නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ ව්‍යවස්ථා මණ්ඩලය අද පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය සඳහා පත් කැරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවක් අනුව පසුගිය මාර්තු 9 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම ඇතුළු නව යෝජනා රැසක් ව්‍යවස්ථා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
ඒ අනුව එම මණ්ඩලය අද පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුල්වරට රැස්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ ගොස්තරවාදීන් නොවන,සත්‍යයට ගරු කරන, අපරාද කරුවන් නොරකින, සිංහල රටේ සිංහල අයිතිය අනාගතයටත් රැකෙන ,කාටත් සුවසේ ජිවත් විය හැකි, එකම පක්ෂයේ අය මනාපය සදහා මරා නොගන්න ව්‍යවස්ථාවක් සම්පාදනය වේවා. එහෙත් දැනට පත්කර ඇති අය අනුව එවැනි යවස්ථාවක් බිහිවෙවිද?(හේ)
රටට ඕනේ ඇති නැති පරතරය නැති කරන ව්‍යවස්ථාවක්.මේ දේශපාලන පක්ෂ මොනවා කරන්න ගියත් තමන්ගේ පෞද්ගලික ලාබය ඉස්සර කරගන්නවා.හොඳම උදාහරණය පහුගිය අය වැය.අනික ඇමතිකමේ කෑලි බෙදා ගන්න මරාගන්න අය බලය බෙදන්න කැමති වෙයිද. එ්ක නිසා මේක නිකම්ම පුස්සක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. (බ)