිත් හැමටම පදනම වෙන්නේ.
ව්‍යවස්ථාව කියන එක රටක ඉදිරි දැක්මත් සමගින් වෙනස් විය යුතුයි. එය විද්වත් මණ්ඩලයකින් විමසීම පමණක් ප්‍රමාණවත්. එම නිසා කල යුත්තේ බෙල්ලන්විල නායක හාමුදුරුවෝ කියන ලෙසින් රටේ ප්‍රධාන ප්‍රශ්න ටික දෙස අවධානය යොමු කර එය වේගවත් කිරීමයි.
මහජන නියෝජිතයෝ පත් කරලා තිබෙන්නේ ව්‍යවස්තාව සහ අනෙකුත් දේවල් රටට අවශ්‍ය විදියට නීති ගත කරන්න නේද? වාද විවාද නොකර කොහොමද අනුමත කරන්නේ කුලපති තුමනි?
ව්‍යවස්ථාව ගැන වාද කිරීම නවතන්න කියන්න අයිතියක් නැහැ. අසාධාරණයි.
ලුම්බිණි, පාර්ලිමේන්තු වාර්තා අනුව මන්ත්‍රී බහුතරයක් අපොස සා. පෙ. සමත් නැති අපතයෝ. උන් හදන්න දන්නේ නෑ ව්‍යවස්ථා. මහාචාර්ය බෙල්ලන්විල මාහිමියන් වැනි සිංහල, ඉංග්‍රීසි, දෙමල මැනවින් හසුරුවන ගිහි පැවිදි උගතුන්ට තියෙන විශ්ව දැනුම පාර්ලිමේන්තුවේ ඉන්න අපතයන් බහුතරයකට නෑ.
ජනතාව වන අප චන්දය දුන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න නොවෙයි, රට එක තැනම නැවතිලා ආර්ථිකය පහලටම කඩාගෙන වැටිලා අහස උඩට ණය වෙලා හැම තැනම හොරකම දුෂණය. මේගොල්ලෝ මේ කණ්ඩායමක් සතුටු කරන්න ව්‍යවස්ථාව අල්ලාගෙන දගලනවා, ඊට වඩා හොද නැද්ද උතුරේ අයටත් හොදට ජිවත් වෙන්න වාතාවරණයක් හදල දකුණටත් ඒ සමානම වාතාවරණයක් හදල ණය ටික ටික බේරලා හොරකම දුෂණය අඩු කරලා රට හැම තැනම සංවර්ධන කරලා ආර්ථිකය ඉහලට ගෙනවානම්. මේ ටික කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නැහැ .
ලුම්බිණි නායකයා කියන දේට අත උස්සනවා හැරෙන්නට ඔබ ඔය කියන මහජන නියෝජිතයිගේ ව්‍යවස්ථාවක් ගැන තිබෙන දැනුම මොකක්ද? සියනෑ කෝරලයෙන් ආ පබා හෝ ගීතා කුමාර සිංහ හෝ රන්ජන් ව්‍යවස්ථාව ගැන අදහස් දක්වන්න දැනුමක් තිබෙන අයද? පක්ෂ නායකයින්ටත් උවමනා කතා කොරන අයට වඩා නායකයා කියන දේට අත උස්සන අයයි. රටේ ව්‍යවස්ථාවක් ගැන කතාකලයුත්තේ G Lපීරිස් මාරපන, විජේදාස රාජපක්ෂ වැනි උගතුන්ගේ මිශ්‍රණයක් මිස ගීතා කුමාර සිංහ, දිසානායක, රන්ජන් පබා වැන්න වුන් නොවේ.
චන්ද්‍රා ඔබ මොනවාද මේ කියන්නේ ව්‍යවස්ථාව ගැන වාද කිරීමට අයිතියක් තිබෙනවානම් ව්‍යවස්ථාව ගැන වාද කිරීම එපා කීමේ අයිතියකුත් අනික් පාර්ශවයට තිබෙනවා.
ප්‍රජාතාන්ත්‍රික විදියට වැඩේ යනකොට ඔය වාද විවාද පටන්ගන්න රුකුල් දුන්නේ ඔබ වහෙන්සේලම නේද ?
රටක රජයේ සංවර්ධන සැළසුම් අවශ්‍යතාව අනුව ව්‍යවස්ථාවක් කාලීනව සංශෝධනය වීම අත්‍යාවශයයි. ඒ සංවර්ධනය හා සමාජ සහජීවනය අරමුණු කරගෙන. හැබැයි එවැනි යෝජනාවලියක් ප්‍රථමයෙන් මහජනතාවට ඉදිරිපත් කළ යුත්තේ පවතින රජයයි. නමුත් අද එවැනි යෝජනාවලියක් නිල වශයෙන් රජය මහජනතාවට ඉදිරිපත් කරල නැහැ. ඉතින් මොකටද විවාදයක්? ඇරත් මේ රටේ බහුතර ජනතාව ව්‍යවස්ථා සංශෝධන මිසක නව ව්‍යවස්ථාවක් පක්ෂ දෙකෙන්ම ඉල්ලුවෙ නැහැ. මහජනතාවට අනවශ්‍ය ව්‍යවස්ථාවක් වෙනුවෙන් මොකටද විවාදයක්?