ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ දී අද (05) පැවැත්විණි. එහිදී මෙහෙයුම් කමිටුවක් පත්කරනු ලැබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරනු ලැබීය.
මෙහෙයුම් කමිටු සාමාජිකයෝ -
· ලක්ෂ්මන් කිරිඇල්ල
· නිමල් සිරිපාල ද සිල්වා
· රාවුෆ් හකීම්
· විජයදාස රාජපක්ෂ
· සුසිල් ප්‍රේමජයන්ත
· රිෂාඩ් බදියුදීන්
· පාඨලි චම්පික රණවක
· ඩී.එම්. ස්වාමිනාදන්
· මනෝ ගනේෂන්
· මලික් සමරවික්‍රම
· ආර්.සම්බන්ධන්
· අනුර කුමාර දිසානායක
· ඩිලාන් පෙරේරා
· දිනේෂ් ගුණවර්ධන
· ජයම්පති වික්‍රමරත්න
· එම්.ඒ.සුමන්තිරන්
· තුසිතා විජේමාන්න
· බිමල් රත්නායක
· ප්‍රසන්න රණතුංග
· ඩග්ලස් දේවානන්ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති - කරු ජයසුරිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරු -
· තිලංග සුමතිපාල
· අඩෛක්කලනාදන්
· කබීර් හෂිම්
· සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ
· තිලක් මාරපන
· මහින්ද යාපා අබේගුණවර්ධන
· නලින්ද ජයතිස්ස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිට්රෝ ගැස් සමාගම විසින් ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවන්නේ ඔවුන් සැපයුම් කරුවන්ට ලබා දෙන්නේ දින දෙකකි. කළුතර හෝ හලාවත ලියාපදිංචි සැපයුම් කරුවන් මෙම ටෙන්ඩර් වලට සාම්පල් සමග මිල ගණන් ඉදිරිපත් කරන්නේ කෙසේද?මොවුන් සැමදාම මෙම ටෙන්ඩර් මගඩිය සිදු කරනු ලබයි. පැමිණිලි කිරීමට කිසිවකු නොමැත. සභාපතිවරයා ආයතනයට පැමිණෙන්නේද බොඩි ගාඩ්ලා පිරිවරාගෙනය. මෙම ආයතනය ඇත්තටම දූෂිතම ආයතනයකි. (බ)
පරණ අයටම අලුත් පුටු ! (ර)
පුටු වැඩිවීම රටට අමතර බරක්ද.? (ර)
මන් මේ බලන් ඉන්නේ මේකට ඒකා බද්ධවිපක්ෂය මොනාද කියන්නේ කියල. (ර)
මේ අයට අලුත් විදිහට හිතන්න බැහැ. තමන් ගේ පක්ෂ රැකගන්න සහ ඒවායේ ඇති ගතානුගතික ක්‍රම රැක ගැනීම ඔය අයගේ මුලික අරමුනයි. මේ සඳහා දේශපාලකයන් නොවන දේශපාලනය දන්නා විද්වතුන් බහුතරයක් යොදා ගන්න ඕන. අපේ දේශපාලකයෝ දන්නා දේශපාලනයක් ගැන නම් අපිට කිසිම විස්වාසයක් නැහැ. (ර)
හිටපු ජනපති මහින්දට පුටුවක් නැද්ද ? (ම)
දෙමල මුස්ලිම් හැම ජාතියකම අය ඉන්නවා ..(ර)
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉතිහාසය දියාරු කිරීම සඳහා නම් කටයුතු කරන්න එපා (නි)
ඔය හොඳට තනතුරු දුන්නම ගන්නේ. (ර)
මොන ව්‍යවස්ථාදායක සභා පත් වුනත් වැඩක්නම් තාම කෙරුණේ නෑ.(හේ)
සුදුසුකම මන්ත්‍රීවරයෙක් වීම පමණක්ද?(හේ)
හැම පක්ෂයකම අය ඉන්න එක හොඳයි. නැත්නම් එක පක්ෂයකට අවශ්‍ය විදිහටනේ ඕක හැදෙන්නේ. විශ්වාසයක් තියාගන්න පුළුවන් වගේ. කොහොමටත් මේක තමා අවසාන අවස්ථාව. (නි)