මෙරට ඉතිහාසයේ වසර 20කට පසු පසුගිය ජූනි මාසයේ දී ආර්ථිකයේ අවධමනයක් වාර්තා වී ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්‍ෂව මෙම වසරේ ජූනි මාසයේ දි භාණ්ඩ මිල ඉහළයාම හෙවත් උද්ධමනය සියයට 0.2කින් පහත වැටී ඇති බව එනම් අවධමනයක් සිදුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අද (31) ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
සක්කරයාගේ මල්ලී වයිමාටවත් කරන්න බැහැයි කියා බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කී දේ වත්මන් රජය සහ හර්ෂ ද සිල්වලා විසින් සිදු කර පෙන් වූ බව ද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබමල් රේණුවක් තරම් වත් මොලයක් නැති බව ඔප්පු කළා. (නදී)
"හර්ෂ ද සිල්වලා විසින් සිදුකර පෙන් වූ බව" හර්ෂ ද සිල්වා මහතාම කියා සිටියාට වඩා වෙන කෙනෙක් ලවා ඕක කියාගත්තා නම් නේද හොඳ? කතාව ඇත්ත නම් මා ගරුකරන පුද්ගලයෙක් හැටියට ඔබ තරමක් නිහතමානි වුණා නම් තමයි හොඳ. (නි)
අපටත් දෙන්නකෝ මහ බැංකුවෙන් ජොබ් එකක් (නදී)
මම හිතුවේ නැහැ කවදාවත්ම හර්ෂ වගේ ආර්ථික විශාරදයෙක් මේ කතාව කියයි කියලා. රටක අවධමනයක් වෙන්නේ ආර්ථික පරිහානියකදී. සංවර්ධනය වන රටක මිනිසුන්ගේ අතට එන ආදායම වැඩිවෙන නිසා මිල ස්භාවයෙන්ම ඉහළ යනවා. ඒ කියන්නේ හර්ෂට අනුව ලංකාවේ සංවර්ධනය පසුගිය දින 100 දී ඇනහිටලා. (නි)
අද අපේ රටේ දේශපාලකයෝ සහ දේශපාලනයට සම්බන්ධ සමහර විද්වතුන් (හිටපු)කියන කරන දේවල් දකිනවිට හරිම දුකක් ඇතිවෙනවා. මොකද තමන්ගේ සුඛවිහරණය උදෙෂා, ලාභ ප්‍රයෝජන තකා, තම ගෞරවය , නම්බුව පමණක් නොවේ වෘත්තීය ගෞරවය පවා කෙළෙසන හැටි පෙනෙනවා. සමහර පුද්ගලයින් උඩුයටිකුරු වෙලා වගේ හැසිරෙන්නේ. මෙහෙම දේවල් අපේ දරුවන් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට දෙන පුර්වාදර්ශද මේ කියලා හිතෙනකොට අපේ රට සහ අපි ගැන පුදුම වේදනාවක් දැනෙන්නේ. (නි)
හීනෙන්ද ? (නදී)
මහා බැංකු සභාපතිගේ නම වයීමද? (නදී)
මෙතුමාගේ දැනුමෙයි භාවිතාවයි අතර තිබෙන පරස්පරය රේල් පීලි දෙකක් වාගේ. (නදී)
මෙයා හැබැයි බොරුවට කියවන කෙනෙක් නෙවෙයි (නදී)
පුදුම ආර්ථික විශේෂඥයෙක්නේ මෙයා. මෙන්න රට පාලනය කරන්න ඉන්න මිනිස්සු! (නි)
එජාපයේ සිටින මහා ආර්ථික විශේෂඥයාගේ දණුමේ තරම පෙර මාසයට වැඩිය උද්ධමන වේගය, මිල වැඩි වීමේ වේගය දශම 0.2 ක අඩුවීම අවධමනයක් මිල වැඩි වීමේ වේගය අඩුවීමක් නොව සමස්ත මිල මට්ටම් අඩුවීම දැකීම මගින් පාර්ලිමේන්තුවට යන සියල්ලගේ දැනුම මොට වන බව සක් සුදක් සේ පැහැදිලි කොට ඇත අහෝ.. කරුමයක මහත...(නදී)
සත්‍යා, ඔයා දන්නවද අවදානම කියන්නේ මොකක්ද කියල? අවදානමක් ඇතිවෙන්නේ මොන දේවල් නිසාද කියල? මෙතන කමෙන්ට් වල දිහා බැලුවම පේනවා මේ රටේ ඕන බොරු දේශපාලකයෙකුට රට වැසියා රවටන්න පුළුවන් කියල. හර්ෂ වගේ ආර්ථික විද්‍යංඥයෝ හැම තැනම ඉන්නවා.(නදී)
ජනිත්ගේ අදහස් කියවල හිනා යනවා. අලුත් ආර්ථික විද්‍යාවක් ජනිත් හදල වගේ (නදී)
මෙහෙමත් දේශපාලකයෝ? එක ඇමති කෙනෙක් කියනවා තෙල් ලැබුනා කියලා. තව ඇමති කෙනෙක් කියනවා ගෑස් ලැබුනා කියලා. දැන් කියනවා අවධමනයක් වුණා කියලා (නි)
බන්ධුල ඉතින් රුපියල් 2500 න් ගෙවල් වල අටු කොටු පිරෙව්වනේ. බන්ධුලගේ කාලෙනේ මේ රටේ කුපෝෂණය වැඩිවුනේ. කොච්චර කන්න හම්බුවුනාද කිව්වොත් ගෙදර ඉන්න මීයෝ හොයා ගන්න බැරිව ගියා. කානු බතින් බුලතින් පිරුණා. මියෝ ගෙවල්වල නැත්තෙන් නැත්තට නැති වුනා. ඒ වගේ ස්වර්ණමය යුගයක් තමයි බන්ධුලලා මේ රටට ඇති කරලා තිබ්බේ.(නදී)
ඒ වුණාට 2500 කින් මාසෙක වේල පිරිමහගන්න පුලුවන්. (නි)
නොදන්නා දේවල් කතා කරන්න එපා මහත්වරුනි. ආර්ථික විද්‍යාව ඉගෙනගෙන කතා කරන්න. දන්නා දෙයකට විතරක් කතා කරන්න. (නදී)
මිනිස්සු පොහොසත් වුණා කියන්නේ දුප්පත්කම නැතිවුණා කියන එක නොවෙයි. මොකද ධනවතුන් බිහිවෙන්නේ දුප්පතුන්ගේ (ශ්‍රමය) සුරාකෑමෙන් බව ඉතිහාසයෙන් ඔප්පු වී තිබෙන නිසා. භාණ්ඩ මිළ පහත වැටුනා කියා සමස්ත ජනතාවගේ ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් නොකරන්නේ ඔය කියන මිළ දර්ශකයේ පහත වැටීමට සාපේක්ෂව පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියද වැඩිවුණොත් පමණයි. ඔය කියන 0.2 න් පෙන්නුම් කරන්නේ අවධමනයක් නොව උද්ධමනය තරමකින් පහත වැටීමක් වෙන්න පුළුවන්. අවධමනයක් ඇතිවන්න නම් උද්ධමනය බින්දුවට බැසිය යුතුයි. උදාහරණයක් ලෙස ජර්මන් වර්ගයාගේ ජනගහණ වර්ධනයක් නැත්තේ එය බින්දුවෙන් පහළ පවතින නිසයි. (නි)
ලංකාවේ ඉන්න ආණ්ඩුවේ අයට වැටුප් ගෙවන්න ඔබතුමන්ලාට මුදල් කොහෙන්ද? (නි)