ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (22) සිට පූර්ණ ලෙස ස්ථාපිත කර තිබේ. එහි සාමාජිකයන් සංඛ්‍යාව 10කි.
මෙයින් 7 දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.
ඒ අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් මෙසේය.
(1) කතානායක කරු ජයසූරිය (සභාපති)
(2) පාඨලී චම්පික රණවක ( ජනපති නියෝජිත)
(3) විජයදාස රාජපක්ෂ
(4) ජෝන් සෙනෙවිරත්න
(5) අගමැති රනිල් වික්‍රමසිංහ
(6) විපක්ෂ නායක ආර්. සම්බන්ධන්
(7) විජිත හේරත්
(8) සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න
(9) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය ලේකම් රාධිකා කුමාරස්වාමි
(10) හිටපු නීතිපති ශිබ්ලි අසීස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් රට නිවැරදි මඟට වැටුනා. කොහොමද මෛත්‍රී රනිල් සුංයෝගය හොඳයි නේද? ජය වේවා! (නි)
මේ ව්‍යවස්ථා සභාවෙන් වත් ආගමික නීති ,වාර්ගික ජනපද පිහිටු වීම් නැවතී රටේ සියලු දෙනාටම එකම නීතියක් යටතේ ජිවත් වීමට හැකියාව ලැබේවිද, (හේ)
ලක්ෂ 58ක සැබෑ විපක්ෂ නියෝජනයක් මෙතන තිබේද? (නි)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
හොඳ දෙයක් බව මගේ අදහසයි. නමුත් මේ උදවියට නිදහසේ තීන්දු තීරණ ගන්න ඉඩලැබෙයිද දන්නෙ නැහැ. කොහොම නමුත් අගය කරමි. යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙමි. (නි)
මේ ආණ්ඩුවෙන් නම් කිසි කෙනෙකුට ස්වාධීනව වැඩ කරන්න ලැබෙන්නේ නැහැ සම්බන්දන් මහතා ට ඇරෙන්න , එතුමා නම් තම ජනතාව වෙනුවෙන් අගනා සේවයක් කරාවි (අ)
මෛත්‍රි , රනිල් චද්‍රිකා සුසංයෝගය හොදයි හැබැයි අපිට නොවේ අර අනෙක් රටේ කල්ලියට , ඉන්දියාවට , ඩයස්පෝරාවට , යුද්දෙන් අවතැන් වූ විනාශ වුනු අයට (අ)
යහපාල මහත්තයෝ ලක්ෂ 58 කිවුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඡන්දද? නැත්නම් මුළු (අනෙකුත් පක්ෂ ඇතුලත්ව) විපක්ෂයේම ඡන්දද? (බ)
පාට පාට කන්නාඩි පැළඳ ගෙන හෝ පරණ තුවාල පාර ගෙන හෝ නොව මේ යහපත් ඉදිරි ගමනට මිත්‍රශීලීව සුබ පතමු. මේ දහදෙනාම අවංකව වැඩ කරන බව අපි ප්‍රශ්න කිරීමකින් තොරව ඉවසීමෙන් බලා හිඳිමු. (බ)
කොටකෙතන කාන්තාවන්ගේ ඝාතකයින් සොයන්න පුළුවන් වෙයි නේද (ම)
මට නම් පොඩි හරි පැහැදීමක් තියෙන්නේ රනිල් අගමැතිතුමා ගැන විතරයි (නි)