
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අදාල කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදුන්නේය.
ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත භාර දෙනු ලැබීය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ ත්‍රීපාර්ශව බලය කියන්නේ .අනේ මුන් එක්ක පුලුවන්ද රටක් හදන්න ?