වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ රාගම බටුවත්ත දුම්රිය පොළ අසල දුම්රිය හරස් මාර්ගයේ දී කැබ් රථයක් ගැටීමෙන් පියා පුතුන් දෙදෙනා හා එක් දියණියක එම ස්ථානයේ දීම මරණයට පත්ව, මව සහ බාල දියණිය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මීගමුව මහ හුණපිටියේ ව්‍යාපාරික රාජ් කුලතුංග ධර්මසිරි (43) (පියා), රාජ්කුලතුංග හර්ෂ තරිඳු (19) (පුතා) , රාජ් කුලතුංග ලහිරු සාලිංග (14) (පුතා) සහ රාජ්කුලතුංග අංජලී ප්‍රබුද්ධි (21) (දියණිය) මිය ගිය බව පොලිසිය කියයි.
වෙල්ගම ආචාරිලාගේ තුෂාරිකා සිල්වා (35) (මව) සහ රාජ් කුලතුංග තරුෂි මධුෂාණි (12) (දියණිය) තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබසැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! තරුණ ජීවිත ගොඩක් (නි)
නිරපරාෙද් වටිනා ජීවිත දිනපතා දුම්රිය හරස් මං කියන මර උගුල්වලට බිලිෙවනවා. ලොක්කෝ තවම බයිලා කිය කිය ඉන්නවා. එක මිනිහෙක්වත් නැද්ද මර උගුල් වලට විසඳුමක් දෙන්න (නදී)
කණගාටුයි! (නි)
මේ සිද්ධිය ගැන ගොඩක් කණගාටුයි.(හේ)
මේ හතර දෙනා දිවි පුදා කියාදුන් පාඩම ඔබ සැමට අවබෝධ වේවා! (දිල්)
නොඉවසිලිමත්කම නිසානේ මේ හැමදේම (නි)
කණගාටුයි! අපිට.(හේ්)