ව්‍යවස්ථාදායක සභාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස ඇමැති පාඨලී චම්පික රණවකද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස ඇමැති විජයදාස රාජපක්ෂ මහතාද නම් කර තිබේ.

අගමැති හා කථානායක නියෝජිතයා ලෙස ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතාද යෝජනා කර ඇත.

අගමැති, විපක්ෂ නායක හා කථානායක නිල බලයෙන් මේ කමිටුවේ සාමාජිකයෝය.

අගමැති හා විපක්ෂ නායක නියෝජනය නොවන පක්ෂයක සාමාජිකයකුද බ්‍රහස්පතින්දා නම් කිරීමට නියමිතය.

මේ අතර කමිටුවේ සිවිල් සාමාජිකයන් ලෙස සර්වෝද නායක ඒ.ටී.ආරියරත්න, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නියෝජිතවරියකවූ රාධිකා කුමාරස්වාමි හා හිටපු නීතිපතිවරයකු වන සිබ්ලි අසීස් මහත්වරුන්ද පාර්ලිමේන්තුවෙන් පත්කිරීමට නියමිතය.