වයඹ හා මධ්‍යම පළාත් සභා නව ඇමැතිවරු අද දිවුරුම් දුන්හ.
වයඹ පළාත
දයාසිරි ජයසේකර - (මහ ඇමැති) මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, පරිසර, සංචාරක, ආයෝජන සම්බන්ධීකරණ, සමූපකාර සංවර්ධන සහ ආහාර සැපයුම් හා බෙදාහැරීම්
සන්ධ්‍ය සමන්ත කුමාර රාජපක්ෂ - වයඹ පළාත් කෘෂිකර්ම, ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන
ගුණදාස දෙහිගම - වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල සහනිවාස හා ඉදිකිරීම්
එච් එම් ධර්මසිරි බණ්ඩාර හේරත් - වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන
මධ්‍යම පළාත් සභාව
සරත් ඒකනායක - (මහ ඇමැති) මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම් හා වාණිජ, ආහාර සැපයුම් හා බෙදාහැරීම් කටයුතු සහ ආයෝජන සම්බන්ධීකරණ, වෙනත් අමාත්‍යංශයක් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ යන විෂයයන්
බී එස් බණ්ඩාර යාලෙගම මහතා - මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන සහ පරිවාස හා ළමා රක්ෂක සේවා
රාමසාමි මුත්තයියා මහතා - මධ්‍යම පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික කටයුතු සහ වතු යටිතල පහසුකම්
එදිරිවීර වීරවර්ධන මහතා - මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම්
ටී එම් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා - මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා , ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් ආ අය හිතාගෙන ඉන්නේ උතුරු පළාත ශ්‍රී ලංකාවට අයිති නැහැ කියලා. (නි)
මේ තරම් තනතුරු අරගෙන ෆයිල් එකක්වත් කියවන්න වෙලාවක් තියෙනවද? (නි)
වැඩිම මනාප ගත් කෙනාට මොකද වුණේ? (නි)
අපිට ඇති වැඩක් තියෙනවාද (දී)
හා.. සීල, කලබල වෙන්ඩ එපා. අනේ අපොයි පුංචි අනුරාධට වෙච්ඡ දෙයක්.
ගරු ජනාදිපති තුමනි.ඔබ වහන්සේ මින් ඉදිරියට චන්දේ පවත්වන්න එපා.මහා සල්ලි නාස්තියක්. ඔබ තුමාම ඔය පත්වීම් කරන්න!.
දැන් ඉතින් වැඩ තමයි ඕනා දයාසිරි මහත්තයා. .(නදී)
අයියෝ රනිල් මහත්තයෝ
කියනකොට, 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජය '. නමුත් ජනතා කැමැත්ත ගෑවිලාවත් නැහැනේ. පුදුම රටක්! (නි)
දයාසිරි මහ ඇමතිතුමෝ, පරිස්සමින් මොලෙන් දෙන්න. නැත්නම් අමාරුයි (නි)
දයාසිරි මහා ඇමතිතුමෝ, නැව් එන්නේ නැති වරායවල්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපළවල් වයඹ පළාතේ නම් හදන්න දෙන්න එපා..ඔන්න කලින්ම කිව්වා හොඳේ ... (නි)
මාටින් අයියා,සරා,ගාමිණී,පියල්,මහින්ද ඔයාලා හරි. මට වෙන අදහසක් දාන්න විදියක් නැහැ. (නි)
මෙදා පාර මොකටද එන්නේ? සමහර තැන් වලදී නම් සම්ප්‍රදාය කඩකරලා වගේ. ඔහොම යමු! (නි)
මේ කල්පනාවෙන් වැඩ කළයුතු කාලයයි (නි)
මධ්‍යම පළාතට වගේ උතුරටත් ඔය වගේ තීරණයක් ගත්තොත් හොදයි. ඔන්න හමුදාවක් නැතුව වැඩ පෙන්නන්න පුලුවන් නම් අවස්ථාවක්. (නි)
කදුරට දිවියා, කැලේ සුන්දරත්වය බුදලේට ලියලා දීල නැහැ. මට පෙනෙන්නේ පුල්ලි නැති කොටියෙක්ම තමයි. (නි)
ගමගේ - ජාතිවාදී විදිහට පිළිතුරු දෙන්න තරම් මගේ අදහස් වල ඇති වැරැද්ද මොකක්ක්ද? අපේ තොප්පි කවදාවත් හැරෙන්නේ නැහැ ඔහෙලා වගේ මෝඩයෝ මෝඩ කියමන් කිව්වට. අපි හැමදාම එකම ස්ථාවරයේ තමා ඉන්නේ. හැරෙන්න අපි නොවේ ඔයාල වගේ නූගත් අය. කොටිය ගහන අපි ලාංකිකයෝ, එක මවකගේ දරුවෝ, වාද නැතේ, භේද නැතේ කියල බයිලා ගහලා ජනාධිපති තුමාගේ පිහිටෙන් යුද්ධය අපි දිනලා රට එක්සත් කරන උත්සාහයට බාධා කරන, ජාතීන් අතර අසමගිය හා ක්‍රෝධය ඇතිකරන ඔයාල වගේ අය තමා එහාටත් මෙහාටත් හැරෙන්නේ. කිසිවක් ධනාත්මකව හිතන්න දන්නේ නැති මෝඩයෝ. ඕවා නූගත් හා නැහැදීච්ච කම්. නුවර කියන්න ඉතාමත් බුද්ධිමත් ජාතීන් සමගියෙන් ජීවත් වෙන නගරයක්. හැබැයි නගරය පහුවෙලා යනකොට කැලේ එහෙම තිබෙනවා. (නදී)
තරුණයන්ට තැන දෙනවයි කිවුවට මධ්‍යම පළාතට "තාරුණ්‍යයට හෙටක්" නැතුවා වගෙයි. (නි)
දයාසිරි ඇමතිතුමෝ වයඹ අධ්‍යාපන ලොක්කෝ ටික ඔබ තුමාට මාර ලනු දෙයි. පරෙස්සමින් හොදේ.(නදී)
සරත් ඒකනායක හා එදිරිවීර වීරවර්ධන මහතාට අපේ සුබ පැතුම් !!! (නි)
වැඩිම මනාප අනුරාධට, දෙවෙනියට එදිරිට එතකොට සරත් මහා ඇමැති. සමහර කියන්නේ වාසගම හින්දලු. හුරේ ඔහොම යන්. (නදී)
දයාසිරි ජයසේකර මහතා වයඹ ඡන්ද රැස්වීම් වලදී " බඹර වගේ " ගීතය ලස්සනට ගායනා කළා. එම ගීතයේ " සල්ලි නැතේ - මට පිච්චි නැතේ" කියන කොටස ඉදිරියේදීත් එලෙසින්ම ගායනා කරන්න හැකිවේවායි පතමි!, (නදී)
රටේ ඉහලම පුද්ගලයන් ඉන්න මහනුවර නගරෙය් හරි හමන් බස් නැවතුම් පොලක් වත් හදාගන්ඩ බැරි උනා මෙතුවක් කාලෙකට. කැබිනට් ඇමතිවරු කී දෙනෙක් නම් ඉන්නවද ? තනතුරු වලට මරාගන්නවා කොහොම හරි රටේ පාලනය පවුල් අතර බෙදෙනවා කියල හොදටම පෙනෙනවා. මෙයාලට ඡන්දය දෙන අපි තමයි මෝඩ. (නදී)
මධ්‍යම පළාතට නම් කළ වැඩේ කැතයි. මේක සම්පූර්ණයෙන්ම මහජනතාවට හතුරුවීමක්. මිනිස්සු එපා කියපු අය ආයෙත් පත්කළ එක නම් වැරදියි. (නි)
මම නම් කියන්නේ ගත්ත තීරණය හරියටම හරි. මධ්‍යම හා වයඹ දෙකටම සුදුසු අයතමා පත් කලේ. මනාප ගණන බලනවාට වඩා හැකියාවට මුල්තැන දියයුතුය. කවුරු මනාප වැඩිය ගත්තත් ඉදිරිපත් වුන මුල්ම මැතිවරණයෙන් ඇමතිකම්. මහා ඇමතිකම් දුන්නොත් නියමට තියේවි. මෝඩ තර්ක ඉදිරිපත් කරන යට කියන්න කැමතිය අත්දැකීම් බහුල අයට සෑම විටම මුල්තැන දීම ගොඩක් වටිනවා. මමත් නුවර නිසා සරත් ඒකනායක මැතිතුමා ගැන දන්නා නිසා කියන්නේ. දයාසිරි මැතිතුමාටත් උණුසුම් සුභපැතුම්.(අ)
මධ්‍යම පළාත ඔය මහ ඇමතිගෙ බුදලයක්ද ,ඡන්ද දායකය ප්‍රතික්ෂේප කරනවා නම් මොකටද හැම සැරේම මෙයාට දෙන්නේ .එහෙමනම් අඩු මනාප මහ ඇමති ධුරයට සුදුසු කමක්..(නදී)..
මේක මහජන මතයට පයින් ගැසීමක්. මම කියන්නේ මධ්‍යම පළාතේ. (නි)
අනුරාධ දක්ෂයෙක් වගේම නිහතමානී කෙනෙක්.
හල්ලෝ ගෆුර් , අපිත් නුවර තමා. ඔහේල ඉතින් තොප්පිය හැරෙන පැත්තටනේ. කව්රු උනත් අසාධාරණය හෙලා දකින්න ඕන.(නදී)
"තාරුණ්‍යට හෙටක්" හම්බන්තොටට විතරයි වගේ.(නදී)
කෝ අනුරාධ? කෝ ජොහාන්? (නි)
කෝ අරයා දිවුරුම් දෙන්නේ කවුරු ළඟද? (නි)
ඔන්න දැන් බලාගන්න පුළුවන් කොච්චර කැපවීමකින් ජනතාවට සේවය කරනවද කියලා. (නි)
සුභපතනවා හැම දෙනාටම (දී)
මනාපේ එති වැඩේ මොකක්ද.මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහය කියල මගේ පුංචි මොලේට තේරෙන්නේ. දන උගත් කෙනෙක් පුලුවන්නම් මේක තේරුම් කරලා දෙනවනම් නිදහස් චින්තකයෙක් විදිහට. (දී)