කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදීමේ සිද්ධියේ චෝදනා ලැබ සිටින වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික මහතා අද(31) උදෑසන නීතිඥයකු මාර්ගයෙන් ගොකරැල්ල පොලිසියට බාර විමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.