වයඹ පළාතේ සියලුම පාසැල් ගුරුවරුන්ට ඉගැන්වීම් සිදු කරන විට දුරකතන භාවිතය සම්පුර්ණයෙන්ම නැවැත්වීමට සියලුම කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන් හරහා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දි ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ද්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවසීය
මෙතෙක් කලත් නීතියට පමණක් සීමා වි තිබු මෙම දුරකතන භාවිතය තහනම් වීම සක%sය ලෙස ක%sයාත්මක කිරිම කරන බවත් ඉගැන්වීම් සිදු කරන විට ගුරුවරුන් තම ජංගම දුරකතන භාවිතා කිරිම සම්බන්ධයෙන් පළාතේ සෑම ප්‍රදේශයකින්ම පැමිණිලි ලැබීම හේතුවෙන් දරුවන්ගේ යහපත හා ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව සලකා බලා මෙම පියවර ගත් බවත් ඇමතිවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් කාලය තුල මොනම ජංගම දුරකතනයක්වත් පාවිච්චි කිරීම ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද සපුරා තහනම් කලයුතුය. (ර)
මෙම තහනම ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුයි. බොහොම කාලෝචිත ක්‍රියාවක්. (ම)
කතාවෙන් නොව ක්‍රියාවෙන්ම කරන්න. (ර)
අදහස නම් හොඳයි එත් කොපමණ දුරට ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි?(හේ)
මෙය කළ යුතුව තිබුනේ බොහෝ කලකට පෙර. වයඹ පමණක් නොව රට පුරාම මෙම නීතිය ගෙන ආ යුතුයි. (හේ)
ඉතා හොද දෙයක්. නැත්නම් ළමයින්ට උගන්නන නැතුව ෆෝන් එක කනේ ගහන් ඉදිවි (ම)
පාසල තුල පමණක් නොව පොදු ස්ථාන වල ජංගම දුරකථනය භාවිතය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.(හේ)
ඉතාම වැදගත් තීරණයක් ලංකාව සෑම පාසලකම කරන්න. (ර)
එ්ක තමා හැමතැනම වෙන්න ඕනෑ (නි)
මෙය කළ යුතුව තිබුනේ බොහෝ කලකට පෙර. අපි ඉන්න අමෙරිකාවේද මෙම නීති ක්‍රියාත්මක වෙනවා. මම උගන්නනකොට සෙල්ෆෝන්එ ක රින්ග්නො වුණොත් පන්තියෙන් එලියට දානවා. මම සෙල්ෆෝන් එක නැතිව තමයි පන්තියට යන්නේ. (බ)