නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව ලබන සඳුදා (11) කොළඹ දෙක විසුම්පායේ දී රැස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඉදිරියේ දී මහජන අදහස් විමසීම සිදු කරන ආකාරය ගැන එහි දී තීන්දු තීරණ ගැනීමට නියමිතය.
මෙම කමිටුව සඳහා මේ වන විට 20 දෙනකු පත් කර ඇති අතර තවත් හතර දෙනකු පත් කිරීමට නියමිතය.
කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතාය.
නීති විශාරදයන් හා දේශපාලන පක්ෂවල නියෝජිතයයෝ ද එම කමිටුවේ සිටිති. මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙතෙක් නම් කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්/ විමල් නොඑන හැඩයි.... නොඑන එක තමා හොඳම වැඩේ. එතැනට ඇවිල්ල බහුභූත, වාචාල දොඩවනවට වඩා එහි වැඩ කරණ අයට එම කටයුතු හොඳින් කාර්යක්ෂමව කරගෙන යාමට ඉඩ දීම හොඳ අදහසක් !!!! (කෞ)
ගුරුවරුන්ට බටර් කේක් ගෙනගොස් නමය පන්තිය සමත් වුණු අයගෙන් ව්‍යවස්ථාවට උපදෙස් ගන්න අවශ්‍ය නැත .(අ)
අපේ විමල්ට නම් ඉතින් මොන ව්‍යවස්ථාද? (නි)
අනේ වාසනාවන්! (නි)
අපි බලමුකෝ... (නි)